
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම විසින් ලෝක කාන්තා දිනය පසුගියදා ඉතා අභිමානවත් ලෙස සමරන ලදී. ආයතනයේ සේවයේ නිරත වන කාන්තාවන්ට ත්‍යාග පිරිනමමින් ඔවුන් මෙල්වා ආයතනයේ අභිවෘද්ධියට දක්වන දායකත්වය අගය කිරීම එහිදී සිදු විය. මෙල්වා සමාගම සිය මෙහෙයුම් හා නිෂ්පාදන ක්‍රියාවලියේදී කාන්තාවන් දක්වන දායකත්වය සෑම විටම අගය කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට විශේෂයෙන් මෙරටට විදේශ විනිමය රැගෙන ඒමට කාන්තාවන් දක්වන දායකත්වය පිළිබඳව මෙල්වා සමාගමට සෑම විටම ඇත්තේ ගෞරවණීය හැඟීමකි. මෙවර කාන්තා දින උත්සවය උත්කර්ෂවත් ලෙස සමරමින් මෙල්වා සමාගම අවධාරණය කර සිටියේ පවුලේ මෙන්ම රටේ ආර්ථිකයේද ජීවනාලිය කාන්තාවන් බවයි.
සිය ආයතනික සමාජ වගකීම මනාව අවබෝධ කර ගනිමින් විවිධ සමාජ සුභසාධන වැඩසටහන් දියත් කරන මෙල්වා සමාගම සිය සේවක සේවිකාවන්ගේ දරුවන්ට නව වසරක් ආරම්භයේදී පාසල් පොත් හා පාසල් උපකරණ බෙදා දෙයි. මෙල්වා සමාගම සිය සේවක සේවිකාවන්ගේ පමණක් නොව රට පුරා ජීවත් වන විවිධ ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කරයි. අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් විශ්ව විද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඒ අතරින් ප්‍රධාන වේ. පසුගිය වසර දහයක කාලය තුළ එම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබා උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ සිසුන් සංඛ්‍යාව 3,000කට අධික වේ. මෙල්වා සමාගම අනුග්‍රහය දක්වන අනෙකුත් ව්‍යාපෘති අතර පරිසර සංරක්ෂණය සහ නගර අලංකරණය ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව, එම සමාගම ඉදි කිරීම් ශිල්පීන්ට පිළිගත් වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට අවශ්‍ය සහාය දෙයි. රට පුරා ජීවත් වන ප්‍රජාව බල ගන්වමින් ඔවුන්ගේ අභිලාෂ ඉටු කර ගැනීමට සහාය වීමට එම සමාගම සතු කැපවීම මේ සියලු ව්‍යාපෘති තුළින් පිළිබිඹු වේ.