වර්ෂා පෙරේරාගේ ස්වයං-ගවේෂණාත්මක මග නිරූපණය කෙරෙන “වර්ණ-කාරී” කොළඹදී

Image II (LBN)

2024 නොවැම්බර් 29 වැනි දා සිකුරාදා, කොළඹ දී:

වෘත්තියෙන් අලෙවිකරුවෙකුව සිට දෘශ්‍ය කතන්දරකරුවෙකු මෙන්ම චිත්‍ර ශිල්පිනියක වූ වර්ෂා පෙරේරාගේ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනය කලා රසඥයින්, ප්‍රකට නිර්මාණකරුවන්, ක්ෂේත්‍රයේ සමකාලීනයින්, මිතුරන්, පවුලේ අය, රසිකයින්, අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරුවන් සහ මාධ්‍යය සගයන්ගෙන් සමන්විත තරු පිරුණු උත්සවයකින් නොවැම්බර් 29 වැනි දා කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් හී හැරල්ඩ් පීරිස් ගැලරියේදී විවෘත විය. කොළඹ යුරෝපා සංගමයේ දේශපාලනික සහ සංස්කෘතික අංශයේ නියෝජ්‍ය ප්‍රධානී කැරොලයින් ලෝපේස් මහත්මිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙසින් සහභාගි විය. ලොව පුරා විසිරුණු ප්‍රේක්ෂක පිරිසක් විවිධ වූ සජීවී තාක්ෂණ ක්‍රම හරහා මේ සම​ග සම්බන්ධ විය.

 



 
ලෝපේස් මහත්මිය විසින් වර්ණ-කාරී හි “Samsaara” නම් වූ නිර්මාණය විවෘත කළ අතර එය කාල අඛන්ඩතාවය මත මිනිස් චිත්තයේ ගමන පෙන්නුම් කරයි. “මෙම සිතුවිලි ප්‍රබෝධමත් කරන නිර්මාණය නියත වශයෙන්ම විශ්මය ජනක වන අතර ස්ව-ආත්මය සෙවීමේ පරිවර්තනීය ගමනකට මනස යොමු කරයි. මමත් කලාකරුවෙකු සහ සංචාරකයෙකු ලෙස, වෙනත් කලාකරුවෙකුගේ මනසට කිමිදීමට සහ ඇය දකින ආකාරයට ලෝකය දැකීමට හැකිවීම සතුටක්”, යනුවෙන් මෙහි දී ලෝපේස් මහත්මිය පැවසුවාය.

වෙනත් “නිර්මාණකරුවන්” අතින් ලියැවුණු වදන් ජීවිතය තුළට ගෙන ඒමේ සහජ හැකියාවද වර්ෂාට ඇත. උදාහරණයක් ලෙස, මෙහි එක් නිර්මාණයක්, ප්‍රකට සංගීතඥයින් දෙපළක් වන භාතිය සහ සන්තුෂ් විසින් එළිදක්වන ලද ඔවුන්ගේ ජනප්‍රිය “මල් පැන් පොදක්” ගීතයේ හරය ග්‍රහණය කර ගන්වා වගේම, තවත් නිර්මාණයක් අමරසිරි පීරිස්ගේ “ඉකි ගසා හඬන” ගීතයෙන් ජීවය ගෙන “Love Unspoken” ලෙසින් ඉදිරිපත් කර තිබෙනවා. තවත් විශේෂ සිතුවමක් වූ “Zen & Slay”, Barbie චිත්‍රපටයේ America Ferreira ගේ කථාවෙන් ආභාෂය ලබා ඇත.

තවද මෙම ප්‍රදර්ශනයේ විවිධ ස්වරූපවලින් සහ නිර්මාණ තාක්ෂණයන්ගෙන් යුත් කලාකරුවන් එක්රැස් කරමින් කලාත්මක නිර්මාණ කිහිපයක් ද ඇතුළත් විය. Wes Products හි ඇති නිර්මාණ, සාම්ප්‍රදායික “ගිනි රාක්ෂ” වෙස් මුහුණක් භාවිතා කර ඇති අතර එයට නව වෙනස් අරුතක් ගෙන දීමට “Devil is in the Details” යන මාතෘකාව ලබා දී ඇත, එය වෙස්මුහුණෙහිම අර්ථ නිරූපණයකි. මේ අතර, “Terra Couture” ලෙස නම් කර ඇති Thinking Hand Pottery නිර්මාණ, මැටි බඳුනක පින්තාරු කරන ලද මෝස්තර ඇතුළත් විය. Tina Edwardsගේ Cherub Batiks සමඟ සහයෝගයෙන්, වර්ෂාගේ “The Fire Within” සහ “The Mind’s Eye” යන කලා කෘති දෙකක් නිර්මාණයට ජීවය දෙමින් බතික් නිර්මාණ බවට පරිවර්තනය වී ඇත. එමෙන්ම එදිනෙදා දකින ලෝහ බාල්දියක් ආකර්ෂණීය කලා කෘතියක් බවට පත් කරන ලද “Bucket Pro Max” නිර්මාණයටද වැඩි අවධානයක් යොමු විය.

