මෙල්වා සමාගම පොළොන්නරුවේ තාක්ෂණ නිලධාරින්ට සහ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළු දෙකක් පවත්වයි

MELWA IMAGE - 1 (LBN)

ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තාක්ෂණ නිලධාරින් වෙනුවෙන් ඉදි කිරීම් කර්මාන්තය පිළිබඳ වැඩමුළුවක් පොළොන්නරුව රූ ඉන් චායා හෝටලයේදී පවත්වන ලදී. මේ සඳහා තාක්ෂණ නිලධාරීහු 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ. එසේම ඊ‌ට සමගාමීව ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සහ එම ශිල්පීන්ට ජාතික වශයෙන් පිළිගත් NVQ තෙවැනි මට්ටමේ සුදුසුකම හිමි කර දීමේ අරමුණෙන් විශේෂ පුහුණු වැඩසටහනක් හිඟුරක්ගොඩ ගෝල්ඩන් ෆ්ලවර් හෝටලයේදී පවත්වන ලදී.

 



 

මෙල්වා සමාගමේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට 200කට ආසන්න මේසන් හා වෙල්ඩින් ශිල්පීහු සහභාගී  වූහ. මෙම වැඩසටහනේදී ඉදි කිරීම් කටයුතු සඳහා නිවැරැදි තාක්ෂණය යොදා ගනිමින් වානේ කම්බි හා GI බට භාවිත කරන ආකාරය පිළිබඳව එම ශිල්පීන්ව දැනුවත් කරන ලදී. එසේම වැඩමුළුව සඳහා සහභාගී වුණු සියලු දෙනාටම මෙල්වා සමාගම විසින් වටිනා සහතිකයක්ද පිරිනමන ලදී. වැඩසටහන සඳහා සහභාගී වූ පිරිසෙන් තෝරා ගත් කණ්ඩායමකට ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය පිරිනමන NVQ තෙවැනි මට්ටමේ ජාතික සහතිකය හිමි කර ගැනීමට අවශ්‍ය පුහුණු සහ මූල්‍ය දායකත්වය මෙල්වා සමාගම විසින් සපයන ලදී. මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට වටිනා උපකරණ කට්ටලයක් පිරිනැමීමටද මෙල්වා සමාගම කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන්ට නිසි වෘත්තීය පුහුණුවක් සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ලිඛිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අවස්ථාව උදා කර දීමේ අරමුණෙන් මෙල්වා සමාගම මෙම වැඩසටහන් මාලාව දිවයින පුරා ක්‍රියාත්මක කරයි. පළපුරුද්දට අමතරව NVQ වැනි පිළිගත් වෘත්තීය සුදුසුකමක් තිබීම දෙස් විදෙස් රැකියා අවස්ථා උදා කර ගැනීමට විශේෂ සුදුසුකමක් වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව