රයිනෝ රූෆිං සමාගම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සායනික රෝගීන්ට රැඳී සිටීම සඳහා සුවපහසු ස්ථානයක් ඉදිකරයි

Rhino - Image One (LBN)

 


 

 

ශ්‍රී ලංකාවේ වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වන  රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම (Rhino Roofing Products Limited), ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සායන සංකීර්ණයට යාබදව රෝගීන්ට රැඳී සිටීම සඳහා විශේෂ ස්ථානයක් ඉදිකිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවයට රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා සහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය ප්‍රමුඛව දෙපාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ. 100 දෙනෙකුට පහසුවෙන් රැඳී සිටිය හැකි, වර්ග අඩි 1,400 ක පමණ වපසරියකින් යුත් මෙම නව රැඳී සිටීමේ ස්ථානයේ විදුලි පංකා මෙන්ම මහජන ආමන්ත්‍රණ පද්ධතියක්ද සවිකර තිබේ.

මේ සම්බන්ධයෙන් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙය රයිනෝ සමාගමේ සියලුම දෙනාට සුවිශේෂී අවස්ථාවක්. එක් අතකින් මෙය මගේ පියාණන් වූ, 1978 වර්ෂයේදී මෙම සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත් වූ අභාවප්‍රාප්ත දේශමාන්‍ය ඒ. වයි. එස්. ඥානම් මහතාගේ ජන්ම ශත සංවත්සරය සැමරීමක් වනවා. අනෙක් අතට මෙය 1962 වර්ෂයේ සිට සමූහයක් ලෙස රයිනෝ සමාගම පැමිණි ගමන්මගේ 60 වන සංවත්සරය සැමරීමක් ලෙසත් හැඳින්විය හැකියි. පාරිභෝගිකයන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා ඉහළ ගුණාත්මකභාවයකින් යුත් නිෂ්පාදන හා සේවාවන් ලබාදීමට රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම සෑමවිටම උත්සාහ කරනවා. මෙම ප්‍රජා සත්කාරය, ශ්‍රී ලංකාවේ වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධ ප්‍රමුඛයා ලෙස ජනතාවගේ යහපත වෙනුවෙන් අප ඉටුකරන මෙහෙවරට තවත් එක් උදාහරණයක්. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් මා රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. එමෙන්ම ජනතාවගේ යහපත වෙනුවෙන් දිනපතා ඉමහත් කැපවීමෙන් යුතුව සේවය කරන ගම්පහ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ස්තූතිය පළකිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය මෙම සත්කාරය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළා ය. “රයිනෝ රූෆිං වැනි ප්‍රධානපෙළේ සමාගමක් මෙවැනි ප්‍රජා සත්කාරයක් වෙනුවෙන් ඉදිරිපත් වීම ප්‍රශංසනීයයි. ඒ වෙනුවෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වනවා. මෙය දිනපතා රෝහලට පැමිණෙන දහස් සංඛ්‍යාත රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඉමහත් සහනයක් වේවි..”

සියලුම ආකාරයේ ගොඩනැගිලි සඳහා සුදුසු සෙවිලි තහඩු සහ අනෙකුත් උපාංග නිපදවන සමාගමක් ලෙස විශාල ජනප්‍රියත්වයක් හා පිළිගැනීමක් දිනා සිටින රයිනෝ, අතීතයේ පටන්ම විවිධාකාර වූ ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාවට නංවමින් සමාජයේ යහපත වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වය ලබා දී තිබේ. 2021 වසරේදී රයිනෝ විසින් COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ දැඩි සත්කාර ඒකකවල භාවිතා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්ටිලේටර් යන්ත්‍ර 8 ක් පරිත්‍යාග කරන ලද අතර, 2022 වසරේදී ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ හානි වූ ගොඩනැගිල්ලක් පිළිසකර කිරීමටද පියවර ගන්නා ලදි. ඊට පෙර, සුනාමි ව්‍යසනයෙන් 2004 වසරේදී නිවාස අහිමි වූ පවුල් 50 කට, 2006 වසරේදී නිවාස පරිත්‍යාග කළ රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම, 2016 වසරේදී එම නිවාස සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමටද කටයුතු කළේ ය.

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ දොරින් දොර කියැවෙන නාමයක් බවට පත් වී ඇති රයිනෝ, තිරසාර සංවර්ධනයේ පුරෝගාමියෙක්ද වෙයි. දිවයිනේ ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රමුඛයන්ගේ මෙන්ම නිවාස හිමියන්ගේද නොසැලෙන විශ්වාසය දිනාගැනීමට රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම සමත් වී ඇත. මෙරට අංක එකේ වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සහ සීලිං තහඩු නිපදවන සමාගම වශයෙන් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සෑම විටම උසස් තත්ත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ අව්‍යාජත්වය යන ගුණාංගවලට මුල් තැන දෙන අතර, විවිධ වැඩසටහන් ඔස්සේ සමාජයේ, පරිසරයේ සහ ආර්ථිකයේ යහපත වෙනුවෙන් අඛණ්ඩව තම දායකත්වය ලබාදෙමින් සිටී.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව