රට තුළ පවතින වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

JAAF Logo

 



 

 

 

සඳුදා දිනයේදී කොළඹ නගරයේ වීදීවල සහ ශ‍්‍රී ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල හටගත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් ලෙස සිදුවූ අවාසනාවන්ත සිදු වීම් හා ජීවිත හානි පිළිබඳව අප අතිශය කණගාටු වන්නෙමු. රටේ පවත්නා තත්වය හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම ජනතාවගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට බලපාන ආකාරය සහ ඉන් ඔවුන් පත්ව ඇති අසරණභාවය පිළිබඳව අප අවබෝධ කරගෙන සිටින අතර එයට අපගේ කණගාටුව ප‍්‍රකාශ කරන්නෙමු. කෙසේවෙතත් වටිනා මිනිස් ජීවිත අහිමි කරන මෙම ප‍්‍රචණ්ඩත්වය අප දැඩි ලෙස හෙලා දකින්නෙමු.

වහාම රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන ලෙස අප නායකයින්ගෙන් සහ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. මෙම ඉතා අසීරු අර්බුදය හමුවේ සාමූහිකව කටයුතු කරමින් සාර්ථකව ඉදිරියට යාම සඳහා ඔවුන් සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත සේවා පරිසරයක් සහතික කළ යුතුව ඇත.

සාමකාමී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පරිවර්තනයක් සහතික කිරීම සඳහා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය ගන්නා දැඩි උත්සාහයට අප ඒ ආකාරයෙන්ම සහයෝගය ලබා දෙන්නෙමු. ඒ සඳහා පවතින දේශපාලන අර්බුදයට වහා විසඳුම් ලබා දී නව රජයක් කඩිනමින් පත් කිරීම ඉතා වැදගත්ය.

මෙම පොදු පරමාර්ථය සාක්ෂාත් කරගැනීම සඳහා මෙන්ම රට තුළ නැවත දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට අපේක්ෂා කරන අනෙකුත් සියලූම ආයතන හා සංවිධානවල ප‍්‍රයත්නයන්ට ද අප සහාය ලබා දෙන්නෙමු:

මැයි 12, 2022

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව