ලුමාලා සමාගමේ සුහුරු ප්‍රවාහන සහ තිරසර වැඩපිළිවෙළ, 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි

1- Aazim of Lumala receiving award (LBN)

පුළුල් ගෝලීය තිරසර අරමුණු සාක්ෂාත් කරගැනීමට ලබාදෙන අඛණ්ඩ දායකත්වය සහ ශ්‍රී ලාංකිකයින්ට ක්‍රියාශීලී ජීවන රටාවක් සමීප කරවීමට දරන උත්සාහය අගයකරමින් City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගමට පසුගියදා පැවැති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී පෞද්ගලික ආයතන අංශයේ හොඳම පාරිසරික දායකත්ව අංශයෙන් ලෝකඩ සම්මානයක් පිරිනැමුණි. මෙම සම්මානය පිරිනැමුණි.

පරිසර අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධානය කළ මෙම සම්මාන ප්‍රදානෝත්සවය ජුනි 28 වැනිදා කොළඹ BMICH හිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

 




 

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර අමාත්‍ය ජානක වක්කුඹුර, වෙළෙඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන්, පරිසර අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරු සහ තානාපති අංශ නිලධාරීහු රැසක් ද මෙම සම්මාන උළෙලට සහභාගී වී සිටියහ.

දශක හතරකට අධික කාලයක් පුරා පාපැදි සහ විද්‍යුත් පාපැදි අපනයනය කරන ලුමාලා සමාගම සුහුරු ගමනාගමනයේ ප්‍රමුඛයෙකි. විශේෂයෙන්ම ආචාර ධාර්මික සහ තිරසර භාවිතාවන් අනුගමනය කරමින් සිය නවෝත්පාදන හඳුන්වාදීම පිළිබඳව ලුමාලා සමාගම ප්‍රසිද්ධියක් උසුලයි.    ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණය වෙනුවෙන් හඳුන්වා දුන් Eco Hauler විද්‍යුත් පාපැදිය ඊට කදිම නිදසුනකි.

වර්ෂ 2030 වනවිට රටේ වන ගහනය සියයට 32ක් දක්වා වැඩිකිරීමටත්, හරිතාගාර වායු විමෝචනය සියයට 14.5කින් අඩුකිරීමටත් ශ්‍රී ලංකාව සතු ඉලක්කයට ද ලුමාලා සමාගම සිය දායකත්වය ලබාදෙයි.

USAID CCBO සමඟ එක්ව ක්‍රියාවට නැංවුණු Eco-Hauler ව්‍යාපෘතිය හරහා නාගරික, වෙරළබඩ සහ ගංගා ඉවුරු ආශ්‍රිත කලාපයන්හි ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වළක්වා ගැනීමත්, කසළ එක්රැස් කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂ කිරීමත් අපේක්ෂෘ කෙරේ.

ලුමාලා විද්‍යුත් පාපැදි නිර්මාණය කර ඇත්තේ අඩු පිරිවැයක් සහ පරිසර හිතකාමී ප්‍රවේශයකිනි. එමෙන්ම අවම පරිසර බලපෑමක් ඇති කරමින්, වැඩි කාර්යක්ෂමතාවක්, නිෂ්පාදන හැකියාවක් සහ කල්පැවැත්මක් ළඟාකරගැනීමට ද ලුමාලා විද්‍යුත් පාපැදිවලට හැකිව තිබේ. විශේෂයෙන්ම ලුමාලා Voltage විද්‍යුත් පාපැදි පෙළට එහි වැඩි අවධානයක් යොමුවෙන අතර, Uber Eats ද ලුමාලා විද්‍යුත් පාපැදි භාවිතයට එක්ව සිටියි. මෙම ව්‍යාපාරික සහයෝගීතාව ද 2023 තිරසර ව්‍යාපෘති සම්මාන උළෙලේද දී ඒ වෙනුවෙන් ලුමාලා සමාගම කුසලතා සම්මානයක් හිමිකරගත්තේය.

පසුගිය වසරේ සාර්ථකත්වයත් සමඟ මෙවර ද Eco Ride 2.0 වැඩසටහනට ලුමාලා අනුග්‍රහය දක්වයි. තිරසරභාවය සහ විද්‍යුත් ගමනාගමන ක්‍රමවේද පිළිබඳව සමාජය දැනුවත් කරන වැඩසටහනක් ලෙස එය හැඳින්විය හැක.

ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ලැබුණු මෙම ලෝකඩ සම්මානය සුහුරු ප්‍රවාහනයට අදාළ  නවෝත්පාදනය සහ පරිසර හිතකාමීත්වය වෙනුවෙන් ලැබුණු වටිනා ඇගයුමකි. ලුමාලා සමාගමේ හරිත වැඩසටහන් ගැන වැඩිදුර තොරතුරු සඳහා www.lumala.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව