රිට්ස්බරි – ඕල්කට් පාසල් සහය දිවීමේ ශූරතාවේ බාලක ජය රාහුල විද්‍යාලයට; බාලිකා ජය ධර්මපාල විද්‍යාලයට

Boys - Olcatte (LBN)

2024 රිස්ට්බරි-ශ්‍රීමත් හෙන්රි ඕල්කට් පාසල් සහය දිවීමේ ශූරතාවලිය පසුගියදා මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. දිවයින පුරා ඕල්කට් පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාශියක් ඊට සහභාගී වූහ.

මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, එම සංගමයේ ක්‍රීඩා සමාජය සහ කර්නල් හෙන්රි ස්ටීල් ක්‍රීඩා පදනම එක්ව සංවිධානයකරන ලද මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම චොක්ලට් සන්නාමයවන CBL සමාගමේ රිට්ස්බරි ය.

 



 

මෙහිදී බාලිකා අංශයේ ශූරතාව ලකුණු 90 ක් ලබාගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වෙත හිමි විය. එහි දෙවැනි ස්ථානය මියුසියස් විද්‍යාලය විසින්ද, තුන්වැනි ස්ථානය මහාමායා විද්‍යාලය විසින්ද දිනාගන්නා ලදි. බාලක අංශයේ ශූරතාව දිනාගන්නා ලද්දේ ලකුණු 99 ක් ලබාගත් මාතර රාහුල විද්‍යාලය විසිනි. මහනුවර ධර්මරාජ විද්‍යාලයට සහ පන්නිපිටිය ධර්මපාලයට විද්‍යාලය පිළිවෙළින් එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමි විය.

 

මාතර රාහුල විද්‍යාලයේ ශත සංවත්සරයට සමගාමීව මෙම තරගාවලිය සංවිධානය කරන ලදි. ඊට විශාඛා විද්‍යාලය, සුජාතා විද්‍යාලය, ධර්මපාල විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, සංඝමිත්තා විද්‍යාලය, මහාමායා විද්‍යාලය, මලියදේව විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය වැනි ප්‍රමුඛ පෙළේ පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වූහ.

ශ්‍රීමත් හෙන්රි ඕල්කට් පාසල් සහය දිවීමේ ශූරතා තරගාවලිය යනු මළල ක්‍රීඩා විශිෂ්ටයන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදෙන අතරම ක්‍රීඩාශීලීත්වය සහ පාසල් අතර එකමුතු භාවය ප්‍රවර්ධනය කරන තරගාවලියකි. ශ්‍රී ලංකාවේ යොවුන් පරපුර අතර වඩාත් ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් රිට්ස්බරි විසින් මෙම තරගාවලියට අනුග්‍රහය දක්වන ලදි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව