වත්තල පෙගසස් රීෆ් හෝටලයෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට ආයතනික කාර්ය මණ්ඩල සඳහාම වෙන්වූ සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළියක්

05 (LBN)

වත්තල පෙගසස් රීෆ් හෝටලය විසින් ඒකාකාරී දින චර්යාවකට හුරුවූ කාර්යාලීය සේවා කාර්යය මණ්ඩල සඳහා ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් සදාමතකයේ රැඳෙන විනෝදාත්මක අස්වැසිල්ලක් ලබාදෙමින් ජූලි මාසයේදී “Battle of the Reef” සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය පවත්වන බව නිවේදනය කොට ඇත.

 



 

වත්තල පෙගසස් රීෆ් වෙරළ තීරයේදී 2024 ජූලි මස 27 වැනිදා ඇරඹෙන “Battle of the Reef” සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය කාර්යාලීය සේවයේ යෙදී සිටින කාර්යය මණ්ඩල සඳහාම වෙන්වූවකි. කාර්යය මණ්ඩල අතර මිත්‍රත්වය හා කණ්ඩායම් හැඟීම වර්ධනය වන ආකාරයෙන් සංවිධානය කෙරෙන බීච් වොලිබෝල්, ටැග් රග්බි සහ කඹ ඇදීම ප්‍රමුඛව තවත් විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසකින් මෙම සැණකෙළිය සමන්විත වේ. “Battle of the Reef”  ක්‍රීඩාශීලීත්වය සංගීත රසයෙන් පුරවාලමින් ජනප්‍රිය කලාකරුවන් හා සංගීත කණ්ඩායම් රැසක්ද සහභාගී වීමට නියමිතය.

පෙගසස් රීෆ් Battle of the Reef සැණකෙළිය පිළිබඳ අදහස් දැක්වූ පෙගසස් රීෆ් හෝටලයේ සාමාන්‍යාධිකාරී රේණුක කොස්වත්ත මහතා “අපේ රටේ කාර්යාල ආශ්‍රිතව සේවය කරන කාර්යය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන්ම විශේෂ වූ සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළියක් සංවිධානය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ පළමුවරටයි. අප හෝටලය ඉදිරිපිට දර්ශනීය වෙරළ තීරයේ සුන්දරත්වය මැද ක්‍රීඩාශීලීත්වයෙන් එකමුතුකමෙන් හා සංගීතයෙන් පිරුණ අමතක නොවන දවසක මතකයක් ලබාදීම වෙනුවෙන් සියල්ල එකමුතු කළ Battle of the Reef සැණකෙළියට සහභාගීවීමට සියළුම කාර්යයාල ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩල වෙත අප ගෞරවයෙන් ආරාධනාකර සිටිනවා.” යැයි පැවසීය.

Battle of the Reef සැණකෙළිය පිළිබඳ පෙගසස් රීෆ් හෝටලයේ කණ්ඩායම් උත්සව සංවිධාන කළමනාකාර දිමිත්‍ර සිල්වා මහතා අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාර්යාල සේවා කාර්ය මණ්ඩල සියල්ලම පාහේ එකමුතු වෙන Battle of the Reef සැණකෙළිය සමග එක්වන අනුග්‍රාහකභවතුන්ට තමන්ගේ භාණ්ඩ හා සේවා සන්නාම ප්‍රවර්ධනය කරගැනීමට වටිනා අවස්ථාවක් ලැබෙනවා. දර්ශනීය සුවදායී වෙරළ තීරයේ සංවිධානය කෙරෙන මෙම විනෝදාත්මක සැණකෙළි පරිසරය ඔවුන්ගේ භාණ්ඩ හා සේවා වඩාත් ප්‍රබල ලෙස ඉලක්ක ගත පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට විශාල පිටිවහලක් වෙනවා නිසැකයි.” යැයි පැවසීය.

හාත්පස හමායන සිසිල් සුලං රැළි මැද උද්යෝගිමත්බව, ක්‍රීඩාශීලීත්වය, කණ්ඩායම් හැඟීම පිරුණු පෙගසස් රීෆ් වෙරළේ මුහුදු රැළි අතරේ සතුටුසිනා රැළි ඉතිරෙන “Battle of the Reef”, සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය ශ්‍රී ලාංකීය කාර්යාල සේවා වෘත්තිකයන්ට නවතම අත්දැකීමක් වනු ඇත.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව