
ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Clogard විසින් දත් සහ විදුරුමස් ශක්තිමත් කිරීම සඳහාම විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද Clogard Natural Salt නව මුහුණුවරකින් පසුගියදා වෙළෙඳපල වෙත හඳුන්වා දෙන ලදී. වයස අවුරුදු 10ට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන්ම එක් දරුවෙක් විදුරුමස් ආශ්‍රිත ගැටලුවකින් පෙළෙන බව සහ සමස්ත ජනගහනයෙන් 50%ක පමණ ප්‍රමාණයක් විදුරුමස් රෝගවලින් පීඩා විඳින බව ජාතික මුඛ සත්කාර සමීක්ෂණය මඟින් පෙන්වා දී තිබේ. මෙම තත්ත්වය මැනවින් අවබෝධ කරගනිමින් නිෂ්පාදනය කර ඇති Clogard Natural Salt විදුරුමස්වල නිරෝගි බව වෙනුවෙන් ක්‍රියාකාරී විසඳුම් සපයන මෙරට එකම දන්තාලේප සන්නාමය වේ.
නවතම Clogard Natural Salt නවීන දන්ත විද්‍යාවේ මෙන්ම සාම්ප්‍රදායික දැනුමේ කදිම සංයෝගයක් වන අතර ෆ්ලෝරයිඩ් හි නවීන විද්‍යාත්මක ගුණයන් හා ස්වභාවික ලුණුවල ඇති ප්‍රතිබැක්ටීරීයා ගුණ එකතු කරමින් එය නිෂ්පාදන කර තිබේ. සායනිකව තහවුරු කරන ලද සුරක්ෂිත දන්තාලේප නිෂ්පාදනයක් දැරිය හැකි පහසු මිලකට පාරිභෝගික ජනතාව වෙත පිරිනැමීම සඳහා Clogard දක්වන මහඟු කැපවීම මේ ඔස්සේ තවදුරටත් තහවුරු කරන අතර දෛනිකව Clogard Natural Salt භාවිත කිරීම මඟින් මුළු පවුලේම විදුරුමස්වල නීරෝගි බව සහතික කරමින් සවිමත් දත් දෙපළක් ලබා දෙයි. නිරෝගිමත් විදුරුමස් රෝස පැහැයෙන් යුක්ත වන අතර එම වර්ණය නිරූපණය වන පරිදි Clogard Natural Saltහි නවතම ඇසුරුම රෝස පැහැයෙන් නිර්මාණය කර තිබීම සුවිශේෂීත්වයකී.
Clogard Natural Salt නැවත වෙළෙඳපල වෙත හඳුන්වාදීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් සුවිශේෂී වැඩසටහන් මාලාවක් දියත් කිරීමට සැලසුම් කර ඇති අතර එහි සමාරම්භක වැඩසටහන පසුගියදා Havelock City Mall හි දී සාර්ථකව පැවතිණි. මෙම සුවිශේෂී වැඩසටහනේදී නිරෝගි විදුරුමස්වල සහ දන්ත සෞඛ්‍යයේ වටිනාකම පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම උදෙසා ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබිණි. එහිදී පූර්ණ පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී ජංගම දන්ත වෛද්‍ය සේවා බස් රථයක් ක්‍රියාත්මක වූ අතර ඒ හරහා නොමිලේ මුඛ පරීක්ෂාව සහ උපදේශන සේවාව ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබිණි.
මීට අමතරව ඩ්‍රෝන උපකරණ උපයෝගී කර ගනිමින් Clogard Natural Salt නවතම ඇසුරුම එළිදක්වමින් ආකර්ෂණීය සංදර්ශනයක්, ඡායාරූප ගැනීම සඳහා අපූරු පසුබිමක් මෙන්ම කුඩා දරුවන්ට සහ වැඩිහිටි පිරිස වෙනුවෙන් විනෝදජනක ක්‍රීඩාවන් රැසක් මෙහිදී සංවිධානය කර තිබුණි. මෙහිදී නවතම Clogard Natural Salt නිෂ්පාදන ඇතුළු ත්‍යාග රැසක් දිනාගනිමින් මෙම නවතම නිෂ්පාදනවල අත්දැකීම විඳගැනීමට ද මෙම වැඩසටහනට සහභාගීවූවන්ට අවස්ථාව උදා විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් Hemas Consumer Brands හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිණී චතුමිණි කරුණාතිලක මෙසේ සඳහන් කළාය.“Clogard Natural Salt, ශක්තිමත් දත් දෙපළක් සහ විදුරුමස්වල නිරෝගී බව සහතික කිරීම වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කරන ලද නිෂ්පාදනයක් වන අතර එය නිසැකවම පාරිභෝගිකයා වෙත විශ්වනීය විසඳුමක් පිරිනමනවා. සාම්ප්‍රදායික දැනුමේ සහ නවීන දන්ත වෛද්‍ය විද්‍යාවේ මනා සම්මිශ්‍රණයක් ලෙස සකසන ලද මෙම නිෂ්පාදනය විදුරුමස් රෝග ඇතිවීම වැළැක්වීම සඳහා පමණක් නොව දිගුකාලීනව යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා ද උපකාරී වෙනවා. මුඛ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකාරී පියවරක් ගැනීමට Clogard Natural Salt ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වමින් තම සන්නාමයේ පොරොන්දුව ද අඛණ්ඩව ඉටු කරනු ලබනවා.”
වසර 30කට නොඅඩු පළපුරුද්දක් සහ FDI ලෝක දන්ත සම්මේලනයේ අනුමැතිය හිමි Clogard, ෆ්ලෝරයිඩ් සහ ස්වාභාවික ලුණු වල ප්‍රබල සම්මිශ්‍රණය සමඟ හඳුන්වා දෙන ලද සිය අද්විතීය නිෂ්පාදනය තුළින් දෛනික දන්ත ආරක්ෂාව පිළිබඳ පැහැදිලි පණිවිඩයක් සපයන අතර මුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරයි. සාම්ප්‍රදායික දැනුම සහ නවීන විද්‍යාත්මක ක්‍රමවලින් පරිපූර්ණ Clogard Natural Salt දන්තාලේපය හරහා විදුරුමස්වල නිරෝගි බව සහ ශක්තිමත් දත් දෙපලක් ශ්‍රී ලාංකිකයන් වෙත සහතික කරයි.