තම නිර්මාණ සම්බන්ධයෙන් මෙම ප්‍රදර්ශනයේදී අදහස් දක්වමින් අති දක්ෂ අලෙවිකරුවෙකුව සිට චිත්‍ර ශිල්පිනියක වූ වර්ෂා, පූර්ණ කාලීන විධායක තනතුරකින් ඉවත් වී, පූර්ණ කාලීනව චිත්‍ර ශිල්පියෙකුගේ ලෝකයට පිවිසීමේ තම ගමන පිළිබඳව මෙසේ පැවසුවාය. “චිත්‍ර කලාව මා කුඩා කළ සිටම මා තුළ හැදී වැඩුණු හැකියාවක් වූවත්, එහි පූර්ණ වශයෙන් අවබෝධයක් ලබාගන්නට මට වසර කිහිපයක් ගත වුණා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විධායක ශ්‍රේණියේ පූර්ණ කාලීන බැමිවලින් මිදිලා අපට භාර දී ඇති ජීවිතයෙන් වඩාත් අර්ථවත් යමක් සෙවීමට මම නැණවත් තීරණයක් ගත්තා කියල මම හිතනවා. කලාවේ ඉතිහාසය සහ එහි ඇති අපව සුව කිරීමේ හැකියාව හරහා මගේ ස්වයං ගවේෂණාත්මක ගමන ආරම්භ වුණා කියල මම හිතනවා.

“අපේ නිවසේ බිත්ති මත නිරතුරුවම අඳිමින් උන් හුදු ළමා ඩූඩ්ලර් කෙනෙකු ලෙස මම, මගේ නිබඳ සහයෝගය ලෙසින් සිටි මගේ දෙමාපියන්ට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුයි”, ඇය වැඩිදුරටත් පැවසුවාය.

2024 නොවැම්බර් 30 සහ දෙසැම්බර් 1 වැනි දින මහජනතාව සඳහා විවෘත වූ මෙම ප්‍රදර්ශනය, මනසෙහි සංකීර්ණතා, ගැඹුරු හැඟීම් සහ අපව බැඳ තබන බලවත් මානව සම්බන්ධතා තේරුම් ගැනීමට උත්සාහ කරන නිර්මාණ එකතුවකින් සමන්විත වේ. ‘වර්ණ-කාරි,’ හී ලලිත කලා, විසිතුරු කලා සහ ප්‍රතිමූර්ති යටතේ කාණ්ඩ තුනකින් නිර්මාණ ප්‍රදර්ශනය කර ඇත.

චිත්‍ර සහ චිත්‍ර කලාව අගය කිරීමේ අත්දැකීම ඩිජිටල් මාධ්‍යය වෙත ගෙන යමින්, ප්‍රදර්ශනය නරඹන්නන්ට සහ කලා ලෝලීන්ට ප්‍රදර්ශනයේ චිත්‍ර, තමන් කැමති තමන්ගේ කාමරයක බිත්ති මත සකසා ඇති සිතුවමක් ලෙසින් දැකීමට හැකි වන පරිදි Augmented Reality (AR) තාක්ෂණය හරහා ප්‍රදර්ශනය නැරඹී​මේ සුවිශේෂී පෙරළියක් මෙහි සිදු කර ඇත. ඒ අනුව තම නිවස හෝ කාර්යාලීය වටපිටාව සමඟ එම චිත්‍ර නිර්මාණ මුසු වන්නේ කෙසේදැයි පූර්ව නිගමනයක් ගැනීමට මෙමගින් හැකියාව ලැබේ. එසේම මෙම උත්සවයේදී දියත් කෙරුනු Virtual Reality (VR) අත්දැකීම හරහා කලා ලෝලීන්ට ප්‍රදර්ශනය ආරම්භ කළ දින සිට මාසයක කාලයක් වෙබ් අඩවිය ඔස්සේ මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ උත්කර්ෂය අත්විඳීමට හැකියාව ලැබේ. කලා ලෝලීන්ට ඉදිරි සති කිහිපය තුළ චිත්‍ර නැරඹීමට සහ මිලදී ගැනීමට හැකි අතර ඔවුන්ගේ මිලදී ගැනීම් සඳහා ගෙවීම් කිරීමට MintPay සහ Koko වැනි නවීන ක්‍රම පවා භාවිතා කිරීමට ඉඩ ලබා දී ඇත.

මෙම ප්‍රදර්ශනයට රන් දායකත්වය ලබාදීමට Earthfoam, Christell Luxury Wellness, Anchor, Wine World, Black and Decker සහ Silver Sponsor Art Cart යන ආයතන සහභාගී වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව