ශ්‍රී ලංකාවේ අති දැවැන්තම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 මෙවරත් ජුනි 27 වැනි දින සිට 29 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Asia Exhibition & Conventions (Pvt) Ltd (AEC) විසින් අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කරනු ලබන මෙම අභිමානවත් මෝටර් රථ ප්‍රදර්ශනය දැනටමත් පුළුල් පිළිගැනීමක් සහ ජනප්‍රියත්වයක් ලබා ඇති අතර, මෙවරද දහස් ගණනක් නරඹන්නන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහිදී ඔවුන්ට මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රධාන පෙළේ සමාගම්වල නියෝජිතයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇත.
මෝටර් රථ කර්මාන්තයේ නවෝත්පාදනයන් සහ වේගවත් වර්ධනය පිළිබඳව මහජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීම සඳහා, දේශීය හා විදේශීය ක්ෂේත්‍ර විශේෂඥයන්ගෙන් සමන්විත මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස් ප්‍රදර්ශනය කිරීමට මෙවන් අවස්ථාවක් නිර්මාණය කිරීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. පසුගිය වසරේදී මෙම ප්‍රදර්ශනයට ආකර්ශනීය සහභාගීත්වයක් ලැබුණු අතර, නරඹන්නන් 75,000 ඉක්මවා ගිය බව සංවිධායකයෝ පවසති. මෙම ප්‍රදර්ශනය එකම ස්ථානයකින් බොහෝ දේ ලබා ගැනීමට හැකිවන පරිදි සංවිධානය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කිරීමට මෙය නිසැකවම ඉවහල් වනු ඇත.
එකම වහලක් යටට ලෝකයේ නන් දෙසින් විවිධ සැපයුම්කරුවන් වෙතින් නිෂ්පාදන ගෙන එමින් වසර ගණනාවක් පුරා ශීඝ්‍රයෙන් දියුණු වූ මෙම ප්‍රදර්ශනය ඔස්සේ, අප මෝටර් රථ ක්ෂේත්‍රයට අඛණ්ඩවම නව මානයක් එක් කර ඇති බව සංවිධායකයෝ වැඩිදුරටත් පවසති. ගෝලීය කර්මාන්ත ප්‍රමිතීන් කරා ප්‍රගතිශීලී ප්‍රවේශයක් නිර්ණය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ‘අඛණ්ඩතාව, කාර්යක්ෂමතාව, දැනුමේ ශක්‍යතාව සහ තිරසාරත්වය‘ වැනි දේ පිළිබඳ හැඟීමක් ලබා දීම ද ඉලක්කය වී ඇත.
මෙම වසරේ හවුල්කරුවන් සහ අනුග්‍රාහකයන්:
- ප්‍රධාන අනුග්‍රාහකයා: GAC (Automobile Technologies Pvt Ltd)
- ප්‍රධාන අනුග්‍රාහකයා: Yadea – Abans Auto
- සහය අනුග්‍රාහකයන්: Hero – Abans Auto, Evolution Auto, Euro Motors
- නිල බැංකු සහකරු: CDB
- නිල ආරෝපණ සහකරු: SLAM Power Solution
කලාපයේ ඉදිරියෙන්ම සිටින මෝටර් රථ ප්‍රදර්ශනය වශයෙන් සැලකෙන GAC Colombo EV Motor Show 2025 මෝටර් රථ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදකයන්ට, බෙදාහරින්නන්ට සහ විශේෂඥයන්ට ඉතා වැදගත් අවකාශයක් සකස් කර දෙන අතර, ඔවුන්ට නවීන නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනය කිරීමට හැකි වේ. මේ ඔස්සේ සිය නිෂ්පාදන මිලදී ගැනීමට සූදානමින් සිටින ගැනුම්කරුවන් වෙත සහ මෝටර් රථ කෙරෙහි ඇලුම් කරන පාරිභෝගිකයන් වෙත සෑම වසරකදීම ප්‍රවේශවීම් සඳහා මෙම ප්‍රදර්ශනය මඟින් ඉඩ සැලසේ.
වැඩි විස්තර සඳහා කරුණාකර www.colombomotorshow.com යන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.