මොරිසන් සමාගමේ “සුව දැය” ප්‍රජා සත්කාර මෙහෙවර ඇරඹේ

Image 01 – Providing healthy morning meals to patients visiting government diabetic clinics - Morison (LBN)

 



 

 

හේමාස් සමූහයට අයත් සමාගමක් වන, මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ වසර 60 කට අධික ඉතිහාසයක් සහිත මොරිසන් සමාගම “සුව දැය” නමින් නව ප්‍රජා සත්කාර වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙය සියලු ශ්‍රී ලාංකිකයන් හට උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම සඳහා මොරිසන් සමාගම දරන උත්සහයෙන් ඔබ්බට ගිය තවත් නැවුම් පියවරකි.

තම ව්‍යාපාර කටයුතුවලදී සෑමවිටම විශ්වාසනීයත්වය පවත්වා ගැනීමට මොරිසන් සමාගම උත්සාහ කරයි. මෙම විශ්වාසනීයත්වය පෙරදැරිව සමාජයට කෘතගුණ සැලකීම මොරිසන් ප්‍රජා සත්කාර මෙහෙවරෙහි අරමුණ වන අතර, “සුව දැය” මෙහෙවර ඔස්සේ රෝගීන් හා සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් පමණක් නොව තම කාර්ය මණ්ඩලය ඇතුළුව සමස්ත මහජනතාවට යහපතක් සිදුකිරීම මොරිසන් සමාගමේ පරමාර්ථය වී තිබේ.

රජයේ රෝහල්වල දියවැඩියා සායනවලට සහභාගී වන රෝගීන් ඇතැම්විට උදෑසන ආහාරය පවා නොගෙන එම සායනවල පෝලිම් වෙත පැමිණෙති. මෙම ගැටලුව හඳුනාගෙන, එම   රෝගීන්ට උදෑසන සෞඛ්‍ය සම්පන්න ආහාරපාන ලබාදෙමින් මොරිසන් සමාගම “සුව දැය” එළිදක්වන ලදී. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙම මෙහෙවර රටේ ජනතාවට ඉමහත් සහනයක් වන බැවින්, කළුබෝවිල ශික්ෂණ රෝහල, බලන්ගොඩ මූලික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයක දියවැඩියා සායන 15 ක රෝගීන්ට මෙලෙස උදෑසන ආහාරපාන පිරිනැමීමට මොරිසන් සමාගම කටයුතු කළේ ය.

මීට අමතරව, “සුව දැය” වැඩසටහනේ තවත් දිගුවක් වශයෙන්, මොරිසන් සමාගමේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ යහපත වෙනුවෙන් “අපේ සුව දැය” නමින් විශේෂ වැඩසටහනක්ද ක්‍රියාවට නංවන ලදී. මේ යටතේ මොරිසන් සමාගමේ නවතම නිෂ්පාදන වන EmpaMor (Empagliflozin 10mg & 25mg), MinMor (Metformin 500mg) සහ Ros-10 (Rosuvastatin 10mg) යන ඖෂධ වර්ග මාසිකව නොමිලේ ලබාදීම සිදුකෙරේ. මෙම ඖෂධ, රටේ වැඩි වශයෙන්ම වාර්තා වන බෝ නොවන රෝග ලෙස සැලකෙන දියවැඩියාව සහ හදවත් රෝග සඳහා භාවිතා කරනු ලබයි. වෛද්‍යවරයෙකු විසින් මොරිසන් සමාගමේ සේවකයෙකුට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකුට මෙම ඖෂධ නිර්දේශ කර ඇතිනම්, අදාළ සේවකයාගේ සේවා කාලය තුළ මාසිකව එම ඖෂධ නොමිලේ ලබාගත හැකි වේ.

“දුෂ්කරම අවස්ථාවලදී පවා අපගේ අරමුණු යථාර්ථයක් බවට පත්කර ගැනීමට අපගේ කාර්ය මණ්ඩලය ඉමහත් දායකත්වයක් ලබා දෙයි. එම නිසා “සුව දැය” වැඩසටහන තුළ සුවිශේෂ ස්ථානයක් ඔවුන්ට හිමි විය යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.  “අපේ සුව දැය” වැඩසටහන එහි නවතම පියවර ලෙස හැඳින්වීමට පුළුවන්. මෙමගින් අපගේ කාර්ය මණ්ඩලයටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ටත් අප නිෂ්පාදනය කරන ඖෂධ නොමිලේ ලබාගැනීමට අවස්ථාව හිමිවෙනවා.” මොරිසන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් අතපත්තු මහතා පැවසී ය.

ඉදිරියේදී “සුව දැය” වැඩසටහන තුළින් තමන් හා සබැඳි සියලුම පාර්ශ්වකරුවන් වෙනුවෙන් මීටත් වඩා පුළුල් මෙහෙවරක් ඉටුකරමින්, ඒ ඔස්සේ දේශීය ඖෂධ කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීම මොරිසන් සමාගමේ අරමුණ වී ඇත.

මෑතකාලීනව මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තය තුළ යහපත් වෙනස්කම් රැසක් සිදුකිරීම සඳහා මොරිසන් සමාගම පෙරමුණ ගෙන තිබේ. ඒ යටතේ තම දෙවැනි ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව හෝමාගමදී විවෘත කිරීමට සමාගම වසරකට පමණ පෙර පියවර ගන්නා ලදී. අතිනවීන පහසුකම් වලින් සමන්විත, EU GMP නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූල මෙම කර්මාන්තශාලාව, මොරිසන් සමාගමේ ඉදිරි ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.

මොරිසන් සමාගම යනු සුවිශේෂී වටිනාකම් රැසක් මූලික කරගත් ශ්‍රී ලංකික සමාගමකි. උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම යන මූලික අරමුණ පෙර දැරි කර ගනිමින් එළිදක්වන ලද එහි නවතම ඖෂධ සන්නාම සහිත නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකීය ඖෂධ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කරමින් පවතී.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව