ලිට්‍රෝ ගෑස් ජාතිය ගොඩනැගීම සහ බලශක්ති සුරක්ෂිතතාව සඳහා වූ නව කැපවීමකින් 2024 ලෝක LP ගෑස් දිනය සමරයි.

World LPG Day PR Image#1 (LBN)

2024 ලෝක LP ගෑස් දිනය සමරමින් , ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීම තුළින් සමාජ, පාරිසරික සහ ආර්ථික පරිවර්තනයක් පිණිස මෙහෙයවීම සඳහා සිය කැපවීම යලි තහවුරු කරයි. ලිට්‍රෝ ගෑස් විසින් LP ගෑස් ආරක්ෂිත බලශක්තියක් ලෙස ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන්හිදී වැදගත් වන ආකාරය සාර්ථකව පෙන්වාදී ඇති බැවින් ”LPG බලගන්වන පිටුපසින් සිටින ඔවුන් ගේ සේවාව අගයමු” යන තේමාව යටතේ මෙවර සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවට විශේෂ වැදගත්කමක් දරයි.

 




 

LP ගෑස් භාවිතය පුළුල් කිරීම සඳහා ලිට්‍රෝ ගෑස්හි පුළුල් ප්‍රවේශය මහා පරිමාණ අපනයන ව්‍යාපාරිකයන්ට සහය දැක්වීමේ සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME’s) සවිබල ගැන්වීම දක්වා විහිදේ. LP ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස මෙම උපායමාර්ගික භාවිතය ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ සිට මහා පරිමාණ කර්මාන්ත දක්වා දේශීය ආර්ථිකය ජවබල ගන්වන අතර, ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා එහි තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා මෙවර ලෝක LP ගෑස් දිනයේ වැදගත්කම අවධාරණය කළේය. “2024 ලෝක LP ගෑස් දිනය ශ්‍රී ලංකාවට වෙන කවරදාටත් වඩා අර්ථාන්විත වේ. සෑම ශ්‍රී ලාංකේය නිවසකටම අතිශයින්ම ආරක්ෂිත LP ගෑස් සැපයුමක් සහතික කිරීම සඳහා අපගේ කැපවීම, අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද මාබිම ගෑස් පිරවුම් කම්හල ආරම්භ කිරීමේ අපගේ සුවිශේෂී ජයග්‍රහණය සමඟ ඒකාත්මික වේ. වසර 40කට පසු සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම පිරවුම් පහසුකම ඉදිරි වසර 10 සිට 15 දක්වා කාලය තුළ ගෑස් සිලින්ඩර පිරවීමේ සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරනු ඇති අතර එමඟින් රටට සහ ජනතාවට අඛණ්ඩ සුරක්ෂිත බලශක්ති සැපයුමක් සහතික කෙරේ. මෙම වසරේ තේමාව වන ”LPG බලගන්වන පිටුපසින් සිටින ඔවුන් ගේ සේවාව අගයමු” මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ අපගේ කණ්ඩායමේ කැපවීමට සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අප ලබා දෙන ගෞරවය සමඟ ගැඹුරින් සම්බන්ධ වේ.

අපගේම ඉංජිනේරුවන් ඇතුළු සමස්ත ලිට්‍රෝ කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයන් තුළින් සහ ජාත්‍යන්තර ප්‍රවීණයන් කිහිප දෙනෙකුගේ අවම දායකත්වයෙන් මාබිම ගෑස් පිරවුම් මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම මූලික වශයෙන් සිදු කරන ලදී. ඉතාම වැදගත් කරුණ නම්, මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා වැයවූ මුදල කිසිදු බාහිර පාර් ශවයක මූල්‍ය අනුග්‍රහයක් හෝ ණයමුදලක් ලෙස ලබා නොගෙන, සංවිධානයේ මූල්‍ය ශක්තිය මත පමණක් සිදුකිරීමයි. මෙම ජයග්‍රහණය මෙම වසරේ තේමාව වන ”LPG බලගන්වන පිටුපසින් සිටින ඔවුන් ගේ සේවාව අගයමු” සඳහා සාක්ෂියක් ලෙස පවතී.

මීට අමතරව, ලිට්‍රෝ ගෑස් විසින් දැඩි ආරක්ෂණ ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කර ඇති අතර, නිෂ්පාදන සහ බෙදාහැරීම් ඇතුළු ක්‍රියාවලියේ සෑම පියවරකදීම ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් ආරක්ෂිත අනුකූලතා පියවරයන් සහ ආරක්ෂණ පුහුණු ක්‍රමවේද හඳුන්වා දී ඇත. මෙම පියවර සැලසුම් කර ඇත්තේ නිෂ්පාදනයේ සිට බෙදා හැරීම දක්වා සැපයුම් දාමය පුරා ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගනිමින් අපගේ සේවකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කරගැනීම සඳහාය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ වැඩපිළිවෙල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම්වලින් ඔබ්බට විහිදේ. ලිට්‍රෝ ගෑස් ලංකා විසින් කුමන උපායමාර්ගික මුලපිරීම් සිදු කලත් ඒ සියල්ල ලිට්‍රෝ හි ජාතික පරිවර්තනයේ ප්‍රධානතම කොටස් තුන වන ආර්ථිකය , සමාජය සහ පරිසරය පදනම් කරගෙන සිදු වන අතර LP ගෑස්වල ප්‍රතිලාභ පිළිබඳව සිසුන් සවිබල ගන්වන ”හෙට සුරකින අපේ ළමයි” අධ්‍යාපනික වැඩසටහන වැනි ආයතනික සමාජ වගකීම් (CSR) ක්‍රියාකාරකම් රාශියකි. අනෙකුත් ඛණිජ ඉන්ධන හා සසඳන විට හරිතාගාර වායු විමෝචනය කිරීම අවම ඉන්ධනයක් වන LP ගෑස් ප්‍රවර්ධනය කිරීම මගින් සමාගම පාරිසරික සංරක්ෂණයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගම රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සහ දේශීය ව්‍යාපාරවලට සහාය වීම සඳහා ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකර ඇත. LP ගෑස් මිල දැරිය හැකි මට්ටමක පවත්වා ගෙන යාමෙන් සහ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පවා ඕනෑම තැනක ලබා ගත හැකිවීම මගින්, සමාගම විසින් රැකියා රාශියක් සුරක්ෂිත කර ඇති අතර දේශීය ව්‍යවසායන් සුරක්ෂිත කර ඇති අතර, ආර්ථික අර්බුදවලට ඔරොත්තු දීමට ඉතාමත් ශක්තිමත් පදනමක් දමා ඇත.

ලිට්‍රෝ ගෑස් 2024 ලෝක LP ගෑස් දිනය සමරමින්, එහි ජයග්‍රහණ ගැන සාඩම්බර වන අතර ප්‍රජාවන් සවිබල ගැන්වීම, පරිසරය සුරැකීම සහ පරිසර හිතකාමී බලශක්තිය තුළින් ආර්ථික වර්ධනය ඇති කිරීමට ඇති කැපවීම යළි තහවුරු කරයි. ලිට්‍රෝ ගෑස් ජාතියේ බලශක්ති සුරක්ෂිතභාවය සහතික කරන අතරම තිරසාර අනාගතයක් ඇති කිරීම සඳහා නොසැලෙන කැපවීමකින්, ඒ සඳහා දායක වන පිරිස සමඟින් මෙම සැමරුමට එක්වේ.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව