මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන නාවුල ජනතාවට විනෝදාස්වාදය ලබාදෙයි

Image (1)

කොළඹ රටපුරා විසිරුණු ජනතාවට සතුට වින්දනය සහ සුවිශේෂී අත්දැකීම් ලබාගෙන මොබිටෙල් ආයතනය මෑතකදී සැවොම ආසාවෙන් බලාසිටින කෑෂ් බොනැන්සා වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් නාවුල නගරයේ දී පැවැත්වීය. සැණකෙළියක් බ`දුවූ මෙම වැඩසටහනට නාවුල ප‍්‍රදේශයේ සහ අවට ජනතාවගේ විශාල සහභාගීත්වයක් දක්නට ලැබිණි. වසර ගණනාවක් පුරා පවුලේ සැමටම එකට සිට විනෝදාස්වාදය ලබාගත හැකිවන පරිදි පවත්වන මෙම වැඩසටහන් මාලාව, විවිධ තිරසර වැඩසටහන් ද හ`දුන්වාදෙමින් රටේ ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් ආයතනය විසින් මනාව සංවිධානය කරනු ලබයි.

රුපියල් 50ක් හෝ ඊට වැඩි සියලූම පෙර ගෙවුම්, පසුගෙවුම් සහ බ්‍රෝඞ්බෑන්ඞ් සබ`දතාවන් රීචාර්ජ් කිරීම් මෙන්ම බිල්ගෙවීම් මෙම මොබිටෙල් කෑෂ් බොනැන්සා තරගයේ දිනුම් ඇ`දීමට ස්වංක‍්‍රියව ඇතුළත් වේ. පෙර ගෙවුම් පැකේජ ඇති පාරිභෝගිකයන්ට දිනාගත් අගයට සමාන කතා කාලයක් ලබාගැනීමේ හැකියාව සහ පසු ගෙවුම් පැකේජ ඇති පාරිභෝගිකයන්ට තමන් දිනාගත් අගයට සමාන අගයක් තමන් සතු බිලේ අගයෙන් අඩුකිරීම සිදුකරයි. ජයග‍්‍රහකයන්ව තැපැල් ම`ගින් සම්බන්ධකර ගැනීම සහ මොබිටෙල් පාරිභෝගික සේවා අංකයවන 0172755777 අංකයෙන් සම්බන්ධ කරගැනීම සිදුවන අතර ජයග‍්‍රහණය කළ ඕනෑම ත්‍යාගයකට කිසිදු අයකිරීමක් ලබානොගනී.

මොබිටෙල් කෑෂ් බොනැන්සා හරහා අවශ්‍යතාවයන් ඇති ජන කණ්ඩායම්වලට සහයෝගය ලබාදීම වෙනුවෙන් සමාජ සුබසාධන මූලිකත්ව වැඩසටහන් සිදුකරයි. අක්ෂි සායන සේවා, රුධිර සහ රුධිර පීඩන පරීක්ෂණ, ඇස් කණ්ණාඩි බෙදාදීම සහ තවත් සේවා රැුසක් නාවුල පැවතී මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහනේ දී නොමිලේ ලබාදීම සිදුවිය. අක්ෂි තාක්ෂණ විශේෂඥයින් ම`ගින් මෙම අක්ෂි පරීක්ෂණ සේවා සිදුකරන අතර උපහාර පැකේජ හිමි පාරිභෝගිකයන් 1000ක් අතර නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීම ද සිදුවිය. වැඩිදුරටත් ජාතික හැ`දුන්ම්පත් ලබාදීමේ සහ අලූත්කිරීමේ පහසුකම් සළසන කුටියක් මෙහි ස්ථාපිත කර තිබූ අතර විශාල පිරිසක් පැමිණ තමන්ගේ ජාතික හැ`දුනුම්පත් ලබාගැනීම සහ අලූත් කිරීම සිදුකළේය.

මීට අමතරව එදිනට නාවුල ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාවට තමන්ගේ ඊ-කසළ මොබිටෙල් කෑෂ් බොනැන්සා භූමියට රැුගෙන එන ලෙස මොබිටෙල් ආයතනය විසින් දැනුවත් කිරීමක් සිදුකළේය. පරණ ජංගම දුරකථන, පරණ පරිගණක, දුරකථන බැටරි, ප‍්‍රින්ටර් සහ තවත් එවැනි ඊ-කසළ භාරගැනීම ස`දහා මොබිටෙල් විසින් ඊ-කසළ භාරගන්නා කුටියක් එම භූමියෙන් ස්ථාපිත කරනු ලැබීය. එම කුටියේ දී එකතුකරගන්නා ඊ-කසළවලින් පරිසරයට සිදුවන නරක බලපෑම ඉතාම අඩුවන ආකාරයට පරිසර නීතිරීති වලට අනූව වගකීම් සහගත ආකාරයට බැහැර කිරීම/ප‍්‍රතිචක‍්‍රීකරණය සිදුකරයි. මෙම මූලිකත්ව වැඩසටහන ම`ගින් ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාවට ඊ-කසළ නිවැරදි ලෙස බැහැර කිරීමේ වැදගත්කම සහ එවන් කසළ වලින් තොරව පරිසරය ආරක්ෂාකිරීමේ වැදගත්කම වටහාදීමට හැකිවනු ඇතැයි මොබිටෙල් අපේක්ෂා කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව