වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke Food Fest ජා-ඇල සහ Coke Kottu Beat Party මිනුවන්ගොඩ වර්ණවත් කරයි

6 (LBN)

රසවත් ආහාර, පැමිණ සිටින්නන් කුල්මත් කරන සංගීතය සහ හිතේ හැටියට කොකා-කෝලා භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙමින් Coke Food Fest ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දෙදින වර්ණවත් කළේය. එය ආහාරවලට සහ සංගීතයට දැඩි ඇල්මක් දක්වන්නන්ට ද ආශ්වාදජනක හා විනෝදජනක සති අන්තයක් විය. එම අත්දැකීම තවත් තීව්‍ර කරමින් Coke Kottu Beat Party එවැනිම වින්දනීය සන්ධ්‍යාවක් ගත කිරීමට සැප්තැම්බර් 7 වෙනිදා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ජනතාවට අවස්ථාව ලැබුණි. රස නහර පිනායන ආහාර, නොයෙකුත් කොකා-කෝලා පාන වර්ග සහ මියුරු සංගීතය හා නර්තනයන් ඇතුළු වස්ති, Kaizer, හනා, ආදිත්‍යා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු සහ Midlane සංගීත කණ්ඩායම සමඟින් අමතක නොවන අත්දැකීමක් විඳගැනීමට එදින ජනතාවට අවස්ථාව උදා විය.


 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව