රබර් ශාකයේ සිට අපනයන වෙළඳපල දක්වා-සියැට් කැළණි හි දී තම රබර් කිරි පරිවර්තනය වන අයුරු රබර් වගාකරුවන් දැකබලා ගනී

Rubber farmers visit (LBN)

 



 

 

Hevea brasiliensis හෙවත් රබර් ශාකයෙන් ලබා ගන්නා දියරමය රබර් කිරි, ගෝලීය වෙළඳපලෙහි  නවීන හා ඉහළ ඉල්ලූමක් ඇති නිමි භාණ්ඩ බවට පත් වන පරිවර්තනීය ගමන රබර් වගාකරුවන් දන්නා නමුත් බොහෝ විට ප‍්‍රත්‍යක්ෂ ලෙස එය දැකගත නොහැකි තත්වය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ස්වභාවික රබර් භාවිතා කරන්නෙකු විසින් නිවැරදි කරමින් සිටී.

ශ‍්‍රී ලංකාවේ වායුරෝධක ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැළණි හෝල්ඩිංග්ස්, තම කැළණියේ පිහිටි ටයර් නිෂ්පාදන සංකීර්ණයේ දී, දේශීය සහ අපනයන වෙළඳපල සඳහා ඉහළ කාර්යසාධනයක් සහිත ටයර් නිෂ්පාදනය කිරීමේ සංකීර්ණතා පිළිබඳව රබර් වගාකරුවන්ට අවබෝධයක් ලබා දීම උදෙසා වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත.

පසුගිය දා සියැට් කැළණි කර්මාන්තශාලාවට පාදුක්ක, හොරණ, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර, අකුරැස්ස, කෑගල්ල, යටියන්තොට, ගෝනගල්දෙණිය, රුවන්වැල්ල වැනි ප‍්‍රදේශවල රබර් වගාකරුවන් සහ අලෙවිකරුවන් 45 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම සඳහා ස්වභාවික රබර් මිලදී ගැනීමට අදාළ ක‍්‍රියාවලීන්, ලබාගන්නා රබර් සඳහා සිදු කරන දැඩි තත්ත්ව පරීක්ෂණ, රබර් ගබඩා කිරීමේදී දක්වන දැඩි සැලකිල්ල, තොග කළමනාකරණයේදී භාවිතා කරන first-in- first out (FIFO) ක‍්‍රමය, හා ආරම්භයේ සිට අවසාන නිමැවුම දක්වා සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය පිළිබඳව දැනුවත් කරන ලදී.

සමස්ත නිෂ්පාදන කි‍්‍රයාවලිය තුළ සිදුකරන තත්ත්ව පරීක්ෂාවන් පිළිබඳ පැවැත් වූ සවිස්තරාත්මක පැහැදිලි කිරීම, ස්වභාවික රබර් සැපයීමේදී උසස් තත්වය අඛණ්ඩව පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. නිෂ්පාදනයේ දී ස්වභාවික රබර් භාවිතය සහ ටයර් වල ගුණාත්මක භාවය කෙරෙහි එහි බලපෑම පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම, රබර් කිරි කැපීමේදී සිදුවන සුළු අතපසු වීමක් වුවද නිෂ්පාදනයේ ගුණාත්මකභාවයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව රබර් වගාකරුවන්ට අවබෝධයක් ලබා දෙන ලදී.

මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින්  සියැට් කැළණි හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා මෙසේ පැවසීය: ”අපි අපේ ස්වභාවික රබර් අවශ්‍යතාවයෙන් සියයට සියයක්ම දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදී ගන්නා නිසා අපගේ සාර්ථකත්වය වගාකරුවන්ට වැදගත් වන අතර මෙම සබඳතා ශක්තිමත් කිරීම සඳහා රබර් වගාකරුවන් සහ අලෙවිකරුවන් දැක්වූ උනන්දුව හා සමස්ත සැපයුම් දාමයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදි.”

සමාගම විසින් මෙම වැඩමුළුවට ලබා දී ඇති වැදගත්කම අවධාරණය කරමින් ඩඞ්ලානි මහතා සහ අධ්‍යක්ෂ එරාජ් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රමුඛ සියැට් කැළණි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම විසින් රබර් වගාකරුවන් සහ අලෙවිකරුවන් පිළිගනු ලැබීය.

ශ‍්‍රී ලංකාවේ සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව