ලෝක ජනාවාස දිනයෙහි තේමාව අරුත් ගැන්වූ ක්‍රිස්බ්‍රෝ ප‍්‍රජා අරුණ වැඩසටහන

Image 02

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන තමන්ගේම නිවහනක් නොමැති හෝ මූලික පහසුකම් නොමැති එහෙත් සමාගම වෙනුවෙන් දැඩි කැපවීමකින් සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ සමාගම 2012 දී ක‍්‍රියාත්මක කළ ප‍්‍රජා අරුණ වැඩසටහන අති සාර්ථකව මේවන විටත් ක‍්‍රියාත්මක වන අතර හිසට සෙවනක් නොමැති පවුල් සහ අබලන් නිවාසයන්හි දිවිගෙවූ සමාගමේ සාමාජිකයින් රැසකගේ නිවාස ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමට ක‍්‍රිස්බ්‍රෝ සමාගමට හැකි ව තිබේ. 2022 ලෝක ජනාවාස දිනයෙහි මෙරව තේමාව වූ කාබන් විිමෝචනය හැකි තාක් අවම වූ ලෝකයක නාගරික හා ග‍්‍රාමීය නිවාස හිමිිකම තහවුරු කිරීම යන අදහස අරුත් ගන්වමිින් ක‍්‍රිස්බ්‍රෝ සමූහයෙහි සේවක සේවිිකාවන්ගේ නිවාස අවශ්‍යතාවන්ට සැබෑ විිසඳුම් ලබා දීමට ප‍්‍රජා අරුණ වැඩසටහන හරහා ක‍්‍රිස්බ්‍රෝ සමූහය පියවර ගෙන ඇත”

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, රටේ ජනගහනයෙන් සියයට 77‍්‍ර ක් ග‍්‍රාමීය ප‍්‍රදේශවල වාසය කරන අතර බොහෝ විට, මෙම ප‍්‍රදේශවල ආර්ථිකය කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ ධීවර කර්මාන්තය ඇතුළු ප‍්‍රාථමික අංශය මත කේන්ද්‍රගත වේ.

මේ අනුව, ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රමුඛ ක‍්‍රියාකාරකම් අතරට ආහාර, නූල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය නිෂ්පාදනය ඇතුළත් වන අතර, වර්ධනය වන ජනගහනයට ආහාර සැපයීම සහ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් ග‍්‍රාමීය වැසියන්ගේ දායකත්වය සැලකිය යුතු බව සනාථ කරයි. කෙසේ වෙතත්, ප‍්‍රාථමික අවධියේදී FMCG සැපයුම් දාමයන් සඳහා ඔවුන්ගේ ප‍්‍රධාන දායකත්වය තිබියදීත්, බොහෝ ග‍්‍රාමීය නිවාසවලට පානීය ජලය සහ විදුලිය වැනි මූලික ජීවන පහසුකම් හෝ නොමැති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුව පෙන්වා දෙයිග

එම තත්වය තුළ, ක්‍රිස්බ්‍රෝ , සමාගමේ ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් වූ ප‍්‍රජා අරුණ ව්‍යාපෘතිය එහි ආරම්භයේ සිටම, සුදුසුකම් ලත්, සමාජ-ආර්ථික වශයෙන් පීඩාවට පත් සේවකයින්ට උසස් ජීවන මට්ටමක් ලබා දීමට සිය අවධානය සහ උනන්දුව පුළුල් කර ඇත. අද වන විට මෙම ව්‍යාපෘතිය මගින් නිවාස 84 ක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර නව නිවාස 34ක් ඉදිකොට එම නිවාසයන් ක්‍රිස්බ්‍රෝ සේවකයින්වෙත භාරදී ඇතග

”අපගේ ප‍්‍රජා අරුණ වැඩසටහන දශකයකට ආසන්න කාලයක් තිස්සේ ඔප්පු කර ඇති පරිදි ග‍්‍රාමීය ප‍්‍රදේශවල පදිංචි සේවකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට අපගේ කැපවීම කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියටත් අපි කරගෙන යනවා. ග‍්‍රාමීය නිවාස සංවර්ධනය සඳහා අපගේ දායකත්වයට අමතරව පරිත්‍යාග 4,500 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර පුද්ගලයින් 250 දෙනෙකුට සෘජුව ආධාර කරමින් යන මෙම ගමනේ දී පීඩාවට පත්ව සිටින සුදුසු ජීවන තත්වයක් අවැසි සෑම සේවකයෙකුටම ආධාර කළ හැකි බව අපට විශ්වාසයි.” යනුවෙන් ක්‍රිස්බ්‍රෝ සමූහයේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමොරේස් සෙලර් මහතා පැවසීයග

ක්‍රිස්බ්‍රෝ ප‍්‍රජා අරුණ ආයතනික සමාජ වගකීම් වැඩසටහන සමාගමේ සෙසු ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයන් 6 අතුරින් එකක් වන අතර එය ක්‍රිස්බ්‍රෝ සේවකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරයි. ඉදිකරනු ලබන සියලූම නව නිවාස සඳහා වැය වන සම්පුර්ණ පිරිවැය ක්‍රිස්බ්‍රෝ විසින් එහි සේවක සුභසාධක සංගමය වෙත බැර කෙරෙන අතර සුභසාධක සංගමය මගින් එම අරමුදල් මෙම නිවාස ව්‍යාපෘති සඳහා ක්‍රමානුකූලව ලබා දෙයිග

ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇති සේවකයින් තෝරා ගැනීම සඳහා පළමුව අයදුම්පත් කැඳවීමක් සිදු කරනු ලබන අතර, එක් එක් සේවකයාගේ සේවා කාලය, කාර්යය සාධන දායකත්වය, ජීවන තත්වයන් සහ වත්මන් නවාතැන් වල තත්වය සලකා බලන ව්‍යුහගත තේරීම් නිර්ණායක මත පදනම්ව නිවාස ලබා දීම සඳහා සමාලෝචනය කෙරේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව