ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම 2023 ජාතික ආයතනික සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ටත්වයෙන් බබලයි

Litro NIOSH Awards Pic# 1 (LBN)

ශ‍්‍රී ලංකාවේ ජාතික LG ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගමන් මෙඟ් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2023 ජාතික ආයතනික සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී නැවතත් අති දැවැන්ත ජයග‍්‍රහණයක් ලබාගෙන ඇත. විවිධ කාණ්ඩ යටතේ ලබා ගන්නා ලද ගෞරවනීය සම්මාන වන හොඳම ප‍්‍රවාහන ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය, නිෂ්පාදන (සුළු/මධ්‍යම අංශය* සහ අනෙකුත් (සුළු/ මධ්‍යම අංශය* වලදී ලබාගත් සම්මාන මඟින් ලිට්‍රෝ සමාගම සුරක්ෂිතභාවය සහ විශිෂ්ඨත්වය සඳහා වූ නොසැලෙන කැපවීම තහවුරු කරයි.

 



 

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”ආරක්ෂාව සහ විශිෂ්ඨත්වය සඳහා අපගේ නොසැලෙන කැපවීම තහවුරු කරන මෙම කීර්තිමත් සම්මාන ලබා ගැනීම ලිට්‍රෝ ගෑස් ලංකා කණ්ඩායමට ඉමහත් ගෞරවයක්. මෙම සම්මානය සමස්ථ ලිට්රෝ පවුලේ සාමූහික කැපවීම සහ නොපසුබස්නා උත්සාහය පිළිබඳ සාක්ෂියක්. සියලූම මෙහෙයුම් කටයුතුවලදී සුරක්ෂිතතාවයට ප‍්‍රමුඛත්වය දීම සහ අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත විශ්වාසනීය සහ ආරක්ෂිත නිෂ්පාදන අඛණ්ඩව ලබා දීමේ අපගේ වැඩපිළිවෙල අපි අඛණ්ඩවම පවත්වාගෙන යනවා”.

”මෙම උත්සවය සංවිධානය කිරීම සහ සුරක්ෂිතතාවය සහ විශිෂ්ඨත්වය පිළිබඳ නව මානයන් කරා මෙහෙයවීම පිළිබඳව සංවිධායකයන් වෙත ලිට්‍රෝ සමාගම සිය අවංක ස්තුතිය පුදකරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ලිට්‍රෝ සමාගම සැමවිටම ආරක්ෂාව පිළිබඳව සිය ප‍්‍රමුඛත්වය ලබා දී ඇත. මෙම සම්මාන මගින් සමාගමේ සියලූම මෙහෙයුම් කටයුතු වලදී ඉහළම ආරක්ෂිත ප‍්‍රමිතීන් පවත්වාගෙන යාමට සමාගම දක්වන සැලකිල්ල සහ කැපවීම යළිත් තහවුරු කෙරේ. හොඳම ආරක්ෂිතම ප‍්‍රවාහන කළමනාකරණ කාණ්ඩයේ ලැබුණු සම්මානය මඟින් ලිට්‍රෝ සිය නිෂ්පාදන අංශය තුළ පමණක් නොව ප‍්‍රවාහනය සහ බෙදාහැරීම පුරාවටම ආරක්ෂිතබව සහතික කිරීමට දැක්වූ කැපවීම සහ උනන්දුව තහවුරු කරයි.

එපමනක් නොව, සුළු හා මධ්‍යම අංශයේ නිෂ්පාදන සහ අනෙකුත් කාණ්ඩවල සම්මාන දිනාගැනීම මඟින් ලිට්‍රෝ සිය මෙහෙයුම්වල සෑම මට්ටමකදීම ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමට ඇති කැපවීම යලි තහවුරු කරයි. එමඟින් ආරක්ෂිත සේවා පරිසරයක් සහතික කිරීම සඳහා සමාගම සියලූ අංශවලදී දක්වන උනන්දුව ඉස්මතු කරන අතර එය ක්ෂේත‍්‍රය තුළ සිටින අනෙකුත් ආයතන සඳහා සිය තත්ත්වය උසස් කිරීමට මිණුම් දණ්ඩක්ද වේ.

ලිට්‍රෝ සමාගම 2023 ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී ලබාගත් සාර්ථකත්වය ක්ෂේත‍්‍රයට නව ප‍්‍රබෝධයක් සහ මාර්ගෝපදේශකයක් ලෙස හැඳින්විය හැකියි. එමඟින් පෙන්නුම් කරන්නේ සුරක්ෂිතතාවය පිළිබඳ ඉතා දැඩි අවධානය, විශිෂ්ඨත්වය සඳහා කැපවීම, ජාතික මට්ටමේදී කැපී පෙනෙන ජයග‍්‍රහණ සහ පිළිගැනීමට හේතු විය හැකි බවයි.

මෙම විශිෂ්ඨ ජයග‍්‍රහණය තුළින් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, මෙම ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බව තහවුරු කිරීම මෙන්ම ආයතනය තුළ පමණක් නොව මුළුමහත් ලාංකීය ප‍්‍රජාව තුළම සුරක්ෂිත ආයතනික නිපුනත්වයක් සඳහා එහි අඛණ්ඩ කැපවීම යළි තහවුරු කරයි. එමෙන්ම ආයතනය සිය විශිෂ්ඨත්වය කරා ළඟාවීමේ ගමන අඛණ්ඩව පවත්වා ගනිමින් සහ ආරක්ෂක ප‍්‍රමිතීන්හි නව මිණුම් දඬු බිහිකිරීමට කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව