ලෝක බැඩ්මින්ටන් දිනය සැමරීමට විචිත්‍රවත් පාගමනක් 6වැනිදා කොළඹදී

13 (1)

ලෝක  බැඩ්මින්ටන් දිනය සැමරීම සඳහා  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙම මස 6 වැනිදා කොළඹදී විශේෂ උත්සවයක් සංවිධාන කර ඇත. රටවල් 178කදී පැවැත්වෙන මෙම ගෝලය සැමරුමට ඇතුළත්ව එදින පෙරවරු 8.45ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථානය අසළදී විචිත්‍රවත් පාගමනකින් එම උත්සවය ආරම්භ වේ.

 



 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන්, විධායක කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කාර්ය මණ්ඩලය, ජාතික බැඩ්මින්ටන් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව විසින් පවත්වා ගෙනයනු ලබන පුහුණු සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන්, පුහුණු සංචිතවල මාපියන්ගේ කමිටුව සහ විවිධ පාසල්වල නියෝජිතයන් ඇතුළුව 350කට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තූර්යවාදන කණ්ඩායමේ සංගීත වාදනයෙන් සහ සරසනු ලැබූ වාහන පෙළකින් එම පා ගමන වර්ණවත් වනු ඇත.

මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අසළින් ඇරැඹෙන පා ගමන හෝටන් පෙදෙස, ඇල්බට් චන්ද්‍රවංකය, නිදහස් මාවත ඔස්සේ කිලෝමීටර් 2.8ක දුරක් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ක්‍රීඩා  හා තරුණ කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා සහ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහත්වරු ද එම අවස්ථාවට එක්වනු ඇත.මේ පිළිබඳ වැඩි විස්තර සඳහා 0741377203 දුරකතන අංකයෙන් කලාපීය සංවර්ධන කමිටුවේ සම්බන්ධිකාරක අමතන ලෙස බැඩ්මින්ටන් ආයතනය දැනුම් දෙයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව