ලිට්‍රෝ ගෑස් සුපවේදීන්ගේ විශිෂ්ටත්වය ඇගයූ CAFE 2024 බලගන්වයි

Litro Gas energizes Litro Chef’s Guild for the 21st consecutive year PR Pic#2 (LBN)

Chefs Guild Lanka (CGL) සමඟ සහයෝගිතාවයෙන් පැවැත්වෙන Culinary Art Food Expo (CAFE) 2024 හි ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස නොකඩවා 21 වන වරටත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පසුගියදා සහභාගි විය. ජූනි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී (SBMEC) පැවැත්වූ මෙම උත්සවය සූපශාස්ත්‍ර කලාවේ සහ නව්‍යකරණයේ විශිෂ්ටතම අවස්ථාවන් ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ උළෙලක් බවට පත් විය.

 



 

ශ්‍රී ලංකාවේ විශාලතම LP ගෑස් ආනයන සහ සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා අඛණ්ඩව 21 වන වසරටත් මෙම විශිෂ්ට සූපශාස්ත්‍ර සහ වෙළෙඳ ප්‍රදර්ශනය සවිබල ගැන්වීම පිළබඳව ගෞරවයට පාත්‍ර විය. එමෙන්ම ලිට්‍රෝ ගෑස් නැවත වරක් ඉවුම් පිහුම් වෙළෙඳ කුටි 75ටම බාධාවකින් තොරව ගෑස් සැපයුමක් සහතික කරමින් නිල සහ එකම LP ගෑස් සහකරු බවට පත්විය.

CAFE 2024 ආහාර සැකසීමේ සිට පරිභෝජනය දක්වා සූපශාස්ත්‍ර කලාවේ සෑම අංශයක්ම විශේෂයෙන් ඉස්මතු කරන ආහාර නිෂ්පාදන සහ සේවා පිළිබඳ පුළුල් ප්‍රදර්ශනයක් විය. මෙම උත්සවය එහි අංග වන සූපශාස්ත්‍ර තරඟ, වෙළෙඳ කුටි, ආහාර සැණකෙළි, ඉවුම් පිහුම් ක්‍රම හඳුන්වාදීම් සහ ඉවුම් පිහුම් පන්ති සඳහා ප්‍රසිද්ධය. සූපශාස්ත්‍ර සහ සත්කාර ක්ෂේත්‍රයේ නවෝත්පාදන සඳහා අනර්ඝතම වේදිකාව වන CAFE විශිෂ්ටතම ජාත්‍යන්තර ආහාර පාන සහ ආගන්තුක සත්කාර සන්නාමයන්ගේ පෙරළිකාර නිෂ්පාදන සහ සේවාවන් එළිදැක්වීමට මහඟු තෝතැන්නක් විය.

ලිට්‍රෝ ගෑස් සූපශාස්ත්‍ර ක්ෂේත්‍රය තුළ ඉටුකර ඇති සුවිශේෂී කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ ලිට්‍රෝ ගෑස් ලංකා හි සභාපති මුදිත පීරිස් මහතා, “අපගේ ගමන ආවර්ජනය කරන විට, අප පැමිණ ඇති දුර පිළිබඳව ඇති වන්නේ ඉමහත් ආඩම්බරයක්. නිමක් නැති පෝලිම් සහ ගෑස් හිඟ පැවති දින පසුකරමින් නැවතත් අපි අපගේ මූලික වගකීම වන ඉවුම් පිහුම් සඳහා උදව්වන විශ්වාසදායක සැපයුම්කරුවෙකු බවට පරිවර්තනය වී ඇත. සූපශාස්ත්‍ර ක්ෂේත්‍රය සඳහා අපගේ කැපවීම, විශේෂයෙන් ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාව තුළ පවා කිසි විටෙක වෙනස් වුයේ නැත. සූපවේදීන්ගේ සංසදයේ සාමාජිකයින් බොහෝ පිරිසක් සේවය කරන හෝටල් සහ ආපනශාලා කර්මාන්තයට අපි දිගටම සහයෝගය ලබා දුන්නෙමු. සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ නිර්මාණාත්මක සහ නව්‍ය කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහයෝගය දැක්වීමට හැකි වීම ලිට්‍රෝ අපට සතුටට කරුණකි.

ජාත්‍යන්තරව කීර්තියට පත් WACS අනුමත විනිශ්චයකරුවන්ගේ සුපරීක්ෂාකාරීත්වය යටතේ ලොව පුරා සිටින සූපවේදීන් ‘සූපවේදීන්ගේ සටන‘ සඳහා තරඟ කලහ. තේ, පොල් සහ කුළුබඩු සම්බන්ධ නව්‍ය සහ අනන්‍ය නිෂ්පාදන පිළිබඳව ශ්‍රී ලාංකීය විශිෂ්ටත්වය සහ ප්‍රවීණත්වය ප්‍රදර්ශනය කරන තරඟ අංශයද මෙහි කැපී පෙනෙන අංගයක් විය. විවිධ මස් වර්ග සහ නිර්මාණශීලී බේකරි නිර්මාණ වැනි නව්‍ය ප්‍රධාන නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම, පොල් ආශ්‍රිත කේක් සහ කුළුබඩු යෙදූ අතුරුපස නිෂ්පාදනය සහ පොල් අරක්කු කොක්ටේල් වර්ග සහ ජින් ආශ්‍රිත මිශ්‍රණයන් සමඟ බීම ලෝකය ජයගැනීමට සුදානම් වීම මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් විය.

එපමනක් නොව, CAFE 2024 ශ්‍රී ලාංකේය ආහාරවල ආයුර්වේදීය ගුණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ අවධානයට ලක් කිරීම අරමුණු කරගනිමින් දේශීය හා ජාත්‍යන්තර සූපවේදීන් ඔවුන්ගේ පෞරාණික උරුමය සැමරීමට එක් කරගත්තේය.

CAFE වැනි වැඩකටයුතු හරහා ලංකා සුපවේදීන්ගේ සංසදය (Chefs Guild Lanka) ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍රයන් නඟා සිටුවීමට අඛණ්ඩව කටයුතු කරන අතර, ශ්‍රී ලංකාවේ සූපවේදීන් ජාත්‍යන්තර ආහාර ප්‍රවණතා සහ ප්‍රමිතීන්හි ඉදිරියෙන්ම සිටින බව සහතික කරයි. සූපශාස්ත්‍ර විෂයමාලා සංවර්ධනය කිරීමේ සහ යාවත්කාලීන කිරීමේ සිට වෘත්තීය පුහුණු, විවිධ සූපශාස්ත්‍ර තරඟ සංවිධානය කිරීම දක්වා වූ විවිධාකාර ක්‍රියාකාරකම් රැසක් ඔස්සේ (CGL), සූපශාස්ත්‍ර කුසලතා පෝෂණය කිරීමට සහ ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලාංකීය ආහාර ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව