වයඹ පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේදී සාරා ක්‍රිස්ටින් ත්‍රිත්ව ශූරතා දිනා ගනී පිරිමි ඒකල ශුරතාව රන්තුෂ්ක ගුණතිලකට

KI9A0839 copy (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සාරා ක්‍රිස්ටිනා සමත්වූ අතර, විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට රන්තුෂ්ක ගුණතිලක සමත් විය. කුරුණෑගල, බෝයගනේ ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම තරගාවලියේදී සාරා ක්‍රිස්ටිනා විවෘත කාන්තා ඒකල ශූරතාව සමඟ ප්‍රවීණා විජේසුන්දර සමඟ එක්ව විවෘත කාන්තා යුගල ශූරතාව සහ ඇලන් ධර්මරාසපුත්‍ර විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනිමින් තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූවාය. විවෘත පිරිමි ඒකල ශූරතාව රන්තුෂ්ක ගුණතිලක විසින් දිනා ගනු ලැබුවේ අවසන් මහා තරගයේදී ලකුණු 22-20ක් සහ 21-18ක් ලෙස ශෙනුක් සමරරත්න පරාජය කරමිනි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියේ විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයේදී රෂ්මි මුදලිගේ තරග වට 2-1කින් පරාජය කළ සාරා ක්‍රිස්ටිනා ප්‍රවීණා විජේසුන්දර සමඟ එක්ව විවෘත කාන්තා යුගල අවසන් මහා තරගයේදී වරංගනා ජයවර්ධන සහ රෂ්මි මුදලිගේ පරාජයට පත් කරනු ලැබූ අතර, විවෘත මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී ඇලන් ධර්මරාසපුත්‍ර සමඟ එක්ව තරග වට 2-1කින් තුළිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරී පරාජයට පත් කළාය. සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග පරාජයට පත් කරමින් විවෘත පිරිමි යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු විසිනි.

මේ අතර වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ඨ අංශයේ අවුරුදු 19න් පහළ ඒකල බාලක ශූරතාව දිනා ගැනීමට රෙෂාන් දිඹුක්කුවලගේ සමත්වූයේ  අවසන් තරගයේදී පමිත්  අත්තනායක පරාජය කරමිනි. දිල්නි අම්බලන්ගොඩගේ පරාජය කරමින් 19න් පහළ ඒකල  බාලිකා ශූරතාව දිනාගැනීමට සඳති දෙව්මිණි සමත්වූවාය. එම තරග අංශයේ බාලක යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ දිනිඳු සමරසිංහ සහ දිනිඳු සිතුසර පරාජයට පත් කළ සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග විසිනි. දිල්නි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ එක්ව මෙතුලි නවරත්න සහ මිනූෂි අභිමානි පරාජය කරමින් එම තරග අංශයේ බාලිකා යුගල ශූරතාව දිනා ගත්හ.

අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය සඳහා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30න් ඉහළ සිට අවුරදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩය, අවුරුදු 100ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩය සමඟ ප්‍රධානතම තරග අංශය ලෙස කාන්තා හා පිරිමි විවෘත ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වූ වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, ශූරයන්ට සහ අනුශූරයන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබිණි. තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ තීරණයක් අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමිණි. Mobil,  Li Ning,  McFoil, 3M සහ GAC මෙම ශූරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තිබිණි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව