2020 ඔක්තෝබර් 28, කොළඹ: රාජා එදිරිසුරිය මහතා, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ නව
විධායක ව්‍යාපෘති කළමනාකර අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත්තේය. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මෙම පත්කිරීම සිදු කර තිබේ. ඒ ඊට අදාලව ඉදිරිපත්කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයෙන් ලද අනුමැතිය මගිනි. මීට පෙර රාජා එදිරිසුරිය මහතා
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
වෘත්තියෙන් කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයෙකු වන රාජා එදිරිසුරිය මහතා ඇමරිකා එක්සත් ජනපදයේ
නිව්ජර්සි හි Rutgers විශ්වවිද්‍යාලයෙන් ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාධිය සහ විශේෂවේදී උපාධිය ද කැලිෆෝනියාවේ La Verne විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගෙන ඇත. කැලිෆෝනියාවේ ලියාපදිංචි සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස කීර්තිමත් සේවා ඉතිහාසයක් ඇති ඒ මහතා, එහි චිනෝ නගරයේ වසර 16 කට ආසන්න කාලයක් පරිපාලක හා නාගරික ඉංජිනේරු තනතුර ද හෙබවීය.
2006 මුල් භාගයේ දී එවකට යම් පසුබෑමකට ලක්ව තිබු මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශාලතම ආයතනය වන ශ්‍රී
ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ (SEC) සභාපතිවරයා ලෙසට පත්වන ඒ මහතාට, සිය වෘත්තීය මගපෙන්වීම, උනන්දුව මෙන්ම ආයතනික කාර්ය මණ්ඩලය කැපවීම සහ සහයෝගීත්වයතුළින් මාස 9 ක් වැනි කෙටිකාලයක් තුළ එම ආයතනය නැවතනගාසිටුවීමට හැකි විය.එදිරිසූරිය මහතාගේසභාපතිත්වය යටතේ, රාජ්‍ය
ඉංජිනේරු සංස්ථාව 2006 මුල්‍යවර්ෂය අවසානයේදී රුපියල්මිලියන 103 ක ලාභයක් ලබා ගත්අතර එය එම ආයතනය 1981 වසරේ සිටලාභ ලැබූ පළමු අවස්ථාව විය.2009 දෙසැම්බරයේ දී එවකටජනාධිපති ගරු මහින්දරාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව එදිරිසූරිය මහතා මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපති ධුරය භාරගත් අතර, ඒ වනවිට මෙහෙයුම් නවතා දමාතිබුණු මිහින් ලංකා ගුවන්සේවය විධිමත්ක්‍රමවේදයකින් යළි ආරම්භ කිරීමට ඔහුට හැකිවිය.
රාජා එදිරිසූරිය මහතා බ්‍රසීලය, පේරු,ආර්ජන්ටිනාව, චිලී,කොලොම්බියාව සහ සුරිනාම් යන රටවල ශ්‍රී ලාංකා
තානාපතිවරයා ලෙස ද කටයුතුකර ඇති අතර, එහිදී ශ්‍රීලාංකාව නියෝජනය කරමින්රාජ්‍යතාන්ත්‍රික සබදතා
තවදුරටත් තහවුරු කිරීමට ඔහුසමත් විය. 2013 සිට 2015 දක්වා ඔහුසේවය කළ කාලය තුළලතින්ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතරවෙළඳ හා සංචාරක කටයුතු ප්‍රවර්ධනය කළ අතර, බ්‍රසීලය, චිලී සහආර්ජන්ටිනාව යන රටවල සහයඑක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සැසිවාර තුලදීශ්‍රී ලංකා රජයට ලබාගැනීමටහැකිවීම ඔහුගේ
රාජ්‍යතාන්ත්‍රික සේවයේසුවිශේෂී කඩයිමකි. මීටඅමතරව, බ්‍රසීලයේ බ්‍රසීලියා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල
පවත්වාගෙන යාම සඳහා ශ්‍රීලාංකීය රජය වෙනුවෙන් ඉඩමක්ලබා ගැනීමට හැකිවීමද ඔහුගේ ධුර කාලය තුල ලැබූ ජයග්‍රහණයකි.
සමාජ සේවා කටයුතු සදහා ද නොපැකිලි දායකත්වය සපයා ඇති එදිරිසූරිය මහතා සුනාමිවිපතින් පීඩාවට පත් ඉඳුරුවප්‍රදේශ වාසී ජනතාව වෙනුවෙන් ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා ප්‍රජාව සමඟ
එක්ව නිවාස 39 ක් ඉදිකිරීමට කටයුතු කළේය. යුද වාතාවරණය රට තුල ඉතා දැඩිව පැවති 2008 වසරේදී එදිරිසූරිය මහතා ඇමරිකා එක්සත් ජනපදයේ රණවිරු පදනමේ උප සභාපති ලෙස කටයුතු කරමින් ආබාධිත
රණවිරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 12 ක් රැස් කිරීමට කටයුතු කළේය. එම අරමුදල් දීර්ඝ කාලයක් සේවයේ
නියුතු රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා අනුරාධපුර ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක්
සදහා භාවිතා කරන ලදී.
වෘත්තීය ජීවිතය තුල රට වෙනුවෙන් කැපවූ රාජ්‍ය සේවකයෙකු ලෙස ප්‍රකට ඔහුගේ වෘත්තීය භූමිකාවන් තුල ලැබූ ජයග්‍රහණ අද වනවිට ශ්‍රී ලංකාවේ සහ ජනතාවගේ ප්‍රතිලාභයට හේතු වී තිබීම කැපී පෙනේ. ඒ අනුව කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස එදිරිසූරිය
මහතාගේ පත්වීම මගින් ව්‍යාපෘතිය කෙරෙහි රජයේ ඇති ප්‍රමුඛතාව පිළිබිඹු කෙරේ. කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය මෑතකදී ජාතික ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෙනත් අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය කරනු ලබන බව නිවේදනය කෙරුණි. ගොඩකිරීමේ හා දියකඩනය ඉදිකිරීමේ මූලික සංවර්ධන අදියර සම්පූර්ණ කර ඇති වාරය නගරය, දැනට යටිතල පහසුකම් සංවර්ධන පළමු අදියරෙහි අභ්‍යන්තර මාර්ග හා භූගත උපයෝගිතා පහසුකම් ඉදිකිරීම් කටයුතු වල පසුවේ. වරාය නගර සඳහා අපේක්ෂිත නීති හා නියාමන රාමුව සහිත විශේෂ ආර්ථික කලාප (SEZ) පනත මේ වසර අවසන් වීමට පෙරපාර්ලිමේන්තුව විසින් බලාත්මක කිරීමට ද අපේක්ෂිතයි.