VZO Group පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී එම්. අයි. තෙරිෂ් රොඩ්‍රිගෝ මහත්මිය Asia Miracle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සම්මාන දිනා ගත්තාය. සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය හැදෑරු ඇය ඉන් අනතුරුව සිංගප්පූරුවේදී සිවිල් ඉංජිනේරු විද්‍යාව හැදෑරුවාය. ඇයගේ පරිපාලනය යටතේ VZO Group විශාල ප්‍රගතියක් ලබා තිබේ. මෙරට විශාලම ALUMEX ප්‍රදර්ශනාගාරය එම සමාගම සතු අතර එය නාවල ප්‍රදේශයේ පිහිටා තිබේ.
ලෙස්ටර් රොඩ්‍රිගෝ මහතා 1993දී ආරම්භ කළ ඇලුමිනියම් නිෂ්පාදන ආශ්‍රිත සේවා සපයන Hollyca System සමාගමට අනුබද්ධිත සමාගමක් ලෙස VZO Group ක්‍රියාත්මක වේ. ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ දියුණුව සඳහා විශාල දායකත්වයක් දක්වා ඇති VZO Group වර්තමානයේදී ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් බවට පත් වී තිබේ. VZO Group විවිධ ඉදි කිරීම් ව්‍යාපෘතිවල අවශ්‍යතාවලට ගැළපෙන ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇත. දොරවල්, ෆෑන්ලයිට්ස්, ජනේල, සිවිලිම්, කියුබිකල්ස්, ක්ලැඩින් සහ පාටිෂන්ස් වැනි නිෂ්පාදන රැසක් ඒ අතර වේ. VZO Group දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව නිපදවන නිෂ්පාදන සඳහා වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් ඇත. VZO Group පාරිභෝගිකයන්ට ගරු කිරීම, නිර්මාණශීලී බව සහ අවංක බව වැනි ගුණාංග ඉහළින් සළකයි. කළාපීය වශයෙන් ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම, සේවා සංවර්ධනය සඳහා වත්කම් ඉහළ නැංවීම සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වෙමින් පාරිභෝගිකයන් අතර විශ්වාසය තහවුරු කිරීම VZO GROUPහි මූලික සැළසුම් අතර වේ.