රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සියැට් වෙතින් අඛණ්ඩ සහය

Schools CSR programme 2 (LBN)

රබර් වගා කරන ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීමට ආරම්භ කළ ප්‍රජා ව්‍යාපෘතියක් යටතේ රත්නපුර සහ ඇල්පිටිය ප්‍රදේශවල පාසල් හතරක සිසුන්ට සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින් පාසල් බෑග්, සපත්තු ආදී වැදගත් අවශ්‍යතා පරිත්‍යාගයක් සිදු කර ඇත.

මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ නවතම පාසල් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටතොට ප්‍රදේශයේ බටතොට විද්‍යාලය, මහවත්ත කන්ද විද්‍යාලය, එරත්න ලස්සකන්ද විද්‍යාලය සහ ඇල්පිටිය ප්‍රදේශයේ දිවිතුර ශ්‍රී ධම්මතිලක මහා විද්‍යාලයයි.

 



 

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවලින් අඩක් නිෂ්පාදනය කරන සියැට්-කැලණි සමාගම තම රබර් අවශ්‍යතාවයෙන් 100%ක්ම ලබා ගන්නේ, පවුල් 10,000ක් යැපෙන දේශීය රබර් නිෂ්පාදකයින්ගෙනි. එම රබර් වගාකරුවන්ගේ දරුවන් 236 දෙනෙකු වෙත මෙම පාසල් වලදී පාසල් බෑග් සහ සපත්තු ලබා දීම මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරිණි.

‘සියැට් කෙයාර්ස්’ ප්‍රජා ව්‍යාපෘතිවල මුලපිරීම්හි එක් කොටසක් ලෙස මතුගම අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ පාසල් දෙකක දරුවන් 119 දෙනෙකුට ප්‍රතිලාභ ලැබිණි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සියැට්-කැළණි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේය. “දේශියව නිපදවන රබර් සඳහා විශාලතම ගැනුම්කරුවෙකු ලෙස, සියැට් සෑම විටම රබර් වගාකරුවන් සිය අගය දාමයේ වැදගත් කොටසක් ලෙස සලකන අතර, ඔවුන්ගේ යහ පැවැත්ම අපගේ සාර්ථකත්වයේ වැදගත් අංගයක් වේ. අපගේ රබර් ගොවීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්වය ඉහළ නැංවීමට දායක වීම මෙම වැඩසටහනේ අරමුණයි.”

මීට අමතරව සියැට් කැලණි සමාගම විසින් තම රබර් වගාකරුවන්ට කැළණියේ පිහිටි සමාගමේ නිෂ්පාදන සංකීර්ණයේ චාරිකා සඳහා සත්කාරකත්වය ලබා දීම ද ආරම්භ  කර ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා ටයර් ආවරණය කරයි. සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු නිෂ්පාදන තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. සියැට් කැළණි හෝල්ඩිංග්ස් සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද ඉටු කරනු ලබන සියැට් කැළණි සමාගම පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 8.5 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව