
කොළඹ – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සන්නාමයක් වන යෙමා මාකටින් විසින්හෝ ටල් ක්ෂේත්‍රය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද නවතම නිෂ්පාදනය ඇලෝවෙරා බොඩි ජෙල් වෙළඳපොළට නිකුත් කරන ලදී.
ISO 9001:2015 ගුණාත්මක සහතිකය යටතේ නිෂ්පාදනය කරන මෙම ජෙල්, GMP සහතිකය සහ ආයුර්වේද අනුමැතියද ලබා ඇත. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන මෙම ඇලෝවෙරා බොඩි ජෙල්, උසස් තත්ත්වයේ කෝමාරිකා භාවිතයෙන් සකස් කර ඇති අතර, සමට හිතකර සහ ස්වභාවික අමුද්‍රව්ය වලින්ද සමන්විත වේ.
යෙමා මාකටින් සමාගම සෑමවිටම ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ වර්ධනයට සහාය දක්වමින්, හෝටල් ක්ෂේත්‍රයට උසස් තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වා දීමට කැපවී ඇති බවත්, නව ඇලෝවෙරා බොඩි ජෙල් මගින් අප ශ්‍රී ලංකාවේ සංචාරය කරන සංචාරකයින්ට උසස් අත්දැකීමක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් නව නිෂ්පාදනය පිළිබඳ අදහස් දක්වමින් යෙමා මාකටින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අජන්ත තන්තූලගේ මහතා පැවසීය.
පාරිභෝගිකයින්ට යෙමා ඇලෝවෙරා බොඩි ජෙල් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට යෙමා මාකටින් නිල ෆේස්බුක් පිටුව හෝ 0777 30 60 39 අංකයට අමතමින් සම්බන්ධ විය හැක


