රජය නියම කර ඇති 70% ක වැටුප් වැඩිවීමට එරෙහිව තමන් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව කලාපීය වැවිලි සමාගම් පවසයි

The Planters Association of Ceylon

නිසි ක්‍රියාවලියක් නොමැතිකම සහ දරාගත නොහැකිවීම මත තේ සහ රබර් අංශවල කම්කරුවන්ගේ ස්ථාවර වැටුප 70%කින් මීට පෙර නොවූ ලෙස ඉහළ නැංවීමේ පඩිපාලක සභාවේ හදිසි නියෝගයට තව දුරටත් එරෙහි වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තහවුරු කරන ලදී. එසේම අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධ තීරණයට පදනම් වූ කරුණු සළකා බැලීමටද කටයුතු කරනු ලබයි.

 



 

වැවිලි කර්මාන්තයේ තිරසාරභාවය හා කම්කරුවන්ගේ ජීවනෝපාය සහතික කිරීම සඳහා වැටුප් හා ඵලදායීතාව සම්බන්ධ විය යුතු බව වැවිලිකරුවන්ගේ සංගමයේ අදහසයි. දැනටමත් තේ වගා කරන රටවල් අතර ඉහළම නිෂ්පාදන පිරිවැය, වැටුප් සහ අවම ඵලදායීතාව සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව අලුතින් ගැසට් කරන ලද වැටුප් වැඩිවීමත් සමඟ ඉන්දියාවටත් වඩා දෙගුණයක වැටුපක් වාර්තා කරමින් ගෝලීය වෙළෙඳපොලේ සැලකිය යුතු පිරිවැය විෂමතාවක් නිර්මාණය කර ඇත.

ඒක පාර්ශවික ලෙස සිදු කළ මෙම වැටුප් ඉහළ නැංවීම කලාපීය වැවිලි සමාගම්වලට පමණක් නොව සබරගමුව සහ දකුණු පළාතේ පෞද්ගලික තේ කම්හල් 400කට අධික ප්‍රමාණයකට මෙන්ම බාහිර ශ්‍රමිකයින් යොදවා ක්‍රියාත්මක වන කුඩා තේ වතු හිමියන්ට සහ සියලුම රබර් නිෂ්පාදකයින්ටත්, කර්මාන්තශාලාවලටත් දැඩි බලපෑමක් ඇති කරනු නිසැකය.

මෙම වැටුප් වැඩිවීම හේතුවෙන් තේ කිලෝ ග්‍රෑමයකට රුපියල් 1450 දක්වා පිරිවැය ඉහළ යන අතර වෙන්දේසියේදී විකුණුම් සාමාන්‍යය, කිලෝ ග්‍රෑමයකට රුපියල් 1250ක් වන බව වැවිලිකරුවන්ගේ සංගමයේ අදහසයි. මෙම සැලකිය යුතු පිරිවැය වැඩිවීම කර්මාන්තයේ තිරසාරභාවය සඳහා බරපතල මූල්‍ය දුෂ්කරතා ඇති කරනු ඇත. මේ වන විටත් දැවැන්ත ණය බරක සිරවී සිටින වැවිලි කර්මාන්තය සැලකිල්ලට ගැනීමේදී පඩි පාලක සභාව විසින් නියම කරන ලද ව්‍යාපාරවල අසාර්ථකත්වය මූල්‍ය අංශයට ද බලපානු ඇත.

70% ස්ථාවර වැටුප් වැඩිවීම සඳහා වන පිරිවැය කර්මාන්තයේ මූල්‍ය බර ඉහළ යාමට හේතු වේ. එබැවින් සියලුම කලාපීය වැවිලි සමාගම්වල ඒකාබද්ධ තේ සහ රබර් ලාභදායිත්වයේ වාර්ෂික පිරිවැය ඉතා ඉහළ යනු ඇතැයි සංගමය පෙන්වා දෙයි- මේ වන විට සේවකයින් ස්ථාවර වැටුප් සහ ඵලදායිතාව පදනම් කරගත් වැටුප්වලට අමතරව EPF, ETF, පාරිතෝෂිත දීමනා සහ අනෙකුත් සේවාවලට ද හිමිකම් කියයි.

වැවිලි කර්මාන්තයේ සහ එහි සේවකයින්ගේ දිගුකාලීන තිරසාරත්වය, ජීවනෝපාය සුරක්ෂිත කිරීම මෙන්ම වැඩිදියුණු කිරීම සඳහා වන කැපවීම වැවිලිකරුවන්ගේ සංගමය නැවත අවධාරණය කර සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව