වටවල තේ සමාගම තේ නිෂ්පාදන සපයමින් දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන සඳහා සහාය වෙයි

Watawala-Tea

ශ‍්‍රි ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් අතර ප‍්‍රමුඛතම සමාගමක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමුහයෙ හි අනුබද්ධිත සමාගමක් වන ශ්‍රී ලංකාවේ අංක 1 තේ සන්නාමය වන වටවල තේ සමාගම (WTCL), ශ්‍රී ලංකාව සීඝ‍්‍රයෙන් යථා තත්වයට පත් කිරීමට හා ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමේ වක‍්‍රය අවම කිරීම සඳහා රට පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට සහ කාර්ය මණ්ඩලයේ පරිභෝජනය සඳහා මෑතකදී තේ නිෂ්පාදන පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

’ Zesta තේ බෑග් හා වටවල හරිත තේ බෑග් වලින් සමන්විත වූ සමාගමේ මෙම දායකත්වය නිරෝධායන මධ්‍යස්ථාන අතර බෙදා හැරීම සඳහා කැළණියේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ප‍්‍රධාන සැපයුම් ගබඩාවේදී මේජර් කේ. ජී. එල්. ආර්. එන්. කරුණාතිලක සහ බි‍්‍රගේඩියර් ටී. එච්. ඩ‍්‍රහීම් වෙත භාර දෙන ලද්දේ වටවල තේ සමාගමෙ හි අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ෆර්මන් නිසාර් මහතා විසින්ය. වටවල තේ සමාගමේ නවතම ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය වන මෙය, මෙම වසංගතය පාලනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටින මහජනතාවට හා වෙහෙස මහන්සි වී වැඩ කරන කාර්ය මණ්ඩලයට සහාය දැක්වීමේ සාමුහික ප‍්‍රයත්නයකි.

මෙම තේ බෑග් ලබා දීමේ අරමුණ වූයේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට හා එහි සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය වූ විටෙක තමන්ගේම තේ කෝප්පයක් සාදා ගැනීමටය. මෙය නිරෝධායන මධ්‍යස්ථාන මගින් සපයන තේ වලට අතිරේකයක් වනු ඇත. තේ යනු පිපාසය හා වෙහෙස සංසිඳුවා ගැනීමට දිනකට කිහිප වරක් පානය කරන ශ්‍රී ලාංකිකයින් සියලූ දෙනා දැඩි ලෙස ඇළුම් කරන, ඔවුන්ගේ ප‍්‍රියතම පානයකි. ජලයෙන් පසු ලෝකයේ වැඩිපුරම පරිභෝජනය කරන ප‍්‍රසිද්ධ පානයක් ලෙස හැඳින්වෙන තේ දළු (Camellia Sinensis) ප‍්‍රතිශක්තිය වැඩි කරන ප‍්‍රතිඔක්සිකාරක හා ඛනිජවලින් පොහොසත් බව සනාථ වී ඇත.

‘‘ශ්‍රී ලංකාවේ සන්නාමගත තේ වෙළෙඳපොළ ප‍්‍රමුඛ්‍යා ලෙස, අපි මෙම දුෂ්කර කාල පරිච්ෙඡ්දයේදී ජාතිය වෙත අපගේ පූර්ණ සහයෝගය ලබා දීමට දැඩිව කැප වී සිටිමුx ජනතාවගේ සුව පහසු බව සහ සෞඛ්‍යය යන දෙඅංශයටම බෙහෙවින් උපකාර වන අප පරිත්‍යාග කළ තේ, මෙම මධ්‍යස්ථානවල සීමාවන් තුළ ජීවිතයට හැඩ ගැසෙන ඔවුන්ට අවශ්‍යය සහනය ලබා දෙන මූලාශ‍්‍රයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.,’’ යනුවෙන් වටවල තේ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, සුරිත් පෙරේරා මහතා පැවසුවේය.

වෛරස් ආසාදන හා අනෙකුත් ශ්වසන රෝග නිසා ඇති වන ඉන්ෆ්ලූවෙන්සා හා සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාව පාලනය කිරීමේදී තේ වල ඇති විශේෂිත හැකියාව අධ්‍යයන කිහිපයකින් සනාථ කර ඇත. තේ නිෂ්පාදනයේදී ඇති වන ස්වභාවික එන්සයිම ඔක්සිකරණ ක‍්‍රියාවලිය මගින් Theaflavin නම් මූලද්‍රව්‍ය තේ තුළ අන්තර්ගත වේ. එයට අමතරව තේ වල ඇති අනෙකුත් රසායනික ද්‍රව්‍යය ද ප‍්‍රතිවෛරස් ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර ඇත. එම නිසා ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාර වන පානයක් ලෙස තේ මෑතකදී ප‍්‍රසිද්ධියට පත් විය.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට වැඩි තේ කෝප්ප සංඛ්‍යාවක් ලබා දීමට වටවල තේ සමාගම විසින් ආරම්භ කරන වැඩසටහන මගින් එම මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ගේ ප‍්‍රතිශක්තීකරණ මට්ටම ඉහළ නැංවීමට සහය වීම බලාපොරොත්තු වනු ඇත. එමෙන්ම COVID-19 නිසා ඇති වූ පෙර නොවූ විරූ වෛද්‍ය හා ආර්ථික අර්බුදය සමඟ කටයුතු කිරීමට සහ සමාගමේ පාරිභෝගිකයින්ට හා විශාල වශයෙන් පැතිරුනු ප‍්‍රජාවට උපකාර කිරීමට සමාගම දැඩිව කැපවී සිටී.

වටවල තේ සමාගමෙ හි අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ෆර්මන් නිසාර් මහතා විසින් බි‍්‍රගේඩියර් ටී. එච්. ඩ‍්‍රහීම් වෙත තේ ඇසුරුම් පෙට්ටියක් ලබා දෙමින්. මේජර් කේ. ජී. එල්. ආර්. එන්. කරුණාතිලක සහ වටවල තේ සමාගමේ සැපයුම් ජාල ජ්‍යෙෂ්ඨ කළමනාකාර ශානක ජයවීර යන මහත්වරුද ඡුායාරූපයේ වෙති.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව