වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය 26 දා ඇරැඹේ

(2023 NWPBA ) MS Event Winner Lochana (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අනුබද්ධිත වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 26 වැනිදා සිට මාර්තු මස 3 වැනිදා දක්වා බෝයගනේ විජයබාහු පාබල සේනා රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේ සහ කුරුණෑගල නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 



 

පළමු මට්ටමේ ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය පෙබරවාරි 26 වැනිදා පැවැත්වෙන අතර, මූලික වටයේ තරග පෙබරවාරි 27, 28 සහ 29 තෙදින පැවැත්වීමට නියමිතය.  සියලු අර්ධ අවසන් පූර්ව තරග මාර්තු මස 1 වැනිදා සහ අවසන් පූර්ව වටයේ තරග මාර්තු මස 2 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහා තරග සහ සමාප්ති උත්සවය මාර්තු මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.

කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, විවෘත සහ පළඟ වශයෙන් කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වෙන අතර, බාලක හා බාලිකා ඒකල සහ යුගල තරග කනිෂ්ඨ අංශයට ද, ජ්‍යෙෂ්ඨ අංශයට කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග සමඟ අවුරුදු 110ට වැඩි කාන්තා හා පිරිමි යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් ය. විවෘත අංශයට කාන්තා හා පිරිමි ඒකල, යුගල, සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වන අතර, විවෘත  තරග අංශයේ පරාජිතයන් සඳහා පළඟ ශූරතා අංශය වෙන් කර තිබේ.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාග බෙදා දෙන වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය  McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව