වඩා උසස් පාරිභෝගික සේවාවක් සැපයීම උදෙසා S-lon යාපනය ප්‍රදේශයේ බෙදාහැරීම් මධ්‍යස්ථානය නව ස්ථානයකයට රැගෙන යයි

01. Mr. S.C Weerasekara, Group Director Chief Operating Officer of Capital Maharaja Group and Mr. Kirubakaran, Managing Director of the Jaffna Re-distribution Centre at the opening ceremony

 



 

 

තමෝප්ලාස්ටික් නල හා උපාංග අලෙවියේ සහ නිෂ්පාදනයේ මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ මෙරට ප්‍රමුඛයා වන S-lon ලංකා පුද්ගලික සමාගම විසින්, සිය පාරිභෝගිකයන් වෙත උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, ඔවුන්ගේ යාපන ප්‍රදේශයේ පිහිටි S-lon නැවත-බෙදාහැරීම් මධ්‍යස්ථානය නව ස්ථානයකයට රැගෙන ගොස් ඇත. මේ හරහා පාරිභෝගිකයාට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට  හැකිවනු ඇත.

මෙම අභියෝගකාරී කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට මෙන්ම මෙහෙයුම් ජාලයේ ප්‍රධාන පුරුකක් වන වෙළඳ ව්‍යාපාරිකයින් සඳහා සැමවිටම උසස් තත්වයේ සේවාවන් ලබාදීම සඳහා S-lon නිරතුරුවම කැපවී සිටියි. තම නැවත බෙදාහැරීම් මධ්‍යස්ථානය තවත් පාරිභෝගිකයාට සමීප කරවීම සඳහා එය නව ස්ථානයක් කරා ගෙන යාමෙන්, ඔවුන්ගේ උසස් තත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට මෙන්ම වෙළඳ ව්‍යාපාරිකයින්ට වඩා කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස බෙදාහැරීමට හැකි වනු ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී S.C. වීරසේකර මහතා මෙලෙස පවසා සිටියි. “අපගේ පවුලේ අය හෝ හිතවතුන්ට පරිභෝජනය කළ නොහැකි තත්වයේ කිසිවක් වෙළඳ පොළට හඳුන්වා නොදීමේ ව්‍යාපාර ආචාර ධර්ම වලට අනුකුළව, උසස් තත්වයේ නිෂ්පාදන සහ සේවා සැමවිටම වෙළඳ පොළ වෙත හඳුන්වා දීමට සැමවිටම අප කටයුතු කරනවා. වෙළඳපල ප්‍රමුඛයෙකු ලෙස, විශේෂයෙන්ම මෙම අභියෝගකාරී කාලසීමාවන් තුළ, පාරිභෝගිකයින්ට වඩාත් උසස් තත්ත්වයේ සේවාවක් සැපයීම කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කරනවා. එහිදී පාරිභෝගික පහසුව සහ ගුණාත්මකභාවය අප අවධානය යොමු කරන ප්‍රධාන සාධක ද්විත්වයයි. මෙලෙස පාරිභෝගිකයා වෙත උසස් තත්වයේ සේවාවන් ලබාදීම සඳහා යාපනය ප්‍රදේශයේ පිහිටි නැවත-බෙදා හැරීමේ මධ්‍යස්ථානය වඩාත් පහසු සහ ඉඩකඩ සහිත ස්ථානයකට රැගෙන යාමට අප ක්‍රියා කලා.”

යාපනය ප්‍රදේශයේ නව බෙදා හැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී S.C වීරසේකර මහතාද,  යාපනය ප්‍රදේශයේ නව ප්‍රති බෙදා හැරීමේ මධ්‍යස්ථානයේ කළමනාකරණ අධ්‍යක්ෂ කිරුබාකරන් මහතාද, S-lon සමාගම නියෝජනය කරමින්, එහි සැපයුම්දාම අධ්‍යක්ෂ ජයන්ත ගාල්ලහේවා මහතා, අලෙවි කළමනාකරු නුවන් වික්‍රමපතිරණ මහතා සහ විකුණුම් කළමණාකරු සනත් චමින්ද මහතා ප්‍රමුඛ කණ්ඩායමක්ද සහභාගී විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව