ලංකා වෘත්තීය රැකවරණකරුවන්ගේ සංගමය පළමු සමුළුව සාර්ථකව පවත්වයි

PHOTO-2 (LBN)

පසුගිය වසරේ මෙරට පුරෝගාමී මුලපිරීමක් ලෙස ආරම්භ කරන ලද ලංකා වෘත්තීය රැකවරණකරුවන්ගේ සංගමය (Lanka Professional Caregivers Association) එහි සමාරම්භක සමුළුව සාර්ථකව පවත්වන ලදී.

සමාරම්භක සමුළුවේ විශේෂත්වය වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management වෙතින් වෘත්තීය රැකබලාගන්නන් 140 දෙනෙකු ලංකා වෘත්තීය රැකවරණ සංගමයේ සාමාජිකයන් ලෙස බඳවා ගැනීමයි.

 



 

මෙම සංගමයේ මූලික පරමාර්ථය වන්නේ, රැකවරණ වෘත්තියේ ගෞරවය සහ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා භාරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. පුහුණු නුපුහුණු දේශීය රැකවරණ සපයන්නන් වෙනුවෙන් නිසි පුහුණු වැඩසටහන් හරහා දක්ෂ වෘත්තිකයන් බවට පත් කිරීමට සංගමය කැපවී සිටී. එමෙන්ම සම්මත ආචාර ධර්ම පද්ධතියක් ස්ථාපිත කිරීම, එහි සාමාජිකයින්ට ඉහළ ආදායමක් සහතික කිරීම සහ ඔවුන්ගේ සමාජ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට ක්‍රියාකාරී පියවර ගැනීම ලංකා වෘත්තීය රැකවරණ සංගමයේ අරමුණ වී ඇත.

මෙම සමුළුවේ දී උපස්ථායකයින් සමාජය තුළ ඉටු කරන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී. උපස්ථායක වෘත්තිය නඟා සිටුවීම සඳහා සංගමය දක්වන කැපවීම මෙන්ම,  කර්මාන්තය තුළ ප්‍රමිතිගත පිළිවෙත්වල අවශ්‍යතාවය ඉස්මතු කරමින්, රැකවරණ ලබා දෙන්නන් සහ රැකවරණ ලබාගන්නන් යන දෙඅංශයෙන්ම සංගමය විසින් ඇති කරනු ලබන ධනාත්මක බලපෑම කැපී පෙනේ.

ලංකා වෘත්තීය රැකවරණකරුවන්ගේ සංගමයේ වත්මන් සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පී.එස්.ආර්.බුද්ධික මහතා පවසා සිටියේ, “ලංකා වෘත්තීය රැකබලාගන්නන්ගෙ කුසලතා නංවාලීම හුදෙක් මෙහෙවරක් පමණක් නොව ජාතික යුතුකමකි. Surado Campus of Business Management හි විශේෂිත පුහුණු වැඩසටහන් හරහා ඉහළ නිපුණතා ඇති රැකබලාගන්නන් සඳහා වන ජාත්‍යන්තර ඉල්ලුම සපුරාලීමට අපි කැපවී සිටිමු. ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය විසින් සකස් කර ඇති ඉහළ නිර්ණායක වලට ගැලපෙන A මට්ටමේ රැකබලාගන්නන් අප සංගමය විසින් බිහිකරණු ලබයි. ශ්‍රී ලංකාවේ රැකබලාගන්නන්ගේ වෘත්තීය වර්ධනයට දායක වීම පිළිබඳ සහ ලොවපුරා සේවය සපයනු ලබන රැකබලාගන්නන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකිවීම සම්බන්ධව අප ආඩම්බර වෙමු”

ලංකා වෘත්තීය රැකවරණකරුවන්ගේ සංගමය සැලසුම් කරනුයේ, ඉදිරි දැක්මක් සහිත ප්‍රවේශයක් තුළ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය පෝෂණය කරමින් රැකවරණ වෘත්තිකයන් සවිබල ගැන්වීමට ය. දේශීයව රැකබලාගන්නන් සඳහා ඔවුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයට දායක වෙමින් ඔවුන් සඳහාම වෙන් වූ නියමිත පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද සංගමය සූදානම් වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව