රුපියල් මිලියන 500ක ආයෝජනයකින් මිරිස්ස Mandara Resort වෙත කාමර 40ක නව පරිශ්‍රයක්

IMAGE-C (LBN)

 



 

 

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන මිරිස්ස Mandara Resort රුපියල් මිලියන 500ක ආයෝජනයකින් සුඛෝපභෝගී කාමර 40කින් සමන්විත නව පරිශ්‍රයක් ඉදි කිරීමට සූදානම් බව Mandara Group of Hotels සභාපති සාගර පළිහවඩන මහතා ප්‍රකාශ කරයි. ඉහළ යන සංචාරක ආගමනවලට සාර්ථකව පහසුකම් සැපයීමේ අරමුණින් Mandara Resortහි කාමර සංඛ්‍යාව 100 දක්වා ඉහළ දැමීමේ අරමුණින් මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාවට නඟන බව අධ්‍යක්ෂ තිළිණි පළිහවඩන මහත්මිය සඳහන් කරයි. වර්තමානයේදී Mandara Resort සතුව Standard Lagoon කාමර 17ක්, Superior Sea View කාමර 25ක්, Superior Plunge Pool කාමර 4ක්, Deluxe Family කාමර 10ක් සහ Deluxe Double කාමර 02ක් ඇත.

අමුත්තන් 85කට ආහාර ගත හැකි ප්‍රධාන ආපන ශාලාව, අමුත්තන් 200කට පහසුකම් සැපයිය හැකි Grand Mandara උත්සව ශාලාව මෙන්ම Main Bar, Beach Bar, Spa, Gym, Swimming Pool, Gem Shop ආදී සියලුම පහසුකම්වලින් සම්පූර්ණ Mandara Resort විශේෂයෙන්ම යුරෝපීය සංචාරකයන් අතර ඉහළ ආකර්ෂණයක් දිනා ඇති බව සාමාන්‍යධිකාරි පද්මසිරි ලියනගේ මහතා පැවසීය.

එක් පසකින් පොල්අතුමෝදර ගඟට මායිම්ව ඇති Mandara Resort ඉතා අලංකාර වෙරළ තීරයකට මුහුණලා පිහිටා ඇත. Mandara Resort දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනා ගැනීමට හේතු වී ඇත්තේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන භූමියක එය පිහිටා තිබීමයි. Indoor සහ Outdoor මංගලෝත්සව සඳහාද Mandara Resort බොහෝ දෙනෙකුගේ ප්‍රමුඛ තේරීම වී ඇත්තේ එය සතු අලංකාර පරිසරය නිසාය.

මේ දිනවල Mandara Resort වෙත පැමිණෙන සංචාරකයන්ට HSBC, HNB, NTB, DFCC, Standard Chartered බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා 35%ක වට්ටමක් (HB සහ FB) හිමි වන බව Mandara Resort නේවාසික කළමනාකරු චමිල තුෂාර මහතා පැවසීය.

ඉදිරියේදී දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා වෙන් වූ Kids Area එකක් ඉදි කිරීමට Mandara Resort සූදානමින් සිටියි. එසේම සති අන්තය විනෝදයෙන් ගත කිරීම සඳහා සංගීතයෙන්, මධුවිතෙන් සපිරි Special Dinner Buffet එකක් ක්‍රියාත්මක කිරීමටද Mandara Resort සූදානමින් සිටියි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව