ලංකෙම් කෘෂි සමාගම ලෝක පරිසර දිනය වෙනුවෙන් රට පුරා රුක්රෝපණ වැඩසටහන් මාලාවක් දියත් කරයි

WhatsApp Image 2024-06-13 at 10.43.58_09a81088 (LBN)

2024 ජූනි 05 – ලංකෙම් ලංකා පොදු සමාගමේ කෘෂි ව්‍යාපාරික අංශය වන ලංකෙම් කෘෂි සමාගම ජූනි 05 වන දිනට යොදී තිබූ ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් සුවිශේෂී වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රුක් රෝපණ වැඩසටහන් මාලාවක්ද සංවිධානය කරමිනි. මේ යටතේ  දිවයින පුරා කොස් පැළ 1300ක්, පැළ ගස් 200ක්  ඇතුළුව පැළ 1500ක ප්‍රමාණයක් සිටුවීමට ලංකෙම් කෘෂි සමාගම කටයුතු යොදා ඇත. සමාගමේ මූලික ආචාර ධර්ම හා දිගුකාලීන තිරසාර ඉලක්කයන් අනුව යමින් පරිසර හා ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් ලංකෙම් කෘෂි සමාගමේ කැපවීම මේ තුළින් මනාව අවධාරණය කිරීමටද ඔවුන් සමත් විය.

 



 

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතාතාව ඉහළ නැංවීම සඳහා මේ තුළින් සිය දායකත්වය ලබා දෙමින් තිරසාර හා සෞඛ්‍ය සම්පන්න ආහාර රට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම යළි යළිත් ප්‍රදර්ශනය කිරීමට ලංකෙම් කෘෂි සමාගම සමත්ව ඇත්තේ ශ්‍රී ලාංකිකයින් හට පෝෂණයේ හා සංස්කෘතියේ වැදගත්කමද අවධාරණය කරමිනි. එසේම පාරිසරික ගැටළු අවම කිරීම හා  තිරසාර කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම ලබා දෙමින්  ග්‍රාමීය ජනතාවට සහාය වීමද මෙම වැඩසටහනෙහි තවත් අරමුණක් ලෙස සඳහන් කළ හැකිය.

උඩරට සහ වයඹ, උතුරු මැද, උතුර, නැගෙනහිර, මධ්‍යම සහ දකුණ යනාදී වශයෙන් ප්‍රදේශ 6ක් ආවරණය කරමින් මෙම රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක වූ කොළඹ 10 ලංකෙම් ප්‍රධාන කාර්යාලයේ සහ පන්නල ලංකෙම් කෘෂිකර්මාන්ත ශාලාවේ රුක් රෝපණ උත්සව සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා ලංකෙම් කෘෂි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ලංකෙම් කෘෂි සමාගමේ ඉහළ කළමනාකාරීත්වය, කලාප කළමනාකරුවන්, කලාප විධායක නිලධාරීන්, තාක්ෂණික අලෙවි නියෝජිතයින් සහ ලංකෙම් කෘෂි සමාගමේ කලාප ක්ෂේත්‍ර නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන්, ශ්‍රී ලංකා පොලීසිය, විශ්වවිද්‍යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් මෙන්ම පාසල් සිසුන් එක්ව සිටියහ.

අද වන විට දේශගුණික විපර්යාසයන්, අඩු වර්ෂාපතනය සහ වෙනත් විවිධ අහිතකර බලපෑම් තුළින් සමස්ත ලෝකයටම දරුණු පාරිසරික අභියෝගයන්ට මුහුණ දී ඇති බව මනාව පැහැදිලි වේ. මේ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑමක් එල්ල වීම වැළැක්විය නොහැකිය. කාලගුණික විෂමතා සහ අඩු වර්ෂාපතනය සමඟ කෘෂිකාර්මික ඵලදායීතාව බොහෝ සෙයින් අඩු වී ඇති අතර ශ්‍රී ලංකාව තුළද ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීම අභියෝගයට ලක්ව ඇත.

එවන් තත්වයක් තුළ මෙම අභියෝගයන් ජය ගත හැකි අර්ථවත් පියවරක් ලෙස ලංකෙම් කෘෂි සමාගම මෙම රුක් රෝපණ වැඩසටහන් මාලාව දියත් කරනු ලැබීය. ග්‍රාමීය ප්‍රදේශ පාදක කර ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති මෙම වැඩසටහන යටතේ ග්‍රාමීය ප්‍රජාවන් වෙත මෙම පැළ බෙදා දීම තුළින් පාරිසරික සුරක්ෂිතතාව සඳහා ඔවුන්ට ඇති වගකීම පිළිබඳව හැඟීමක් ජනිත කිරීම ලංකේම් කෘෂි සමාගමේ අරමුණයි.  තවද මෙම වටිනා පැළ රෝපණය කර පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය දැනුම හා මෙවලම් ලබා දෙමින් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීමටද සමාගම කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකෙම් කෘෂි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා සඳහන් කර සිටියේ ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් ආරම්භ කළ රුක් රෝපණ වැඩසටහන ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා මෙන්ම ආහාර සුරක්ෂිතාව ඉහළ නැංවීම සඳහා වැදගත් පියවරක් වනු ඇති බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ මෙම සුවිශේෂී වැඩසටහන තුළින් ග්‍රාමීය ජනතාවට සහාය වීම වෙනුවෙන් ලංකෙම් කෘෂි සමාගමේ තිරසාරභාවය හා කැපවීම සඳහා වන උනන්දුව මනාව පිළිබිඹු වනවා. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට, ජෛව විවිධත්වය ඉහළ නැංවීමට මෙන්ම පසෙහි සාරවත් බව පෝෂණය කිරීමට මේ තුළින් අපි ඍජුවම දායක වනවා. එසේම මේ තුළින් සෙඛ්‍ය සම්පන්න තිරසාර අනාගතයක් වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ලබා දීමටද අපි කටයුතු කර තිබෙන බව සඳහන් කළ හැකියි.” යනුවෙනි.

1964 වසරේදී Royal Dutch Shell විසින් කෘෂි රසායන නිෂ්පාදකයකු හා සැපයුම්කරුවකු ලෙස ආරම්භ කළ ලංකෙම් ලංකා පොදු සමාගම එතැන් සිට තීන්ත, රසායනික ද්‍රව්‍ය, පාරිභෝගික නිෂ්පාදන, පලිබෝධ පාලන, හෝටල්, සහ ඇසුරුම් අංශ යනාදී විවිධ ව්‍යාපාර වෙත යොමුව සිටියි.  ඉතා තරඟකාරී ප්‍රමුඛ කර්මාන්ත 9ක අනුබද්ධ ආයතන 25ක් හරහා අද වන විට සිය නිෂ්පාදන හා සේවාවන් පාරිභෝගිකයා වෙත ගෙන ඒමට කටයුතු කර ඇති ලංකෙම් 2010 වසරේදී FMCG අංශයට යොමු වෙමින් සිය ශක්තිය තව දුරටත් ඉහළ නංවා ගැනීමට සමත් විය. දියුණු ආර්ථිකයක් තිරසාර අනාගතයක් හා යහපත් සමාජයක් වෙනුවෙන් කැපවන සමාගම ව්‍යාපාර දියුණුව මෙන්ම යහපත් ජීවන රටාවන් ඉහළ නංවීම අරමුණු කර ගනිමින් සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

ලංකෙම් සමාගමේ කෘෂි ව්‍යාපාරික අංශය වන ලංකෙම් කෘෂි සමාගම 1964 වසරේ සිට ශ්‍රී ලංකාවේ කෘෂි රසායන කර්මාන්තයේ පුරෝගාමියෙකි. ගොවියාගේ හිත මිතුරා ලෙස  ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිත මෙම සමාගම, උසස් කෘෂිකාර්මික විසඳුම් සහ කෘෂි රසායන, වී, එළවළු බීජ, පොහොර සහ ශාක උත්තේජක වැනි නිෂ්පාදන සැපයීම කෙරෙහි අවධානය යොමු කරයි.

මීට අමතරව, ලංකෙම් කෘෂි සමාගමේ ඇති නවීන කෘෂි රසායන නිෂ්පාදනාගාරය,  ISO 9001-2015 (තත්ත්ව කළමනාකරණය), ISO14001-2015 (පරිසර කළමනාකරණය) සහ ISO 45001-2018 (වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව පිලිබඳ කළමනාකරණය) ඇතුළු සහතික කිහිපයකින් පිදුම් ලබා ඇත. ලංකෙම් කෘ ෂි සමා ගමේ ව්‍යාපාරික අංශ වන්නේ කෘෂි රසායන, බීජ වී, එළවළු බීජ, පොහොර, ශාක උත්තේජක සහ වෙනත් නිෂ්පාදන වේ.

විද්‍යාව පදනම් කරගත් තාක්ෂණයන් භාවිතා කරමින් තිරසාර කෘෂිකාර්මික කර්මාන්ත සංවර්ධනය කිරීමේ මූලිකත්වය ගන්නා සමාගමක් ලෙස, ලංකෙම් කෘෂි සමාගම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව සහ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව