රොෂාන් ගුණවර්ධනගේ සභාපතිධුරයෙන් වසර 70කට පසු සබරගමුව පළාතට බැඩ්මින්ටන් සංගමයක්

office Beares

වසර 70කට පසු පළමුවරට සබරගමුවට බැඩ්මින්ටන් සංගමයක් පිහිටුවීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ කරමින් සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමය පසුගියදා පිහිටුවනු ලැබූ අතර, එහි සභාපතිධුරයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපතිවරයකු වන රොෂාන් ගුණවර්ධන මහතා පත්වී සිටී.

දශක ගණනාවක් අක්‍රීය වී තිබීම හේතුවෙන් එම පළාතේ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු පහසුකම් නොලැබුණු අතර, සියලු පළාත්වල ශ්‍රේණිගත කිරීමේ තරගාවලි පැවැත්වීම තුළින් සබරගමුව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගිලිහී ගිය අවස්ථාවන් සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමය පිහිටුවීමෙන් නැවත ලැබෙනු ඇත.
 



 

ලබන ජූනි මාසයේදී රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරමින් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් පැවැත්වීම, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි දුෂ්කර පාසල් 100ක් සඳහා බැඩ්මින්ටන් ක්‍රීඩා උපකරණ බෙදා දීම සහ ගුරුවරුන් 200ක් පුහුණුකර සහතිකපත් ප්‍රදානය කිරීම, සබරගමු පළාතේ පුහුණුකරුවන් සඳහා බැඩ්මින්ටන් පුහුණු කඳවුරු දෙකක් ආරම්භ කිරීම සහ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල බැඩ්මින්ටන් විනිසුරුවරුන් සහ පැති විනිසුරුවරුන් සඳහා පුහුණු කඳවුරු පැවැත්වීම සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමය පිහිටුවීම සහ නිලධාරී මණ්ඩලය පත් කිරීම සඳහා පැවැති රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනා අතර කැපී පෙනේ.

සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපතිවරුන් වන චාමර අලුත්ගේ සහ බුද්ධික ද සිල්වා මහත්වරුගෙන් අධීක්ෂණය යටතේ සිදු කෙරිණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ පාලිත හෙට්ටිආරච්චි සහ සම්බන්ධීකාරක තිළිණ දන්තසිංහ මහත්වරු ද සහභාගි වූහ.

සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය.

සභාපති – රොෂාන් ගුණවර්ධන, ලේකම් – චාන්දනී සෙනෙවිරත්න, භාණ්ඩාගාරික – නයනජිත් දංගල්ල, උපසභාපතිවරු – මේජර් ඒ.ඩී.ඩිල්ෂාන් (තරගාවලි කමිටුව), නීතිඥ ඩබ්.එම්.පී.වයි. වාසල (විනය කමිටුව), තරංග ඩිල්ෂාන් (අරමුදල් කමිටුව), සී.ජයමල් පෙරේරා (පුහුණු හා සංවර්ධන), කේ.ඒ.නවරත්න (දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව 1), ඉසුරික තෙන්නකෝන් (දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව 2), කෞෂානී සිල්වා (පුහුණුකරුවන් පුහුණුකිරීමේ හා සංවර්ධන), උපලේකම් (ලිපිලේඛන)  -තිළිණ දන්තසිංහ, උපලේකම් – ඩිලේන් විහඟ, උපභාණ්ඩාගාරික – ජගත් රූපසිංහ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව