රයිනෝ වසර 60 ක් සපුරයි, Great Place to Work® පිළිගැනීම අත්පත් කරගනී

01 (LBN Fill)

 



 

 

 

කොළඹ, ජූනි 10, 2022 – වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන රයිනෝ, මෙම වසරේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වසර 60ක් සපුරන්නේය. ඒ හා සමාන්තරව සමාගමේ සේවක ප්‍රජාවගේ මනාප ප්‍රකාශ කිරීමක් හරහා Great Place to Work® ආයතනයෙන් ලබාදෙන විශිෂ්ට සේවා ස්ථානයක් යන පිළිගැනීමත් අත්පත් කරගැනීමට සමත්වී ඇත. යහපත් ආයතනික පුරවැසියෙකු ලෙස කැපී පෙනෙන රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම, මෙම නවතම පිළිගැනීමත් සමඟින් විශිෂ්ට සේවා සංස්කෘතියක් සහිත වටිනාකම් මත පදනම් වූ සංවිධානයක් ලෙස තවදුරටත් ගෞරවයට පාත්‍ර වෙයි.

ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 24 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2020/21 කාලසීමාව සඳහා අගය එකතු කළ ඛනිජ අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයෙන් පිදුම් ලද රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම, පසුගිය දශක හය තුළ ව්‍යාපාරයේ යෙදෙමින් ආර්ථිකයට සුවිශාල දායකයෙකු ලෙස රට තුළ සිය ස්ථාවරය තහවුරු කර ඇත. මෙවසර මැයි මාසයේදී 60 වන සංවත්සරය සමරන Rhino, 100% ශ්‍රී ලාංකික සමාගමක් වන අතර දශක ගණනාවක් තිස්සේ හොඳම තත්ත්වයේ නිෂ්පාදන වෙළඳපොළට සැපයීම කෙරෙහි අවධානය යොමු කර ඇත. එමෙන්ම, ගුණාත්මක සෙවිලි නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇති කරමින්, ගෝලීය ක්‍රීඩකයන්ට එරෙහිව තරඟ කිරීමට ද උපායශීලීව ස්ථානගත වී ඇත.

රයිනෝ රූෆිං ප්රඩක්ට්ස් සමාගමෙහි කළමනාකාර අධ්යක්ෂ E. J. ඥානම් මහතා මෙම සන්ධිස්ථානය සහ පිළිගැනීම පිළිබඳව අදහස් දක්වමින්, “උදාර ආයතනික පුරවැසියෙකු ලෙස හැට වසරක් සමරන අවස්ථාවේ Great Place to Work පිළිගැනීම ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. අපගේ දිවංගත සභාපති දේශමාන්‍ය A.Y.S. ඥානම් මහතාගේ 100 වැනි උපන්දිනය අපි මේ මැයි මාසයේදී සැමරූ අතර, සියල්ලන්ටම එකසේ සලකන අපගේ සේවා සංස්කෘතියේ ධනාත්මක බලපෑම සහ නිවැරදි සාරධර්ම පිළිබිඹු කරන මෙම ප්‍රධාන සන්ධිස්ථානයට සමගාමීව අප ආයතනය කෙරෙහි අපගේම සේවකයින් තබා ඇති විශ්වාසය ගැන මම සතුටු වෙමි.” යයි ඔහු ප්‍රකාශ කළේය.

2022 ජූනි මාසයේදී 60 වැනි සංවත්සරයට සමගාමීව රයිනෝ වෙත Great Place to Work පිළිගැනීම පිරිනමන ලදී. Great Place to Work® ආයතනය, සේවා ස්ථානයේ සේවක අත්දැකීම් පිළිබඳව සියලු අංශ පරීක්ෂා කරන ශක්තිමත් සමාලෝචන පද්ධතියක් අනුගමනය කරමින්, වෙළඳපොලේ හොඳම සේවා යෝජකයන් හඳුනා ගනී. Rhino,  ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ සේවා ස්ථානයක්  ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය ගෝලීය ඇගයීම් ප්‍රමිතීන් සියල්ල සපුරාලීය.  පුද්ගල මූල සංස්කෘතියක් තිබීම, සේවා යෝජකයා සහ සේවකයා අතර අන්‍යොන්‍ය සහයෝගීතාවය සහ වඩාත්ම වැදගත් වශයෙන් තමන් විශිෂ්ට ස්ථානයක සේවය කරන බවට සේවකයින් තුළ ඇති විශ්වාසය මෙහිදී සලකා බලනු ලැබිණි.

“තමන්ගේ මානව සම්පත් සංවර්ධනය කිරීමට අදිටන් කරන අනෙකුත් දේශීය සමාගම්වලට ආදර්ශයක් වීමට රයිනෝ රූෆිං සැමවිට උත්සහ කරයි. සේවකයින් රැකබලා ගැනීම ඔවුන් තුළ හිමිකාරීත්වය පිළිබඳ හැඟීමක් ඇති කරන අතර, ආයතනික වටිනාකම් මෙන්ම සේවා යෝජකයාගේ සහ සේවකයින්ගේ උනන්දුව ආරක්ෂා කරන අතරම කාර්ය සාධනය මත පදනම් වූ සංස්කෘතියක් ඇති කරයි. අපේ අවුරුදු 60ක උරුමය දේශසීමාවලින් ඔබ්බට ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යන මේ අවධියේ, අපි ක්ෂේත්‍රයේ මිණුම් දඬු වලින් ඔබ්බට යන උසස් ප්‍රමිතීන් සකසා ඇත්තෙමු. ප්‍රත්‍යස්ථභාවය සහ අඛණ්ඩතාව සමඟින් අපගේ මූලික වටිනාකම්වලින් එකක් වන ගුණාත්මක භාවයෙන් ද අපි අද්විතීය වෙමු. අප ප්‍රදර්ශනය කරන ඉහළ වෘත්තීයභාවය සහ අපගේ දිවංගත සභාපතිවරයා තුලින් උරුමවූ අපගේ කීර්තිය අපට අඛණ්ඩව මඟ පෙන්වනු ඇත.” ඥානම් වැඩිදුරටත් පැවසීය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ ආර්ථික පසුබෑම මධ්‍යයේ රයිනෝ සිය සේවකයින් රැකබලා ගැනීමට පරිශ්‍රමයක් දැරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අභියෝගාත්මක කාලවලදී පවා ආයතනික කාර්ය සාධනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට මග පෑදූ සේවක පක්ෂපාතීත්වයක් ඇති විය. Great Place to Work විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීමෙන් සේවකයින් සමාගම කෙරෙහි ඔවුන්ගේ පක්ෂපාතිත්වය සහ කෘතඥතාව හෘදයාංගමව සහතික කර ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව