මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමන්ගේ පුත්‍රයාගේ විවාහය හේතුවෙන් රජය විසින් සංචරණ සීමා පැනවීම ප්‍රමාද කරන බවට සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැත. සිය පුතුන් දෙදෙනා 2015 සහ 2016 වර්ෂ වලදී විවාහ වී ඇති බවත් ඔවුන්ට නැවත විවාහ වීමේ කිසිදු අදහසක් නොමැති බවත් අමාත්‍යතුමා අවධාරණය කර සිටියි.
රජයේ වැඩපිලිවල දරාගත නොහැකිව රජයට සහ රජයට සම්බන්ධ අය ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක කල්ලි විසින් සිදු කරනු ලබන මේ මඩ ප්‍රහාර, විපක්ෂයේ ප්‍රබලයින්ගේ වට්ස් ඇප් ගෘප් (WhatsApp Group) හරහා ද සංසරණය වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇත.
2020 මාර්තු මස සිය දරුවා මෙරටට ගෙන ඒම සඳහා මෙරටින් ගුවන් යානයක් යැවූ බවටත්, මෙරටට පැමිණි සිය මනඃකල්පිත දියණිය ගුවන් තොටුපලේදී යකා නැටූ බවටත් , වරාය නගර ව්‍යාපෘති සමාගම සිය පුත්‍රයා හට අයත් බවටත් වූ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුල බෙදා හරිමින් පසු ගිය කාලය තුල මෙවන් ආකාරයේම මඩ ප්‍රචාරයන් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව දියත් කර තිබු බවද අපට මතකය.
මෙවන් මඩ ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ගරු අමාත්‍යතුමන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අමිල රාජපක්ෂ
ගරු අජිත් නිවාඩ් කබ්රාල් අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්