වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

varangana

ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර තිබේ. ලබන පෙබරවාරි මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා කුරුණෑගල, බෝයගනේ ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්විමට නියමිත මෙම ශුරතාවලියට විවිධ වයස් කාණ්ඩ යටතේ මෙරට ප්‍රබලතම බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වනු ඇත. මේ සඳහා අයැදුම්පත් බාර ගැනීම පෙබරවාරි මස 7 වැනිදා මධ්‍යහ්නයේදී අවසන් වනු ඇත.
 



 
මෙම ශූරතාවලියට අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය සඳහා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30න් ඉහළ සිට අවුරදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩය, අවුරුදු 100ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩය සමඟ ප්‍රධානතම තරග අංශය ලෙස කාන්තා හා පිරිමි විවෘත ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වේ.  මීට අමතරව විවෘත තරග අංශයේ අවසන් පූර්ව වටයේ පරාජිතයන් සඳහා පළඟ ශූරතා තරග අංශය ද ඇතුළත් කර තිබේ.

තරගාවලියේ පළමු දිනය වන පෙබරවාරි 17 වැනිදා පෙරවරු 9.00ට සමාරම්භක උත්සවය පැවත්වෙන අතර, එදින සිට පෙබරවාරි 21 දක්වා මූලික වටයේ තරග, අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වීමට නියමිතය. තරගකාරීත්වයෙන් ඉහළ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරග පෙබරවාරි 22 සිට අවසන් දිනය වන 23 වැනිදා සමාප්ත උත්සවය දක්වා එම තරග පෙළ ගස්වා තිබේ. පෙබරවාරි මස 10 වැනිදා වන විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතන ශ්‍රේණිගත කිරීම් සැලකිල්ලට ගනිමින් තරග පෙළගැස්ම පෙබරවාරි මස 12 වැනිදා කොළඹ 7, කේම්බ්‍රිජ් ටෙරසයේ අංක 2 ස්ථානයේ පැවැත්වෙනු ඇත.

වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, ශූරයන්ට සහ අනුශූරයන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ. තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ තීරණයක් අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමේ.

වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය පිළිබඳ සියලු තොරතුරු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වෙබ් අඩවියේ පළ කර ඇති අතර, වැඩිදුර තොරතුරු 0761759017 දුරකතන අංකයෙන් සදීෂ ආදිත්‍ය අමතා ලබාගත හැකිය. Mobil,  Li Ning,  McFoil, 3M සහ GAC මෙම ශූරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තිබේ.

  



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව