යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම refillable stations භාවිතය පුළුල් කිරීමට USAID සහ Vega සමඟ අත්වැල් බැඳගනියි

Image (LBN)

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම , Vega Innovation සහ United States Agency for International Development’s (USAID) සමඟ සහයෝගීතාවයට එළැඹෙමින් refillable stations භාවිතය ඉහළ නැංවීමට පසුගියදා කටයුතු කරන ලදී. Vega Innovation හි UFill වැඩසටහනෙහි කොටසක් වන මෙම මධ්‍යස්ථාන හරහා පාරිභෝගිකයන්ට රෙදි සෝදන දියර සහ ෂැම්පු වැනි යුනිලිවර් නිෂ්පාදන නැවත පිරවීම සඳහා පිරිවැය ඉතිරිකරන ඵලදායී ක්‍රම ලබාදෙන අතරම තනි ප්ලාස්ටික් ඇසුරුම් මත යැපීම අවම කරනු ලබයි.
 



 
2027 වසර වනවිට UFill මුලපිරීම මඟින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 128කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ කසළ ගොඩකිරීම් වලට ඇතුල්වීම වැළැක්වීමට අපේක්ෂා කරනු ලබයි. නව ඇසුරුම් මිලදී ගැනීම වෙනුවට නැවත පිරවීමෙන් 20-30%ක අඩු පිරිවැයකින් පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇත. USAID Ocean Plastic Reduction Activity මඟින් මෙම ප්‍රයත්නයන් සඳහා උපායමාර්ගික සහ තාක්ෂණික සහයෝගය ලබාදෙනු ඇත.

මෙම හවුල්කාරීත්වය විධිමත් කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම Vega Innovation මූලස්ථානයේදී සිදු වූ අතර එය ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ ප්‍රයත්නයේ සන්ධිස්ථානයකි. මෙය යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම හා Vega Innovation සමාගම විසින් පවත්වාගෙන යනු ලබන කොළඹ කොටුව දුම්රිය ස්ථානය, සේවා වනිතා අයවැය මධ්‍යස්ථානය සහ මහල් නිවාස සංකීර්ණ වැනි ස්ථානවල පවතින නැවත පිරවුම් ජාලය මත ගොඩනැගෙන අතර දිප ව්‍යාප්තව මෙම මධ්‍යස්ථාන ප්‍රචලිත කිරීමට සැලසුම් කර තිබේ.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවමකිරීම හා වකුු ආර්ථිකය උපාය මාර්ගයක් ලෙස එය භාවිතා කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම හා USAID, EY සහයෝගීතාවයක් මෙම වසර මුලදී දියත් කරන ලදී. මෙම වැඩසටහනේදී මුලිකව අවධානය යොමු කර ඇත්තේ ඉන්දියාව , ඉන්දුනීසියාව හා වියට්නාමය , පිලීපිනය කෙරෙහිය.

යුනිලිවර්  ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අලි තාරික් මහතා මේ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “යුනිලිවර් සමාගමේ අභිලාෂය වනුයේ එකතු කිරීමේ, අවම කිරීම හා සහයෝගීතාවය තුළින් ප්ලාස්ටික් දුෂණය තුරන් කිරීමයි. නැවත පිරවිය හැකි සහ නැවත භාවිත කළ හැකි පද්ධති ඇතුළුව පාරිභෝගිකයන්ට අපගේ නිෂ්පාදන මිලදීගැනීමට සහ භාවිතා කිරීමට නව ක්‍රම සොයාගැනීමට අපි නිරතුරුව කැපවී සිටිමු. USAID සහ Vega Innovations සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය Dove, Lifebuoy, Sunsilk, Sunlight සහ Vim වැනි පාරිභෝගිකයන් වඩාත් ප්‍රියකරන සන්නාමයන් වඩාත් පහසු හා දැරීය හැකි තිරසාර ක්‍රමවේදයන් හරහා ඔවුන්ට ලබාදීමට අපට උපකාරී වනු ඇත.”

Vega Innovation හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ” UFill වැනි නව්‍ය විසඳුම් හරහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවමකිරීමේ වගකීම භාරගැනීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බරයට පත්වෙමු. USAID හි සහයෝගයෙන් අපට අපගේ ජාලය තවදුරටත් පුළුල් කිරීමට සහ පාරිභෝගිකයන්ට ඔවුන්ගෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතය අවමකරමින් පරිසර හිතකාමී පහසු ක්‍රමවේදයක් ලබාදීමට කටයුතු කරනවා.”

‘ප්‍රායෝගික, පරිමාණය කළ හැකි විසඳුම් හඳුන්වාදීමෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන නිසා එක්සත් ජනපදය මෙවැනි හවුල්කාරීත්වයන්ට සහයෝගය දක්වනු ලබනවා. මෙම හවුල්කාරීත්වය තුළින් අපි ශ්‍රී ලංකාවට තිරසාර පරිභෝජනය යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමට උපකාර කරවනවා” යනුවෙන් USAID ශ්‍රී ලංකා වැඩබලන නියෝජ්‍ය දූත මණ්ඩල අධ්‍යක්ෂ ඈන් බේකන් සිය අදහස් දැක්වීය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව