වර්තමාන COVID-19 තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් MAS අඛණ්ඩව කටයුතු කරයි.

Logo_of_MAS_Holdings

රට පුරා COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, ආසාදිතයන් වාර්තා වූ සිය කර්මාන්ත ශාලාවල තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමට MAS සමූහ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. මේ සෑම කර්මාන්තශාලාවකම කළමනාකාරීත්වය, එම කර්මාන්තශාලා තුළ මෙන්ම ඒවා පිහිටා ඇති ප්‍රදේශ තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග සමීව කටයුතු කරමින් සිටී. එමෙන්ම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බලධාරීන් විසින් නියම කර ඇති ආරක්ෂක ක්‍රියාමාර්ග ප්‍රතිපත්තිමය මට්ටමින් මේ වනවිට එම කර්මාන්තශාලා තුළ ක්‍රියාවට නංවා තිබේ.

මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් වෙනත් විකල්ප යෝජනා සිදු ​නොකරන ලද අවස්ථාවලදී, ආසාදිත සේවා නියුක්තිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කළමනාකරණය කරනු ලබන, ගිරිඋල්ල ප්‍රදේශයේ පිහිටි MAS COVID-19 සුරැකුම් මධ්‍යස්ථානය වෙත යොමුකරනු ලැබේ.

  • Linea Aqua – හංවැල්ල

පරීක්ෂණ හා ආශ්‍රිතයන් හඳුනාගැනීමේ කටයුතු තුළින් 2020 දෙසම්බර් 31 දින සිට මේ දක්වා සේවා නියුක්තිකයන් 154 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. බලධාරීන්ගේ උපදෙස් අනුව ආරක්ෂක පියවරක් වශයෙන් 2021 ජනවාරි 01 දින සිට 2021 ජනවාරි 06 දින දක්වා කර්මාන්තශාලාව වසා තබන ලද අතර, සීමිත සේවක සංඛ්‍යාවක් පමණක් සේවය​ට වාර්තා කරන පදනම මත නැවත විවෘත කරන ලදි. කර්මාන්තශාලාව විෂබීජහරණය කිරීම මෙන්ම ආශ්‍රිතයන් හඳුනා ගැනීම් සහ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකෙරේ.

  • Unichela – පානදුර

කෙටි කාලයක් වසා තැබීමෙන් අනතුරුව, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කරමින් දෙසැම්බර් 28 දින කර්මාන්තශාලාව නැවත විවෘත කරන ලදි. පසුගිය සතියක කාලය තුළ තවත් සේවා නියුක්තිකයින් 35 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනිණි. ඒ අනුව කර්මාන්තශාලාවෙන් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 120 ක් වන අතර, මේ අතරින් 60 දෙනෙකු සුවය ලබා ඔවුන් ප්‍රතිකාර ලැබූ මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ.

 




 

  • Thurulie – තුල්හිරිය

දැනට සිදුකෙරෙමින් පවතින අහඹු පරීක්ෂණ මගින් මේ දක්වා ආසාදිත සේවා නියුක්තිකයින් 123 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගැනුණු 900 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. 2020 දෙසැම්බර් 23 සිට 2021 ජනවාරි 04 දක්වා කාලය තුළ අදාළ සේවා මුරයේ කටයුතු අත්හිටුවන ලදි. කෙසේ වුවද, කර්මාන්තශාලාවට පැමිණ සේවය කිරීම සඳහා බලධාරීන් හා කළමනාකාරීත්වය වෙතින් අවසරය හිමිවූ සේවා නියුක්තිකයින් සමග කර්මාන්තශාලාවේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණි. තවත් ආසාදිතයන් සිටී නම් ඔවුන් හඳුනා ගැනීමට අඛණ්ඩව පරීක්ෂණ සිදුකරනු ලබන අතර, ආරක්ෂාව සඳහා නියම කර ඇති ක්‍රියාමාර්ග නියමාකාරව අනුගමනය කෙරේ. ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා ලද සියලුම සේවා නියුක්තිකයින් ගිරිඋල්ල ප්‍රදේශයේ COVID-19 සුරැකුම් මධ්‍යස්ථානය වෙත යොමුකරන ලද අතර, ඒ අතරින් 7 දෙනෙකු මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇත

  • Contourline- පල්ලෙකැලේ

පසුගිය සතියක කාලය තුළ සිදුකරන ලද පරීක්ෂණ වලින් සේවා නියුක්තිකයින් 49 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණු අතර, ඒ අනුව ජනවාරි 04 වන දින කර්මාන්තශාලාව වසා දමන ලදි. මේ සියලුම ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ. කර්මාන්තශාලාව තුළ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව සම්බන්ධ නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලද අතර, එම නිසා වෛරසය ආසාදනය වූවන් පහසුවෙන් හඳුනා ගැනීමට හැකි විය. ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති අතර, රජයේ හා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කර්මාන්තශාලාවේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ. නිරෝධායන කාලය තුළ සේවා නියුක්තිකයින්​ට අවශ්‍ය පහසුකම් සැලසීමට MAS සමූහ ව්‍යාපාරය පියවර ගෙන ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශ්ලේෂණ හා නිර්දේශ අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

ඉහත සඳහන් දත්තවලට අමතරව, ශ්‍රී ලංකාව තුළ පිහිටි අපගේ තවත් කර්මාන්තශාලා කිහිපයකින් ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වී ඇති අතර, අදාළ විධිවිධාන අනුව ආශ්‍රිතයන් හඳුනා ගැනීම, පරීක්ෂණ සිදුකිරීම හා නිරෝධායනයට යොමුකිරීම අඛණ්ඩව සිදුකෙරේ. සියලුම කර්මාන්තශාලාවලදී සෑම විටම අපගේ සාමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සම්බන්ධයෙන් අපගේ ප්‍රමුඛතම අවධානය යොමුවන අතර, ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සමග නිරතුරුව සහයෝගයෙන් කටයුතු කරමින්, ඔවුන්ගේ නිර්දේශ අනුගමනය කරමින්, විනිවිදභාවයෙන් යුතුව අවශ්‍ය තොරතුරු ලබාදීමට අපි කටයුතු කරන්නෙමු.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව