ව්‍යාජ 3M නිෂ්පාදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසට 3M-MLL විසින් පාරිභෝගිකයින්ට අනතුරු අඟවයි

Dilan Seneviratne Director CEO

ශ්‍රී ලංකාව තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක 3M නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනය වන McLarens සමූහය (3M-MLL) සිය පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් වේ. වෙළඳපොළේ ඇති ව්‍යාජ 3M නිෂ්පාදන මිලදී ගැනීම සහ භාවිත කිරීම මඟින් ඇතිවිය හැකි බරපතල ගැටළු රැසක් පිළිබඳ මේ වන විට ඔවුන්ගේ අවධානය යොමුව ඇත. එම ව්‍යාජ නිෂ්පාදන සඳහා කිසිඳු පාර්ශවයකින් වගකීමක් හිමිනොවන අතර පාරිභෝගික පැමිණිලි සඳහාද කිසිදු ආකාරයක සහනයක් නොලැබේ. ඒවා අතරින් පුද්ගලික ආරක්ෂාව සඳහා යොදාගන්නා නිෂ්පාදන, සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන බව McLarens පෙන්වා දෙයි.
 



 
3M-MLL වෙතින් 3M නිෂ්පාදන මිල දී ගන්නා පාරිභෝගිකයින්ට එවැනි අවදානමක් නොමැති අතර සෑම නිෂ්පාදනයක් සඳහාම වගකීම් කාලයක් හිමිවේ. මෙම සියලු නිෂ්පාදන ඉහළම ප්‍රමිතියකින් සහ ගුණත්වයකින් යුතුව පාරිභෝගිකයින් වෙත ගෙනෙන බවට ඔවුන් සහතික වේ.

ගුණාත්මක නිෂ්පාදන, ව්‍යාජ නිෂ්පාදනයන්ගෙන් වෙන්කර හඳුනාගැනීම අසීරු කටයුත්තක් වුවද මෙම නිෂ්පාදන අතර වෙනස හඳුනාගැනීම අතිශය වැදගත් බව 3M-MLL අවධාරණය කරයි. මන්ද ඒවා භාවිතා කිරීමේ ප්‍රතිවිපාක ඊටත් වඩා දරුණු වියහැකි බැවිනි. ව්‍යාපාරයක වැදගත්ම සම්පත වන සේවකයින්ගේ ආරක්ෂාව ආයතන හිමිකරුවන් සතු වගකීමකි. එබැවින් අනෙක් සියලු දේට වඩා සේවකයින්ගේ සෞඛ්‍යය තත්වය සහ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම කරුණ පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව 3M-MLL සියලු ආයතන හිමිකරුවන්ට සහ නායකයින්ට පෙන්වා දෙයි.

3M-MLL හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිලාන් සෙනෙවිරත්න මේ පිළිබඳ පැවසුවේ, “අපි සෑමවිටම සැලකිලිමත් වෙන්නේ අපගේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳවයි. ව්‍යාජ නිෂ්පාදන අපි අපේක්ෂා කරන ප්‍රතිලාභ ලබා දෙන්නේ නැහැ වගේම අපිට විශාල අවදානම් ද ඇති කරනවා. එම නිසා 3M නිෂ්පාදන මිලදී ගැනීමේදී ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටී බලයලත් නියෝජිතයින් හරහා පමණක් 3M නිෂ්පාදන මිලදී ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.”

3M නිෂ්පාදන සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් හෝ විමසීමක් ඇත්නම් සිය කණ්ඩායම හා සම්බන්ධ වන ලෙස 3M-MLL විසින් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින අතර පාරිභෝගිකයින්ට අවශ්‍ය ගුණාත්මක සහ ආරක්ෂිත 3M නිෂ්පාදන ලබාදීමට ඔවුන් අඛණ්ඩව කැපවී සිටී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව