ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවති ලෝක පරිසර දිනය සැමරීම වෙනුවෙන් කොකා-කෝලා පදනම, වර්ල්ඩ් විෂන් ලංකා සමඟ එක් වෙයි

WTC PR 4 (LBN)

පසුගිය ජූනි 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ප්ලාස්ටික් එකතු කිරීමේ නව පහසුකම් 3ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. ඊට සමගාමීව ASPIRE ව්‍යාපෘතිය යටතේ PET ප්ලාස්ටික් බෝතල් වෙන් කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව පැමිණ සිටි පිරිස් දිරිමත් කිරීම වෙනුවෙන් සමාරම්භක උත්සවයක් හා දැනුවත් කිරීමේ සැසියක්ද ද ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම සහයෝගීතාව තුළින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ එකතු වන PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කර ප්‍රතිචක්‍රීයකරණය කිරීම සහතික කරනු ලබයි. ASPIRE ව්‍යාපෘතිය යටතේ ප්ලාස්ටික් එකතු කිරීමේ පහසුකම් 30 ක් අලුතින් පිහිටුවීමට අරමුණු කොට ගෙන ඇත. ASPIRE ව්‍යාපෘතිය තුළින් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කරන අතරම ප්‍රජාවන් සවිබල ගැන්වීමටද දායක වේ.

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව