රවිනාත ආර්යසිංහ මහතාගෙන් AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී ජයග්‍රාහී දූ පුතුන්ගේ අනාගතයට ඔවදන්!

HES PR (LBN)

 



 

 

AIA ඉන්ෂුවරන්ස් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව 28 වන වසර පසුකරන අතර මේ ඔස්සේ දිස්ත්‍රික්ක මට්ටමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳම ලකුණු ලබා ගන්නා දූ පුතුන් වෙත උසස් පෙළට පිවිසි දා සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමා වනතුරු ශිෂ්‍යාධාර මුදලක් මාසිකව ලබා දෙනු ලබයි.  1994 වසරේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන මගින් අනාගතයේ මෙරට භාර ගැනීමට සිටින දීප්තිමත් දූ පුතුන්හට සිය අධ්‍යාපනය කරගෙන යාමට අත්වැලක් වීම අරමුණු කෙරිණි.  ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීම යන  AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව, මෙරට අනාගතය වන මෙම දීප්තිමත්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සවිබල ගැන්වීමට හැකිවීම පිළිබඳව AIA ඉන්ෂුවරන්ස් සමාගමට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙහි විශේෂත්වය වන්නේ, ඒ සඳහා සුදුසුකම් ලැබීමට එම දරුවන්ගේ දෙමාපියන් AIA ඉන්ෂුවරන්ස් හි ගනුදෙනුකරුවන්  වීම අවශ්‍ය නොවීමත් එය ශිෂ්‍යත්වලාභියාගේ දක්ෂකම මත පමණක් පදනම් වීමත්ය.

මෙවර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පවත්වන ලද්දේ ශිෂ්‍යත්වලාභී 2021 සහ 2022 යන වසර දෙකෙහිම කණ්ඩායම් වෙනුවෙන් වන අතර මෙවර මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්වතෙකු වන රවිනාත ආර්යසිංහ මහතා සහභාගී විය.  ඒ මහතා විසින් සභාව අමතමින් ශිෂ්‍යත්වලාභී දූ දරුවන්ට මෙන්ම පැමිණ සිටි දෙමව්පියන්ටත් ඉතා වටිනා ඔවදන් රාශියක් ඇතුලත් කථාවක් කරන ලදී.  විශේෂයෙන් ශිෂ්‍යත්වලාභී දූ දරුවන්හට අනාගත ගමන්මග සාර්ථක කරගැනීමට අවශ්‍ය කරුණු 7ක් ඔහු ගෙනහැර දැක්වීය.  එනම් සිය අධ්‍යාපන කටයුතු පමණක් නොව විෂය භාහිර ක්‍රියාකාරකම් ද සිදුකල යුතු අතර ඒ  අතර සමතුලිතතාවය රැකගත යුතු බව, යහපත් සදාචාරාත්මක ගතිපැවතුම් වලට අනුව ක්‍රියා කලයුතු බව, විශිෂ්ටත්වයට පත්වන ගමන්මග තුල හර පද්ධතියකට අනුව සාරධර්ම වලට ගරුකරමින් ජීවත් විය යුතු ආකාරය, සාමුහිකව වැඩ කරමින් එකිනෙකාට උදව් උපකාර කිරීම ඉතාම වටිනා ගතිගුණයක් බව, ජය මෙන්ම පරාජයත් එක ලෙස පිළිගැනීමට පුරුදු විය යුතු බව, ජයග්‍රහණයෙන් උදම් වියයුතු නැති බවත් නිහතමානීබව අගය කලයුතු ගුණාංගයක් බවත් සහ සමාජය අදදින ඔබට ලබාදෙන දේ ඔබට හැකි දිනක සමාජය වෙත නැවත ලබා දීම යුතුකමක් බවත්  තම ජීවන ගමන්මග තුල පැමිණෙන අභියෝගයන්ට, අභියෝග කරමින් ශක්තිමත් මනසින් යුතුව ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යා යුතුයි යන වැදගත් ඔවදන් ආර්යසිංහ මහතා මෙම දරුවන්ට ලබා දෙන ලදී

උත්සවය අවසානයේ දී ශිෂ්‍යත්ව ජයග්‍රාහකයන් දෙදෙනෙක් නිරායාසයෙන්ම AIA ඉන්ෂුවරන්ස් වෙත ස්තූති කිරීමට වේදිකාවට ගොඩ වූ විට එය හෘදයාංගම අවස්ථාවක් විය.  “මටත් මගේ සහෝදර ශිෂ්‍ය ශියාවන්ටත් AIA සමාගම ලබාදෙන මෙම ශිෂ්‍යත්ව ආධාර මුදල අපගේ අධ්‍යන සහ වෘත්තීය අරමුණු සාක්ෂාත් කරගැනීමට අත්වැලක් වෙනු ඇතිබව නොඅනුමානයි.  AIA සමාගම මේ සිදු කරන සමාජ සත්කාරක මෙහෙවර අන් යටත් ආදර්ශයක් වී අප රටේ අනාගතයට ධනාත්මක වෙනසක් සිදු කිරීමට හේතු වෙනු ඇතිබව මගේ අපේක්ෂාවයි” දැනට 700 අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් උසස් පෙළ පන්තියට පැමිණි කල AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයට සුදුසුකම් ලබා ඇති අතර 500 කට අධික ශිෂ්‍යත්වලාභීන් දැනටමත් ශිෂ්‍යාධාර ලබමින් සිටියි.  මෙම ශිෂ්‍යාධාර ලබා වෛද්‍ය, ඉංජිනේරු, නීති සහ අනෙකුත්  විවිධ වෘත්තීයයන් හී නියැළෙන AIA ශිෂ්‍යත්වලාභීන් විශාල පිරිසක් ද දැනටමත් බිහිවී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව