ලූම්බිණි ඇක්වේරියා 2022 NCE අපනයන සම්මාන උළෙලේදී රන් සම්මානය දිනයි

Lumbini Aquaria - NCE Gold Award 2022 (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයේ පුරෝගාමියා වන, ලූමිබිණි ඇක්වේරියා ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරණු ලබන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී, විසිතුරු මත්ස්‍ය අංශයේ විශාල කාණ්ඩයේ ‘රන් සම්මානය’ දිනා ගැනීමට සමත්වී ඇත. විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යාපාරයේ පුරෝගාමී සමාගමක් වන ලූම්බිණි ඇක්වේරියා සමාගම, ශ‍්‍රී ලංකාවෙන් බිලියනයකට වඩා සජීවී මසුන් අපනයනය කිරීමේ ගෞරවයට පාත‍්‍රවී සිටින ආයතනයක් වෙයි.

අපනයන කාර්ය්‍ය සාධනය සඳහා වන මෙම කීර්තිමත් රන් සම්මානය තුළින්, ලූම්බිණි ඇක්වේරියා සමාගමේ ව්‍යාපාර ආකෘතියේ වැදගත් අංග කිහිපයක්ම අවධාරණය කෙරෙයි. ඒ  අතර ව්‍යාපාරයේ විශිෂ්ටත්වය සමග ව්‍යාපාර ක්ෂේත‍්‍රයට අදාල වන වැදගත් සාධකයක් වන, සමාජ, පාරිසරික සහ ආර්ථික යන ත‍්‍රිත්ව පහළ රේඛාව පුළුල් ලෙස අගැයීමට ලක්වී ඇත.

වර්තමානයේදී ත්‍ද Forsyth Capital විසින් හිමිකාරිත්වය දරණ ලූම්බිණි ඇක්වේරියා සමාගම, වසර 70ක් පැරැණි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම විසිතුරු මත්ස්‍ය සහ ජලජ පැලෑටි අපනයන සමාගමද වෙයි. මෙම සමාගම ශ‍්‍රී ලංකාව පුරා අභිජනන මධ්‍යස්ථාන 5ක් ක‍්‍රියාත්මක කරන අතර, මිරිදිය මත්ස්‍ය, ශීතජල මත්ස්‍ය, සමුද්‍ර මත්ස්‍ය, අපෘෂ්ඨවංශීන් සහ ජලජ පැලෑටි ඇතුලූ විවිධ වර්ග දහසකට අධික ප‍්‍රමාණයක් ලෝකයේ රටවල් 26කට අපනයනය කරයි.

NCE ජාතික සම්මානවල අඛණ්ඩ ජයග‍්‍රහකයකු වන ලූම්බිණි ඇක්වේරියා සමාගම 2018 වසරේදී රිදී සම්මානයක් සහ 2017 සහ 2021 වසරවලදී ලෝකඩ සම්මාන දිනාගත්තේය.

ලූම්බිණි ඇක්වේරියා සමාගමේ සභාපති විභූ පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ‘අභියෝග රැසක් මධ්‍යයේ වුවද සමාගමේ සම්මානලාභී කාර්ය සාධනය පිළිබඳව අපි සතුටු වෙනවා. විදේශ මුදල් ඉපැයීමේ ජාතික ප‍්‍රයත්නයට ලූම්බිණි ඇක්වේරියා සමාගම දායක වෙනවා පමණක් නොව, ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීමටද උපකාරී වෙනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින දැඩි ගුණාත්මක තත්ත්වයන්ට සහ අභිප‍්‍රායන්ට අනුව අපගේ ව්‍යාපාර කටයුතු සිදු කෙරෙන අතර, මෙවැනි වර්ණවත් අපනයනයන් හරහා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ සංචාරක නිවාඩු ගමනාන්තයක් ලෙසටද ලෝකය විසින් හඳුනාගනු ලබනවා,’ යනුවෙන් ද ඒ මහතා අවධාරණය කළේය.

‘ලූම්බිණි ඇක්වේරියා’ ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සමන්විත වන්නේ එම සමාගමේ සභාපති විභූ පෙරේරා, ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්‍යක්‍ෂ ඞීප්ති පෙරේරා මහතා, සිවසෝති සිතාර්තන් මහතා සහ ජලජීවී වගාව (Aquaculture) පිළිබඳ අධ්‍යක්‍ෂ කපිල තිසේරා යන මහත්වරුන්ගෙනි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව