වඩාත් පුළුල් පාරිභෝගික සේවාවක් වෙනුවෙන් සියපත ෆිනෑන්ස් මහනුවර ශාඛාව නව පරීශ‍්‍රයකට

DSC01766 (LBN)

 



 

 

මහනුවර කොටුගොඩැල්ල මාවතේ අංක 192/1/1 දරණ ස්ථානයේ තිබූ සියපත ෆිනෑන්ස් මහනුවර ශාඛාව පෙරටත් වඩා පුළුල් පාරිභෝගික සේවාවක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් නව පරීශ‍්‍රයකට රැගෙන යමින්, මහනුවර කන්ද වීදියේ අංක 28 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම නව ශාඛා කාර්යාලය විවෘත කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ “සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයට මහනුවර ශාඛාව දැවැන්ත ශක්තියක්. පාරිභෝගික ජනතාවට පහසුවෙන් ළඟාවිය හැකි වැඩි ඉඩකඩක් ඇති ස්ථානයකට මහනුවර ශාඛාව අප රැගෙන විත් තිබෙනවා. මහනුවර ප‍්‍රදේශයෙන් අප සමග එක්ව සිටින හිතවත් පාරිභෝගික ජනතාවගේ අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා කඩිනමින් ඉටුකර දෙන්නට අවශ්‍ය සියළු පහසුකම් මෙම ශාඛාවට අප ඇතුලත් කොට තිබෙනවා.” යනුවෙනි.

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ප‍්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, රන් ණය, ස්ථාවර තැන්පතු ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් ෆිනෑන්ස් ශාඛා ජාලයේ මහනුවර ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින්  ලබාගත හැකිය.

සම්පත් බැංකුවේ විශාලතම පූර්ණ අනුබද්ධිත ආයතනය ලෙස 2005 වසරේ ආරම්භ වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ ගතවූ වසර 17ක කාලය ඇතුලත උතුර, නැගෙනහිර ද ඇතුළුව ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් ද සවිබල ගන්වමිනි.

එපමණක් නොව, විශිෂ්ඨ මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කරමින්, මූල්‍ය ක්ෂේත‍්‍රය තුල සවිමත් සහ ස්ථාවර මූල්‍ය ආයතනයක් ලෙස, පසුගිය ෆිට්ච් රේටින් ණය ශ්‍රේණි වර්ගීකරණයේදී ලබා දුන් ණය              ශ්‍රේණිය වන A (lka) (RWN) ණය ශ්‍රේණියම, මෙවරත් නොවෙනස්ව අඛණ්ඩව පවත්වාගෙන යාමට සියපත ෆිනෑන්ස් ආයතනය සමත්ව තිබේ. මෙය, සමාගමේ ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය කෙරෙහි මහජනතාවගේ පිළිගැනීම තව දුරටත් වැඩි දියුණු වීමට ඉවහල්වී ඇත

මහනුවර කන්ද වීදියේ අංක 28 දරණ ලිපිනයේ පිහිටි සියපත ෆිනෑන්ස් නව ශාඛාව පිළිබඳ වැඩි විස්තර කාර්යාලීය වේලාවන් හීදී එහි පිවිසීමෙන් හෝ 0817605625 අංකයෙන් ලබාගත හැකි අතර වෙනත් සියළු තොරතුරු සඳහා www.siyapatha.lk  වෙත පිවිසෙන්න

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව