ලිට්රෝ සමාගමේ මාධ්ය නිවේදනයයි

d1d2c28a-6d4fe4ee-12

 




 

 

ලෝක වෙළද පොලේ ගෑස් මෙ.ටො එකක මිල ඔක්තෝබර් 1 වෙනිදා සිට ඇ.ඩොලර් 800 දක්වා ඉහළ ගොස් ඇත. මෙය ඍජුව 12.5නට සිලින්ඩරයට පරිවර්තනය කල විට රු.2,021 කි. අද වන විට ලිට්රෝ 12.5නට සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රු.1,493 කටය. නැව් හා රක්ෂණ ගාස්තු ඇතුලු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් සදහා බලපාන ඍජු වියදම් වල එකතුව රු. 700 වන අතර 12.5නට ගෑස් සිලින්ඩරයක වියදම පමණක් පියවා ගැනීම සදහා අළෙවි කල යුත්තේ රු.2,800 ටය.

මේ වනවිට ආයතනය පසුගිය මාස 9 තුල මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500 ක අලාභයක් ලබා ඇත. එබැවින් මේ වන විට ආයතනය මුල්‍යමය වශයෙන් දැඩි අසීරු තත්වයකට පත් වී ඇති අතර නොවැම්බර් මාසය වන විට මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබා නොදුනහොත් ගෑස් ගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇත. මෙම අවස්ථාවේදී රටට අවශ්‍ය ගෑස් ගෙන ඒම සඳහා මසකට අවශ්‍ය වන ඇ.ඩො මිලියන 30 ක් රජයට දැරිය හැකිද? මෙම තත්ත්වය තුල රටෙහි ගෑස් හිඟයක් ඇතිවීම වැලැක්විය නොහැක.

මේ පිළිබඳව අප විසින් සියලු අංශ දැනුවත් කර ඇති නමුත් කිසිම අංශයකින් මේ සම්බන්ධයෙන් සැලසුමක් හෝ විසඳුමක් ලබා දුන් බවක් නොපෙනෙන අතර මෙය ලිට්රෝ ආයතනය බංකොලොත් තත්ත්වයකට පත්වීමට ඉඩ හරින බවක් හෝ රජය අපහසුතාවයකට පත්කිරීමට දරණ තවත් උත්සාහයක් බව පෙනෙනු ඇත.

අවශය්‍ය අවස්තාවේදී හරි තීරණ නොගැනීම මගින් අවසානයේ සිදුවන්නේ සමස්ත පාරිභෝගික ජනතාවම අපහසුතාවයටම පත්වීම, රජයේ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය නැති වීම, රජය සතු දැවැන්ත ලාබදායී ආයතන බිඳවැටීම හා අවසනයේ මෙතෙක් මහා භාණ්ඩාගාරයට බරක් නොවූ ගෑස් ව්‍යාපාරය පවත්වාගෙන යාමේ වියදම අවසානයේ සමස්ත මහජනතාව වෙත පැටවිමයි.

අකමැත්තෙන් වුවද, මෙම තත්ත්වය යටතේ 12.5 සිලින්ඩරයක මිල රු. 1,200 කින් ඉහළ නැංවිය යුතුය. මෙම මිල වැඩි කිරීම සම්පුර්ණ ලෙස නොලැබුණහොත් මිලෙහි වෙනස මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුවේ. තවද පසුගිය අගෝස්තූ මස රු. 363 කින් වැඩිවු 12.5නට සිලින්ඩරයක මිළ වැඩිකරීම පෞද්ගලික සමාගමක්වු ලාෆ්ස් සමාගමට පමණක් ලබාදීම ද මවිතයට කරුණකි.

තවද ලංකාවට ගෑස් ගෙන ඒම සදහා Siyolit (Pvt) Ltd නමින් වෙනම ආයතනයක් පිහිටුවා කටයුතු කිරීම මෙම ගැටලුවට කිසිසේත් පිළිතුරක් නොවන අතර මෙම උපායමාර්ගය නොයෙකුත් කණ්ඩායම් හා පුද්ගලයින් හට ආදායම් මාර්ගයක් සකසා ගැනීම සදහා දරන උත්සහයක් බව පෙනී යයි .

Siyolit (Pvt) Ltd මුලදී ලිට්රෝ සමාගම හවුල් කර ගත්තද, ජනාදධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා දැනුවත් කිරීමෙන් පසු එම සමාගමෙන් හා අධ්‍යක්ෂක ධූරවලින් ලිට්‍රෝ සමාගම ඉවත් විය.

වසර 150 කාලයක් පුරාවට පැවත එන ලිටෝ සමාගම 1995 සිට 2010 දක්වා කාලය තුල ෂෙල් ගෑස් සමාගම පාලනය කල අතර එම සියලුම අත්දැකීම් සහිතව සේවක සංකාය්‍යව 225 කින් රුපියල් කෝටි 50,000 (බිලියන 50) ව්‍යාපාරයක් කරමින් අදවනවිට වෙළද පොල තුල 80% ක කොටසකට හිමිකම් කියන රජය සතු ඇති කාර්යක්ෂමතාවයෙන් ඉහළම ආචාරධර්ම වලින් පිරි ආයතනකි.

මේ සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ හා අදාළ බලධාරීන්ගේ මැදිහත්වීම ඉතා ඉක්මනින් සිදුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

 

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව