ව්‍යාපාර විශිෂ්ටතා රිදී සම්මානයෙන් රවී ජුවලර්ස් පිදුම් ලබයි

RAVI

 



 

 

මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන රවී ජුවලර්ස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පසුගියදා පැවැති සම්මාන උළෙලේදී රවී ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආර්. මහේස්වරන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැළකෙන කොළඹ Sea Street හි පිහිටි ස්වර්ණාභරණ ආයතන රැසක් අතරින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලකදී සම්මානයක් දිනූ පළමු ස්වර්ණාභරණ නිෂ්පාදකයා බවට පත් වීමටද රවී ජුවලර්ස් සමත් විය.

1968දී ඇරැඹූ රවී ජුවලර්ස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් සපිරි පිරිසිදු ස්වර්ණාභරණ නිෂ්පාදනය සඳහා කැප වී සිටී. වර්තමානයේදී දෙස් විදෙස් පාරිභෝගිකයන් අතර ඉහළ විශ්වාසයක් දිනා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.

රත්රන්, රිදී හා ප්ලැටිනම්වලින් නිපද වූ මාල, වළලු, මුදු, පෙන්ඩන්ට්, බ්‍රේස්ලට් සහ කරාබු රවී ජුවලර්ස්හි වැඩිම ඉල්ලුමක් සහිත නිෂ්පාදන අතර වේ. එසේම මංගලාභරණ නිපදවිමේ ප්‍රමුඛයෙකු වීමටද රවී ජුවලර්ස් සමත් වී ඇත.

රවී ජුවලර්ස් නිපදවන සෑම ස්වර්ණාභරණයක්ම නවීන මෝස්තරවලින් සහ විශිෂ්ටත්වයෙන් පරිපූර්ණය. අවංකභාවය සහ අඛණ්ඩභාවය යන මූලධර්ම මත පදනම් වූ ලොව සුපතල ව්‍යාපාරයක් වන රවී ජුවලර්ස් වසර 55ක් වැනි දීර්ඝ කාලයක් පුරා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු ලෙස ඉහළ කීර්ති නාමයක් සහ ජයගග්‍රහණ රැසක් ලබා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව