රත්නපුර දිස්ත්‍රික් 13න් පහළ බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 34ක් එක් වෙති

1686375855205 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම පසුගියදා පැවැත්විණි. රත්නපුර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 34 දෙනකු  සංචිතගත කිරීම එහි දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ වැඩසටහනට බැඩ්මින්ටන් ආයතනයේ උප සභාපතිවරයකු වන බුද්ධික ද සිල්වා, හිටපු උපසභාපති පාලිත හෙට්ටිආරච්චි මහත්වරු ද සහභාගි වූහ. රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල්වල විදුහල්පතිවරු, ක්‍රීඩා උපදේශකවරු, ක්‍රීඩා භාර ආචාර්යවරු හා මාපියන් ද මේ අවස්ථාවට එක් වූහ.

අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංචිතගත කිරිමේ වැඩසටහන සඳහා Mobil, 3M සහ Li Ning අනුග්‍රාහකත්වය ලැබී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව