රිට්ස්බරි වෙතින් පාසල් හොකී ක්‍රීඩාව සවිබලගැන්වේ

image 01 (LBN)

 



 

 

2023 අප්‍රේල් 10, කොළඹ: රිට්ස්බරි ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය, මෙවරත් ‘Ritzbury -Thomians’ Schools Hockey 7s තරගාවලිය සඳහා පුර්ණ අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී සිටී. මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හොකී සංගමය විසිනි.

තරගාවලිය පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය Hockey ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර දිස්ත්‍රික් මට්ටමින් ඉහළම දක්ෂතා දැක්වූ පාසල් 22 ක සිසුන් 220 කට අධික පිරිසක් එහිදී ඒ. ජේ. විජේසිංහ අනුස්මරණ අභියෝග කුසලානය සඳහා තරග වදින ලදී.

මෙහි අවසන් තරගය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලය අතර පැවති අතර ශුරතාවය දිනා ගැනීමට කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය. මෙහිදී කිංග්ස්වුඩ් විද්‍යාලයේ ජනිදු හර්ෂණ ශුරතාවලියේ හොදම දැල් රකින්නා ලෙස නම් කෙරුනු අතර ඇලෝෂියස් විද්‍යාලයේ කුෂාන් රත්නසුරිය හොදම ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී.

ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury, හොකී ක්‍රීඩාවේ උන්නතිය සඳහා ලබාදෙන මෙම අනුග්‍රාහකත්වය ඔස්සේ ‘Ritzbury -Thomians’ Schools Hockey 7s  තරගාවලිය සාර්ථක කරගැනීමට දායක වන අතරම, ඉදිරියේදී එය මුළුමහත් ශ්‍රී ලංකාවේම පාසල් සිසු සිසුවියන් අතර ජනප්‍රියම ක්‍රීඩාවක් බවට පත්වනු ඇතැයි රිස්ට්බරි අපේක්ෂා කරයි.

හොකී ක්‍රීඩාවට අමතරව Super 16 Junior Rugby Carnival, Ritzbury Sir John Tarbert Athletics Championship, Vidudaya Ritzbury Swimming Championship, Ritzbury Junior National Squash Championship, Ritzbury Junior National Rugby Carnival සහ SLTA Tennis Tens All Island School Kids TennisPlay Day වැනි තරගාවලි රාශියකටද රිට්ස්බරි සිය අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ.  රටේ තරුණ පරපුර අතර ක්‍රීඩා කුසලතා නැංවීමේ අරමුණින් රිස්ට්බරි අඛණ්ඩව මෙම මෙහෙවරට උරදෙමින් සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව