රයිගම් සමාජ මාධ්‍ය සම්මාන 2019 උළෙල මොබිටෙල් බලගන්වයි

Image 1

කොළඹ ශ්‍රී ලංකා වඩාත්ම අපේක‍ෂාවෙන් බලා සිටිනා සමාජ මාධ්‍ය සම්මාන උළෙල වන රයිගම් සමාජ මාධ්‍ය සම්මාන උළෙල (Social media award) සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාවේ ජාතික ජංගම සේවා ජාලයවන මොබිටෙල් ඉදිරිපත්වී සිටී. රයිගම් සමාගම විසින් සංවිධානය කරන මෙම සමාජ මාධ්‍ය සම්මාන උත්සවය, විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා සිය ප්‍රතිරූපය ගොඩනගාගත් සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණ කරුවන්ගේ විවිධ කුසලතා හඳුනාගන්නා නවතම අදහසකි.

නව්‍යකරණ සහ පුරෝගාමී සම්මාන උලෙලක් වන සමාජ මාධ්‍ය සම්මාන උළෙල, අන්තර්ජාලය පාදක කරගත් ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු සමාජ මාධ්‍ය සම්මාන උළෙල ද වනු ඇත. යූ-ටියුබ් හරහා වැඩිම ප්‍රේක‍ෂක සංඛ්‍යාවක් නරඹනු ඇතැයි සැලකෙන මෙම සුවිශේෂී සමාජ මාධ්‍ය 2019 – සම්මාන උත්සවය 2020 ජනවාරි 11 වන දින කොළඹ ටේ්‍රස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වේ.

සම්මාන උලෙලට අනුග්‍රහය දැක්වීම ගැන මොබිටෙල් ආයතනය ආඩම්බර වන අතර එමගින් බොහෝ විචිත්‍රවක් චරිතවල සිහින සැබෑ කරමින් නව කුසලතා අනාවරණය කර ගැනීමටත්, අවධානයට ලක් කිරීමටත් Þයකත්වය සපයයි. නව සමාජ මාධ්‍ය සම්මාන අංශය ෆේ්ස්බුක්, යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා හරහා වඩාත් හොඳම නිර්මාණ තෝරා ගන්නා අතර, සංගීත හා චිත්‍රපට ආශ්‍රීත ජයග්‍රාහී නිර්මාණකරුවන් ජූරි සම්මාන මගින් තෝරා ගනු ඇත. සහස්‍රකයින්ගේ සියලූ ප්‍රවෘත්ති සහ විනෝÞත්මක අරමුණු සඳහා තෝරාගෙන ඇති ප්‍රමුඛ මාධ්‍යය, සමාජ මාධ්‍යය වීඇති අතර, විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා ඉදිරිපත් කෙරෙන අන්තර්ගතයන්ගේ ප්‍රමිතිය මෙම සම්මාන උළෙල මගින් ඇගයීමට ලක් කරනු ඇත.

තවද, මාධ්‍ය සහ නිෂ්පාදනවල සියලූ අංශ ආවරණය වන පරිදි සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් සියලූම ඉදිරිපත් කිරීම් ඇගයීමට ලක් කරනු ලැබේ. මෙම සම්මාන උළෙල සමාජ මාධ්‍ය සම්මාන සහ වීඩියෝ සම්මාන යන ප්‍රධාන කාණ්ඩ දෙකකින් සමන්විත වන අතර පිරිනැමෙන සමස්ත සම්මාන ගණන 35කි. ජයග්‍රාහකයින්ට සුවිශේෂී කුසලාන සහ මුදල් ත්‍යාග පිිරිනැමේ. ජනපි්‍රය කාණ්ඩවල ජයග්‍රාහකයින් තෝරාගැනීම සඳහා ප්‍රේක‍ෂකයින්ට 2020 ජනවාරි 9 දින දක්වා www.SoMeawards.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිය ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව