විමන්සා ඉනිශියේටිව් : ප්‍රතිපත්ති සංවර්ධන හා උපදේශක සමූහය විසින් කෙරෙන ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය පිළිබඳව කතිකාව

veemansa logo
  • විදේශීය පාර්ශවයන්ගෙන් ලබාගත් ණයහි තත්වය ; අප ගමන් කරමින් සිටින්නේ විසදුමක් වෙතද? නැතිනම් අර්බුදයක් වෙතද?
  • 2021 වර්ෂයේදී පෙළගැස්වෙන අන්තර්ජාල සාක්ච්ඡා (  Webinars)

තිරසාර සහ පරිපූර්ණ සංවර්ධනයක් වෙනුවෙන් කතිකාවක් ඇති කිරීමේ අරමුණ පෙර දැරිව ආරම්භකල විමන්සා ඉනිශියේටිව් – ශ්‍රී ලාංකීක ප්‍රතිපත්ති සම්පාදකයන් සහ උපදේශක වරුන්ගෙන් සැදුම්ලත් සමූහය, විසින් පවත්වනු ලබන ප්‍රථම අන්තර්ජාල සාකඡාව ( Webinar) , “විදේශීය පාර්ශවයන්ගෙන් ලබාගත් ණයහි තත්වය ; අප ගමන් කරමින් සිටින්නේ විසදුමක් වෙතද? නැතිනම් අර්බුදයක් වෙතද?” , 2021 පෙබරවාරි 24 උදෑසන 10.00 සිට පැවැත්වේ.

මෙම අන්තර්ජාල කතිකාව ප්‍රමුඛ පෙලේ සමාජ ජාලාවල මෙන්ම විමන්සා ඉනිශියේටිව් නිල වෙබ් පිටුව ඔස්සේද් වෙබ් විකාශය කරනු ඇති.

මෙම කතිකාවේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා මහබැංකු අධිපති දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා විසින් සිදුකිරීමට නියමිතයි. ආචාර්ය නිෂාන් ඩි මෙල්, ආචාර්ය රවි ලියනගේ, සුමනසිරි ලියනගේ මහතා යන විද්වතුන්ගෙන් සැදුම්ලත් සාකච්ඡා මණ්ඩලය මෙහෙයවනු ලබන්නේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසිනි.

 




 

ශ්‍රී ලංකාව විදේශීය පාර්ශවයන්ගෙන් ලබාගෙන ඇති ණයහි තත්වය, නවමු, විකල්ප කෝණයන්ගෙන් විශ්ලේශනය කිරීම තුලින් උද්ගතව ඇති අර්බුදය මැඩලීමට ප්‍රතිපත්ති නිර්දේශ උත්පාදනය කිරීම මෙම කතිකාවේ ප්‍රධාන අරමුණයි.

විමන්සා ඉනිශියේටිව් මගින් වාරාය නගර ව්‍යාපෘතිය ආශ්‍රිත වාස්තු විද්‍යාත්මක මානයන්, තිරසාර බල ශක්ති සංවර්ධනය, රටතුල පවතින වසංගත තත්වය හමුවේ දිලිදුබව ඉහලයාම වැනි වර්තමානයෙ උද්ගතව ඇති ගැටලු අලෙලා සාකච්ඡා මාලාවක් පැවැත්වීමට සැළසුම් කර ඇත. මෙම සාකච්ඡාවලට සම්පත් දායකයින් ලෙස ජාත්‍යන්තර සහ දේශීය විද්වතුන්, විවිධ කර්මාන්තවල ප්‍රවීණයන් සහ වෙනත් ප්‍රතිපත්ති සහ විමර්ශන ආයතන සහභාගී වීමට නියමිතය​.

ඒ අතර  සාම්ප්‍රදායික මානයන්ට අභියෝගයක් වෙමින් නවමු මානයන් ඔස්සේ ප්‍රතිපත්ති විශ්ලේශනයෙහිලා තරුණ ප්‍රජාවට ඉඩහසර ලබාදී ඔවුන් රජය, බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශවීය ආයතන විසින් පවත්වාගෙන යන ව්‍යාපෘති සඳහා සම්පත් දායකන් සහ උපදේශකවරුන් ලෙස කටයුතු කිරීමට ඔවුන්ට මග පෙන්වීම සඳහා වේදිකාවක් සකසා දීමටද විමන්සා ඉනිශියේටිව් පිඹුරුපත් සකසා ඇත

මෙම අන්තර්ජාල සකච්ඡාව සමග එක්වීමට විමන්සා ඉනිශියේටිව් පාර්ශවකාර සැමට ඇරයුම් කර සිටින අතර ලියාපදිංචිය සඳහා පිවිසෙන්න Facebook page: – https://www.facebook.com/Veemansa-101970975254803.

වැඩි විස්තර සඳහා : 0773660520 ඔස්සේ ලක්ස්මන් සිරිවර්ධන මහතා, කළමනාකාර අධ්යක්ෂක, විමන්සා ඉනිශියේටිව්

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව