ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී පුරුෂ සමතුලිත බව වෙනුවෙන් EY GDS Sri Lanka කැපී පෙනෙන මෙහෙවරක

Image two (LBN)

ව්‍යාපාර ක්ෂේත්‍රයේ අසමානතා ඉවත් කර සැමට නිසි තැන ලබා දීම උදෙසා ශක්තිමත් පියවරක් සනිටුහන් කරමින් EY Global Delivery Services (EY GDS) Sri Lanka පසුගිය දිනෙක සුවිශේෂී සාකච්ඡා මණ්ඩපයක් පවත්වනු ලැබීය. සමාජ සමානාත්මතාවය තේමා කරගනිමින් පැවති මෙම වැඩසටහනේදී, EY GDS ආයතනයේ සහ සමාජයේ පුළුල් පරාසයක කටයුතු කරන කාන්තා පුරෝගාමීන් අත්දැකීම් රැසක් බෙදාගැනුණු අතර, විවිධ වැඩ පරිසරයන් තුළ ප්‍රගතියක් ඇති කිරීම සඳහා මෙම අදහස් ඉවහල් කරගැනීම මෙහි අරමුණ විය.

 



 

සමාජ පක්ෂග්‍රාහීත්වය ඉවත් කිරීම සහ සමාන අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳ වටිනා අදහස් රැසක් සාකච්ඡා කෙරුණු මෙම වැඩසටහනට, ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කාන්තා විධායක නිලධාරිනියන් කිහිප දෙනෙකුම සම්බන්ධ වූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා සමූහ ප්‍රධාන විධායක නිලධාරිනී, කස්තුරි චෙල්ලරාජා, ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමයේ (SLASSCOM) පළමු කාන්තා සභාපතිනිය වන සැන්ඩ්‍රා ද සොයිසා, ශ්‍රී ලංකාවේ විශාලතම ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ජාලයක සම-නිර්මාතෘවරිය වන අශාන්ති වීරසිංහ යන මහත්මීන් මේ සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය යනු ස්ත්‍රී පුරුෂ විෂමතාව දැඩිව පවතින ක්ෂේත්‍රයකි. සැලකිය යුතු උසස් අධ්‍යාපන සුදුසුකම් තිබියදීත් මෙම ක්ෂේත්‍රය සඳහා කාන්තා ශ්‍රම බලකායේ නියෝජනය 30%ක පමණ සුළු ප්‍රතිශතයකි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින මෙම අඩුව ඉක්මනින් පුරවා ගැනීම සඳහා ඉක්මන් විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව ද වැඩසටහන තුළදී අවධාරණය කෙරිණ.

EY GDS ආයතනය  ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු අරඹා දෙවසරක් ගත වන විට විවිධත්වය ඇති කිරීම වෙනුවෙන් කැපී පෙනෙන මැදිහත් වීම් රැසක් සිදු කරන්නට සමත් වූ අතරම ස්ත්‍රී පුරුෂ සේවක සංයුතිය 50:50 සමතුලිත අගයකින් පවත්වා ගන්නට ද EY GDS සමත්ව ඇත.

“සමාජ සමානාත්මතාවය වෙනුවෙන් කැපවීම අපගේ ආයතනයේ ප්‍රධාන ඉලක්කයක්” යනුවෙන් EY GDS Sri Lanka ආයතන ප්‍රධානී සමන්ත රාජපක්ෂ මහතා පැවසීය. “අපේ ඉලක්කය වන්නේ සෑම කෙනෙකුගේම හඬට ඉඩක් හිමි වන, සෑම හැකියාවක්ම පල දරන පරිසරයක් නිර්මාණය කිරීමයි. අප ආයතනය තුළ විවිධත්වය සම්බන්ධයෙන් අප ‘සෑම විටම සක්‍රීය’ මානසිකත්වයක් ඇති කර තිබෙනවා. විෂමතා පිටුදකිමින්, සෑම පුද්ගලයෙකුටම දියුණුව ළඟා කරගත හැකි වැඩ පරිසරයක් නිර්මාණ කිරීමට කැප වීම අපේ අරමුණයි”

අරමුණු මත පදනම් වූ සංවිධානයක් ලෙස, EY GDS එහි අභ්‍යන්තර ක්‍රියාවලි, මෙහෙයුම් සහ වැඩසටහන් පුරාවට පරිපූර්ණ බව සහ සමානාත්මතාවට ප්‍රමුඛතාවක් ලබා දෙමින් කටයුතු කරයි. නිදසුනක් ලෙස, සේවකයන්ට සවන්දීමේ වැඩසටහන් වසර පුරා ක්‍රියාත්මක කෙරෙන අතර මෙමඟින් ශ්‍රම බලකායේ අත්දැකීම් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම මෙන්ම සාධාරණත්වය සාක්ෂාත් කරගැනීමට, වැඩි දියුණු කිරීමට අවශ්‍ය වැදගත් කරුණු හඳුනා ගැනීමට ද මෙම ක්‍රමය උපකාරී වේ.

එපමණක් නොව, පරිපූර්ණ බව වැදගත් කොට සලකෙන EY ආයතනය, සියලුම සේවකයන් EY ගෝලීය චර්යාධර්ම සංග්‍රහයට අත්සන් කිරීම සඳහා යොමු කිරීම ද විශේෂත්වයකි. එය තනි පුද්ගල හා ආයතනික තීරණ යන අංශ දෙක සඳහාම වැදගත් තීරණයක් සේ සැලකිය හැකිය. “සැමට පරිපූර්ණ නායකත්වය” යන තේමාව යටතේ පවත්වනු ලබන පාඨමාලාව සියලු සේවකයන් සඳහා අනිවාර්ය වන අතර මෙමඟින් කණ්ඩායම් පිහිටුවීම, කාර්ය භාරය, කාර්ය සාධන ඇගයීම් සහ උසස් නිර්ණායක සැකසීම වැනි කරුණු පිළිබඳ ප්‍රායෝගික මගපෙන්වීමක් ලබා දෙයි.

EY GDS හි අරමුණ වන්නේ වෙනස්කම්වලට ඉඩ දෙමින්, අසමානතා දුරු කිරීම සඳහා අවශ්‍ය වන අර්ථවත් සංවාද ඇති කිරීමයි. විවෘත සංවාද ඇති කිරීමෙන් සහ ප්‍රවීණයන්ගේ අත්දැකීම් උපයෝගී කර ගනිමින් සාම්ප්‍රදායික සමාජ සම්මතයන්ට අභියෝග කිරීමත්, බාධක බිඳ දමමින් සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමත් EY GDS ඉලක්කයයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව