ලින්ක් නැචුරල් මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් සිය බැතිබර දායකත්වය ලබා දෙයි

Image - Link Natural (LBN)

ලින්ක් නැචුරල් වසර 40කට වැඩි කාලයක් පුරා දෙස් විදෙස් පාරිභෝගිකයන් හට නීරෝගී සුව දිවියක් සහතික කළ විශ්වාසනීය සන්නාමයකි.  විශ්වාසදායී ආයුර්වේදීය වටිනාකමින් යුත් ශාකසාර ඖෂධ හා ස්ව සත්කාර නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයන් වෙත පිළිගන්වන ලින්ක් නැචුරල්, දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සංචාරක අවධානය දිනා ගත්  මහනුවර ඇසළ පෙරහැර සංස්කෘතික මංගල්‍යය වෙනුවෙන් මින් පෙර ලබා දුන් දායකත්වය නැවත ක්‍රියාවට නංවමින් 2024 වසරේ මහනුවර දළදා පෙරහැර සඳහා සිය බැතිබර සහය ලබා දී ඇත.

 




 

වාර්ෂිකව පැවැත්වෙන මෙම සංස්කෘතික උළෙල, බෞද්ධයන් විසින් දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදු කරන පූජාවක් වන අතර එමඟින් ශ්‍රී ලාංකික සම්ප්‍රදායෙහි විචිත්‍රත්වය ලොවට විදහාපායි. ලින්ක් නැචුරල් විසින් මෙම රන්දෝළි පෙරහැර නැරඹීමට පැමිණි බැතිමතුන් සඳහා සමහන් පානය ලබා දීමෙන් ඔවුන්ගේ විඩාව  අවම  කිරීමට සහය දෙන ලදී. එමෙන්ම පෙරහැරේ ගමන් කරන නර්තන හා වාදන ශිල්පීන්ගේ මස්පිඩු වේදනා හා මස්පිඩු පෙරලීම් සමනය කිරීම සඳහා  පෙරහැර ආරම්භයට පෙර එම ශිල්පීන් වෙනුවෙන්ම Crampgard Plus  සහ Musclegard ලබා දී ඒවා ගැල්වීම සිදු කරන ලදී.  එය එම ශිල්පීන්ගේ වේදනාවන් සමනය කර නර්තන හා වාදන කටයුතු ඉතා විචිත්‍රවත්ව සිදු කිරීමේ හැකියාව ලබා දෙන ලදී. මීට අමතරව පෙරහැරට සම්බන්ධ ප්‍රථමාධාර කණ්ඩායම් වෙත පෙරහැර නැරඹීමට පැමිණි සහ පෙරහැරේ ගමන් කරන්නන්ගේ හිසරදය, ප්‍රතිශ්‍යාව ඇතුළු වේදනා කැක්කුම් සමනය කිරීමට සමහන් SP Balm ද ලබා දී තිබිණි. මෙම සියලු සද්කාර්යයන් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වූ දින 3ක දී  විෂ්ණු, නාථ හා පත්තිනි දේවාලයන්හි ඇති ස්වේච්ඡා සහන කඳවුරු ඔස්සේ සිදු කරන ලදී.

සොබාදහමේ ප්‍රතිකර්මයන් මූලික කර ගෙන, දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ක්‍රමවේදයන්, නූතන විද්‍යාව හා තාක්ෂණය සමඟ එක්කාසු කර පාරිභෝගිකයන් වෙනුවෙන්  ඵලදායී හා ආරක්ෂාකාරී සෞඛ්‍ය හා ස්ව සත්කාර විසඳුම් ලබා දෙන ලින්ක් නැචුරල්, තම නිෂ්පාදන ඔස්සේ මහනුවර ඇසළ පෙරහැර නරඹන ජනතාවගේ සුවපහසුව හා සුවපත්භාවය වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කිරීම වටිනා කර්තව්‍යයකි.

මහනුවර ඇසළ පෙරහැර සඳහා ලින්ක් නැචුරල් වෙතින් දක්වන මෙම සහයෝගය, සංස්කෘතික අංගයන් ආරක්ෂා කිරීම පමණක් නොව, ජීවිතයේ සෑම අවස්ථාවකම යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට සන්නාමය සතුව පවතින  කැපවීම පෙන්නුම් කරයි. ලින්ක් නැචුරල් නිෂ්පාදනවල පවතින විශිෂ්ටත්වය සහ සංස්කෘතිය සමඟ පවතින සහයෝගය නිසා ජනතා හදවත් තුළ ආදරණීය හා විශ්වාසනීය සන්නාමයක් ලින්ක් නැචුරල් ලෙස සනිටුහන් වේ.

දළදා පෙරහැර නැරඹීමට දේශීය විදේශීය සංචාරකයන්, බැතිමතුන්, මාධ්‍යවේදීන් වැනි පිරිස් සම්බන්ධ වන අතර ලින්ක් නැචුරල් මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් සිය බැතිබර දායකත්වය ලබා දීම, සුවතාව ප්‍රවර්ධය කිරීම උදෙසා ශ්‍රී ලාංකිකයන් සතු කැපවීම පිළිබඳව ධනාත්මක ප්‍රතිරූපයක් ඇති කරයි.

සිය විශ්වාසනීය ආයුර්වේද නිෂ්පාදන පෙළ, සංස්කෘතික අංගයන් සමඟ මෙලෙස පෙළගස්වාලීමෙන්, ලින්ක් නැචුරල් සිය සන්නාමය ශ්‍රී ලාංකික හදවත් තුළ තවදුරටත් ශක්තිමත්ව ස්ථාපිත කරයි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව